IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


’’එදා අන්තවාදී බෝම්බ අද ගෑස් බෝම්බ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බෙදුම්වාදීන්ගේ සහ ආගමික අන්තවාදීන්ගේ බෝම්බ පිපිරීම්වලින්  දුක් කරදර ව්ඳී ජනතාවට  අද ගෑස් සිලින්ඩර පිපිරීමෙන් එවැනිම දුක් කරදර විඳීමට සිදුවී ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30)පැවැසීය.

ගෑස්  සංයුතියේ වෙනසක් නිසා මෙලෙස පුපුරා යන බව විද්වතුන් මත පළ කර ඇතැයිද  හෙතෙම  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂනායකවරයා මෙම ප්‍රශ්නය මතු කරමින් මෙසේද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බව වාර්තා වේ. මෙම සියලුම පාරිභෝගිකයන් සඳහා ගෑස් සැපයීම සිදු කරනු ලබන්නේ සමාගම් දෙකක් විසින්ය. පසුගිය කාලසීමාව තුළ වැලිගම, අලව්ව, රත්නපුර, කොළඹ, කොට්ටාව හා නිකවැරටිය යන ප්‍රදේශවල දිගින් දිගටම සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සමග ලංකාවේ ගෘහස්ථ ගෑස් භාවිතය සම්බන්ධයෙන් භීතියක් ජනතාව තුළ හටගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මා  පසුගිය සෙනසුරාදා දින එනම්, 2021 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධයෙන්  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින්  යම් කරුණු පැහැදිලි කිරීමක් කරන ලදී. එම පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බැවින්, පාරිභෝගික සුරක්ෂිතතාවයට, රටේ ගෘහණියන්ගේ හා නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්,  නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ලබා ගැනීමට මෙම ගැටලුව ස්ථාවර නියෝග 27 (2) ප්‍රශ්නයක් යටතේ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි.

මෙහි මූලාරම්භය සිදු වනුයේ, මෙම වසරේ මුල් භාගයේ දී ලීටර 18 ක හයිබ්‍රිඩ් නමින් හඳුන්වාගත් ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමත් සමග ය. පාරිභෝගික ජනතාව නොමඟ යවමින්, අධික ලාභයක් ලැබීම සඳහා මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇත.  එසේම, පාරිභෝගික අධිකාරිය හෝ වෙනයම් අදාල රාජ්‍ය ආයතනයක් හෝ නිසි පරිදි දැනුම්වත් කර මෙය සිදු නොකළ හෙයින් එම ක්‍රියාව නැවැත්වූ බවත්, එම ගෑස් වෙළඳපොළෙන් ඉවත් කළ බවත් රාජ්‍ය අමාත්‍යතුමා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී පැවසීය. රාජ්‍ය අමාත්‍යතුමාට අනුව එම වංචනික ක්‍රියාව අවසන් විය. එය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා ඇත.

කෙසේ වෙතත් ගෑස් කාන්දු වීම් මගින් පිපුරුම් අනතුරු රටපුරා වාර්තා වේ. ලීටර 18 ගෑස් සිලින්ඩර වංචාවේ දී අනාවරණය වූ එක් ප්‍රධානතම ගැටලුවක් වනුයේ, සංයුතිය වෙනස් කොට ගෑස් සිලින්ඩරයේ බර අඩු කිරීමයි. දෙවැනි බරපතලම ගැටලුව වූයේ, අප වැනි ඝර්ම කලාපීය රටකට කිසිසේත් ම නොගැලපෙන සංයුතියකට ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන්, බියුටේන් මිශ්‍රණ ප්‍රතිශත වෙනස් කිරීමයි. එනම්, රාජ්‍ය අමාත්‍යතුමා මෙම සභාවට පැහැදිලි කළ අයුරින් මෙම වංචාව සදහා ගෑස් සිලින්ඩරයක එතෙක් පැවති බියුටේන් හා ප්‍රොපේන් සංයුතිය 70:30 සිට 50:50 දක්වා වෙනස් කර ඇත.

මෙම සංයුතියේ වෙනස සම්බන්ධයෙන් තහවුරු කළ වාර්තා තිබෙන බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ හා සපුගස්කන්ද පිරිපහදුව රසායනාගාර හිටපු ප්‍රධානී විසින් මෑතකදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කොට තිබිණ. ඒ සම්බන්ධයෙන් වන Intertek වාර්තාව එය වැඩිදුරටත් තහවුරු කරයි.

සංයුතියේ වෙනස නිසා සිලින්ඩරයවල හටගන්නා දැඩි පීඩනය, ගෑස් සිලින්ඩරයේ වැල් එකට හෝ රෙගියුලේටර් කොටස් වලට ඔරොත්තු නොදීමෙන් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වී යෑමේ ඉඩකඩක් හටගනී. මේ සම්බන්ධයෙන් රජයේ රසායනාගාර පරීක්ෂණ වාර්තා කෙසේ වෙතත් බියට පත් මහජනතාව සබන් දියර හා ජලය යොදා ගනිමින් ගෑස් කාන්දු වන සිලින්ඩර රට පුරා තවමත් ඇති බවට බොහෝ වීඩියෝ පට සමාජ ජාල වලට මුදා හැර ඇත.

