IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එතෙර රැකියා පෙන්නා මුදල් ගරන කල්ලියක්

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරන විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා සපයා දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක කල්ලියක ජාවාරමක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

විශේෂයෙන් කොරියාවේ, ඊශ්‍රායලයේ හා ජපානයේ රැකියා දෙන බවට පොරොන්දු වී මෙම කල්ලිය මුදල් ලබා ගන්නා බව වාර්තා වී ඇතැයි විදේශ රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනිම දෙරට අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුමට අනුව කාර්යාංශය විසින් ද ඊට අමතරව බලපත්‍රලාභි රැකියා නියෝජිතායතන කිහිපයක් මගින්ද සිදු කෙරෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා අදාල රටවල්වල බලයලත් ආයතන විසින් අනුමත කර ඇති වියදම් සහ කාර්යාංශ ලියාපදිංචි ගාස්තු පමණක් එහි දී අය කෙරෙන බවද ඔහු සඳහන් කළේය. 

මේ හැර අයදුම්කරුවන් බඳවා ගැනීමට කිසිඳු පුද්ගලයකු විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හෝ කාර්යාංශය විසින් පත් කර නැතැයි ද සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු  කෙරෙන බව ද කී ජයරත්න මහතා මෙවැනි වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 24 පැයේ තොරතුරු මධ්‍යස්ථානයේ අංකය වන 1989 ට දැනුම් දෙන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

එතෙර රැකියා පෙන්නා මුදල් ගරන කල්ලියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 67 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site