(සුජිත් හේවාජූලිගේ)
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කාලය දින හතක් දක්වා අඩු කිරීමට අනුමැතිය දෙන්නැයි සෞඛ්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව කෝවිඩ් -19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ද යුද හමුදපතිවරයා සඳහන් කරයි.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් හෝටල්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානයන් හි දින 14ක් නිරෝධායනයට යොමු කෙරිණි.
මෙම දිගු නිරෝධායනය තමන්ට දැඩි පීඩාවක් බව විශාල පිරිසක් රජයට හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පැමිණිලි කර තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.