මෙසේ ගෑස් කාන්දු වීමක් නිසා බරපතළ හානි සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමන්ට, ගල්විෂයභාර අමාත්‍යවරුන්ට මෙන්ම ජනාධිපතිතුමාද සිදු කළ බවට සාක්ෂි මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. බෙදුම්වාදීන්ගේ පිපුරුම් වලින් වසර තිහකට ආසන්න කාලයක් බැට කෑ සහ, ආගමික අන්තවාදීන්ගේ පිපුරුම් වලින් නැවතත් මරණ බිය ඇති කර ගත් අප රටේ ජනතාවට සිදුව ඇත්තේ ආරක්ෂිත යැයි විශ්වාසයෙන් මිලටගත් ගෑස් සිලින්ඩරයක් කුමන මොහොතේ පිපිරේදැයි යන බියෙන් මුළුතැන්ගෙට යාමටයි.

ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

01. ගෘහස්ථ පරිභෝජනය සඳහා වෙළඳපොලේ විකුණනු ලබන ගෑස් සිලින්ඩරයක සංයුතිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති ප්‍රමිතිය කවරේ ද? එහි ප්‍රොපේන් හා බියුටේන් සංයුතියේ ප්‍රමිතිය සඳහන් නොවන්නේ නම් දැනට හදුනාගෙන ඇති අනෙකුත් ප්‍රමිතීන් ගෑස් සැපයුම සිදු කරන ආයතන දෙකම අනුගමනය කරන බවට රජයට සහතික විය හැකි ද? ඒ සම්බන්ධයෙන් මෙම වසරේ දී සිදු කළ පරීක්ෂණ වාර්තා සභාගත කරන්නේ ද?

02. 2021 ජනවාරි පළමු වනදා සිට අද දක්වා මෙම සමාගම් දෙක විසින් ගෑස් ආනයනය සඳහා සිදුකළ ඇනවුම් ප්‍රමාණයන් කවරේ ද? එසේ මිලදී ගත් රටවල් හා ආයතන කවරේ ද? ඒවායේ සම්පූර්ණ පිරිවිතරයන් හා වටිනාකම් සභාගත කරන්නේ ද? එම එක් එක් ඇණවුම වෙනුවෙන් ඉල්ලා සිටි ඇණවුමේ සඳහන් ප්‍රොපේන් බියුටේන් සංයුතිය සභාගත කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

03. ඒ අනුව 50:50 සංයුතියන්ගෙන් මෙරටට ගෙන්වූ ගෑස් ධාරිතාවය මෙට්‍රික් ටොන් කොපමණ ද? එම සංයුතියේ ගෑස් සිලින්ඩර කීයක් වෙළඳපොළට නිකුත් කළේ ද? ඒ සියල්ල වෙළඳපොලෙන් මේ වන විට ඉවත් කර තිබේ ද? ඒ සම්බන්ධයෙන් රජයට සහතික විය හැකි ද?

04. ප්‍රමිතියෙන් තොරවීම නිසා වෙළඳපොළෙන් ඉවත් කළේ යැයි අමාත්‍යතුමා  පැවසූ ගෑස් සඳහා සිදු කළේ කුමක් ද? ඒ සියල්ල විනාශ කළේ ද? ප්‍රති නැව්ගත සිදු කළේ ද? නැතහොත් වෙනයම් කාර්යයක් සඳහා යොදා ගත්තේ ද? මෙසේ ප්‍රමිතියෙන් තොර සියලු ගෑස් වෙළෙඳපොළෙන් මෙන්ම ශ්‍රී ලංකා භූමියෙන් ද ඉවත් කොට ඇති බවට විගණනයක් සිදු කර ඇත් ද? එම විගණන වාර්තාව සභාගත කරන්නේ ද? නොඑසේනම් ඒ මන්ද?

05. බාල ප්‍රමිතියෙන් යුතු ගෑස් නියමිත පරිදි වෙළෙඳපොළෙන් ඉවත් නොවීම හෝ නැවත වෙළඳපොළට මුසු වීම හෝ එම ගෑස් පිරවූ අවස්ථාවේ හානි වූ ගෑස් සිලින්ඩර නිසා හෝ මෙම පිපිරීම් ඇතිවීමේ ඉඩකඩක් ඇතිවිය හැකියි. එම නිසා වර්තමාන රජය විසින් අකර්මණ්‍ය කරන ලද  තෙල් පිරිපහදුවේ මේ වන විට භාවිතා නොකරන රසායනාගාරය හා වෙනත් සුදුසු රසායනාගාර භාවිතා කර  කඩිනමින් සැලකිය යුතු  සාම්පල පරීක්ෂාවක් දිවයින පුරා  කිරීම සුදුසු නොවේ ද? එසේ නම්, එය සිදු නොකරන්නේ මන් ද?



අදහස් (2)

’’එදා අන්තවාදී බෝම්බ අද ගෑස් බෝම්බ’’

චන්දන Tuesday, 30 November 2021 12:36 PM

මේ වගේ මාතෘකාවක් හොයාගෙන යන අවස්ථාවාදී වංක විපක්ෂ නායකයෙක් මෙරට ඉතිහාසයටම ඉඳලා නැහැ...

:       0       1

Chinthaka Tuesday, 30 November 2021 04:22 PM

මට හිතා ගන්න බැහැ සජිත්ට මෙහෙම කියන්න පුළුවන් කියලා. බොම්බ පුපුරනකන් බලා ඉඳලා දැන් කියන දේවල්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site