
'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන එන්නත්, හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ, එරට ඖෂධ පාලන අධිකාරියයි. එන්නත ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලු ඇති නම්, අදාළ වෛද්‍ය වාර්තා සමඟ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ඖෂධ පාලන අධිකාරිය ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී ඇත.
ඒ අනුව, මේ වනවිට එන්නත් ලබා ගැනීමෙන් පසු මතු වුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 79,000 ක් ඖෂධ පාලන අධිකාරියට ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 10,000 ක පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ මෙම 79,000 අතරිනි.
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ මේවනවිට එන්නත් මාත්‍රා මිලියන 36.8 ක් එරට වැසියන්ට ලබා දී ඇති අතර, එන්නත් ලබා ගැනීමෙන් 9 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. එන්නත ලබා ගැනිමෙන් පසු සෞඛ්‍ය ගැටලු මතුවූයේ යැයි පැමිණිලි කළ වැඩි දෙනා අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් ය.
ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ 'ෆයිසර්' සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත්ය. 'ෆයිසර්' එන්නත් ලබාගත් 288 දෙනකුගේ හෘදයට හානි සිදුවී ඇති බවටත්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා ගත් 160 රුධිර කැටි ගැසීම් නිසා රෝගී වී ඇති බවටත් පැමිණිලි ලැබී තිබේ.
යම් කිසි ඕස්ට්‍රේලියානුවකුට එන්නත් ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවූයේ නම්, ඒ වෙනුවෙන් වන්දි ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000 ක මුදලක් ලබා දෙන බව බලධාරීන් පවසා තිබේ. ලැබෙන පැමිණිලි විමර්ශනයට විශේෂ වෛද්‍ය කමිටුවක් ද පත් කර ඇත.
ඒ අනුව ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට සිදුවනු ඇතැයි පැවැසෙන මුලු වන්දි මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 37) බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තියෙන්නේ දැන් හරිනේ
මේ එන්නත් කිසිම ඉවක් බවක් නැතිව මිනිස්සුන්ට දුන්නේ මේ ලෝකේ මිනිස් සංහතියා අතුගාලා දන්නා ද මන්දා.
වැඩකට නැති එන්නත්
ඉන්දියානු මීඩියා හැර මේ පුවත වෙන තැන් වල නැත්තේ මොකද?
අපේ රටේ නම් එන්නත් දෙකම විදලා අතුරු ආබාධ ආවත්, මැරුණත්, ඒ ගැන කතා කිරීමක් නැහැ.
සමස්තයක් වශයෙන්, චිකිත්සක භාණ්ඩ පරිපාලනය (TGA) ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් තුනට අදාළ අහිතකර සිදුවීම් වාර්තා 79,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙම අතුරු ආබාධවලින් අතිමහත් බහුතරයක් සුළු ඒවා වන අතර දේශීය හිසරදය සහ තෙහෙට්ටුව වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ බහුලව වාර්තා වේ.
මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.., මේක අමූලික බොරුවක්..!