ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අගනුවර වන කැන්බරා දක්වා ගමන්ගත් ගුවන් යානයක් ගොඩබැස්වීමට යාමේදී එහි එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී තිබේ. එහෙත් පුදුමයකට මෙන්ම එම එන්ජින් දෙකම තත්ත්පර කිහිපයට පසුව නැවතත් ස්වංක්‍රීයවම පණගැන්වීම නිසා ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට හැකිවී ඇත.
දැඩි වර්ෂාව මැද ඇතිවන්නට ගිය මෙම අනතුර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ආරක්‍ෂණ කාර්යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
‘වර්ජින්’ ගුවන් සේවයට අයත් ඒ.ටී.ආර්. 72-600 වර්ගයේ මෙම ගුවන් යානය එන්ජින් දෙකකින් සමන්විතය. එය අඩි 11,000 පමණ ඉහළ අහසේ සිට පහළට එද්දී එහි දකුණු එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඇණහිටි අතර ගිනිදළු කිහිපයක් විහිදී ගියේය. මෙවන් ගිනිදළු පැන නගින්නේ එහි ඉන්ධන දහනය වන කොටසේ ගිනිදළු ඇතිවීමේදීය. එවන් අවස්ථාවකදී එය එන්ජිම ඉබේම ක්‍රියාවිරහිත වූ සුළං පෙති කරකැවීම නවතා දමයි.
තත්ත්පර 5 කට පසුව එන්ජිම ස්වංක්‍රීයවම පණගැන්විණි. ඒ වන විට අඩි 10,000 මට්ටමේ තිබුණ ගුවන් යානය උපද්‍රවයකින් තොරව පහතට එන්නට විය. ඒ සමගම වාගේ වම් පස එන්ජිමද ක්‍රියා විරහිත වී නැවතත් ස්වයංක්‍රීයව පණගැන්විණි. වහාම ක්‍රියාත්මක වූ ගුවන් නියමුවෝ ස්වයංක්‍රීය නොවන එන්ජිම පණගන්වා ගනිමින් යානය නිරුපද්‍රිතව කැන්බරා ගුවන් තොටුපොළට ගොඩබැස්වූහ.
වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයේ ප්‍රකාශිකාවක් කියා සිටියේ එන්ජිමේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ආරක්‍ෂණ කාර්යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.
“මෙම ගුවන් යානය සිඞ්නි සිට කැන්බරා දක්වා ගිය එකක්. එය කිසිම ප්‍රශ්නයකින් තොරව ගොඩබාලා තියෙනවා. මගීන් කිසිවකුට එයින් බලපෑමක් ඇතිවී නෑ” යයි ඇය කීවාය.
(63226 )
COMMENTS
සිදුවීමට ගිය කණගාටුදාායක සිදුවීම අහඹු ආකාරයට වැළකීයාම සතුටුදායකයි. අහඹු සිදුවීම් නිතර සිදු නොවන බැවින් දෝශ නිරවුල් කිරීම සිදුවිය යුතුය
ඉන්ධන සමග ඉතා සුළු ප්‍රතිශතයක් ජලය මිශ්‍ර වී තිබෙනවා. ඉහල අහසේ ඇති ඉතා අඩු උෂ්ණත්වයේදී මෙම ජලය අයිස් බවට පත්වෙන නමුත් එම අයිස් දහන කුටියට යාම වැලක්වීමට විවිධ ෆිල්ටර වර්ග යොදාගැනෙනවා. මෙම අයිස් මුළු ෆිල්ටරයම අවහිර කලොත් දහනය සඳහා තෙල් නොමැතිවීමෙන් එන්ජින් තාවකාලිකව ක්‍රියා විරහිත වෙනවා. එසේත් නැත්නම් ඉහල අහසේදී ගිනිකඳු වලින් නිකුත්වූ අළු ඉන්ජින් තුලට ගියාමත් මෙසේ වෙනවා.
රවීගේ ටිකිරි මොලේ!!!!!
ඔය ප්ල්නේ එක ලංකාවට එවන්න දියවන්නාවේ කට්ටිය යවන්න.