IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


එතෙරෙන් ආ 100කට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ)

විදේශයන්හි සිට මෙරටට ඊයේ (27) දිනයේදී පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 100 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය .

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් යැයි ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අයට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් මෙරටට පැමිණි පසු කළ පී.සී.ආර් පරීක්ෂණවලදීය.

මේ අතර මෙරටින් කොවිඩ් ආසාදිතයන් දෙලක්ෂ පනස් තුන් දහස් හය සිය දාහත් දෙනෙකු සොයා ගෙන ඇති බවත් ඉන් දෙලක්ෂ දහ අට දහස් නව සිය අනූ හත් දෙනකු මේ දක්වා සුවය ලබා ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කොවිඩ් ආසාදනයවීමෙන් හෝ මියගිය පසු කොවිඩ් ආසාදනය වූ බවට තහවුරුවූ මරණ 2944ක් මෙරටින් මේ දක්වා වාර්තාවී ඇතැයි ඔහු වැඩිදුරටත් කීය.

මේ අතර දිවයිනෙන් කොවිඩ් ආසාදිතයන්1867දෙනකු ඊයේ (27) දිනයේදී වාර්තා වී ඇත.මින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව378කි.

මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 344 දෙනකුද කොළඹ දිස්ත්‍රික්කයෙන් 277දෙනකු ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි .

 



අදහස් (18)

එතෙරෙන් ආ 100කට කොරෝනා

ව්ජේ Monday, 28 June 2021 06:02 PM

කොහෙන් එන කාලකණ්ණිද මන්දා...?

:       2194       163

GamageMonday, 28 June 2021 06:32 PM

මෙහෙ ඉන්න අයට වඩා වැදගත් කොහෙම වුණත්... දැන් ඒ ඒ රටවලින් පීසීආර් කරගන ආපු අය කොහොමද මෙච්චරම පොසිටිව් වෙන්නේ? අනේ මන්දා?

:       2       91

mihira Monday, 28 June 2021 06:45 PM

ඔය එන්නේ ලංකාවේ අයට කාලා බීලා ඇඳලා ඉන්න විදේශ විනිමය එවන රටේ මිනිස්සු ... මූසල කතා කියන්න එපා... මෝඩයෙක් වගේ.

:       0       164

බද්රානිMonday, 28 June 2021 08:55 PM

ඒ ආපු එවූන් වෙන කවුරුත් නෙමේ විජේ, නුඹලාගේ රටේම ඉපදුණු නුඹලාගේ ජාතියේ අයම තමයි. යුක්රේන් කාරයින්වයි, චීන්නුන්වයි, ඉන්දියන් කාරයින්වයි රටට ගෙන්වා ගෙන ඒ ජාතියව මේ රටින් පන්නා දමාපල්ලා. නුඹලා වගේ තමන්ගේම ජාතියට අගෞරව කරන අමනයින් ලංකාවෙන් පමණක් නොවෙයි මේ මුළු ලෝකෙන්ම වඳ වෙලා යන දිනය වැඩි ඈතක නැහැ. ඇත්තම කියනවා නම් මේ වගේ කාලකන්නි තිරිසන් ජාතියක් මම නම් මේ ලෝකේ කොහේවත් දැකලා නැහැ. ඒ තරමටම සක්කිලි. මේක ලිව්වේ විජේ, උඹට පමණක් නොවෙයි, අර ලොකු ලොක්කන්ටත් අදාලයි. කොරෝනාව ආපු මුල් රටේ පාලකයන් සහ අමන ජනතාව ලෝකෙටම පරිභව කරමින් කයිවාරු ගැහුවා මතකද? දැන් කාපල්ලා "ඩෙල්ටා ටොපි"

:       57       365

DjTuesday, 29 June 2021 03:04 AM

කවුරු නමුත් කඩේයන මේ ආණ්ඩුව ගෙනාපු යුක්රේන හි‍ඟන්නන්ට වඩා වැදගත් අහිංසක මිනිස්සු බොල.... ලැජ්ජාවෙයන්…

:       0       7

mihira Monday, 28 June 2021 06:19 PM

ඒක මාර කතාවක් විදේශයන්ගේ එන අය පීසීආර් කරලනේ එන්නේ... 100ක් මේ අය එන්න හදන්නේ නිවෙස් නිරෝධායනය නැවත හෝටල් නිරෝධායනය නවතා හෝටල් නිරෝධායනයට..

:       0       213

dhamneth Monday, 28 June 2021 06:23 PM

ලංකාවට එන මගීන්ට ගුවන් යානයේදී කොරෝනා බෝවෙනවද? ගුවන් යානයට නැගීමට පැය කීපයකට පෙර පීසී ආර් පරීක්ෂණ කළා. පරීක්ෂණ නෙගටිව් වුණොත් පමණයි නේද ගුවන් යානයට මගියෙක් නන්වාගන්නේ...? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න.

:       0       95

දිමුත්Tuesday, 29 June 2021 01:46 PM

හොඳ ප්‍රශ්නයක්...

:       0       9

අතුල සවුදි Monday, 28 June 2021 07:00 PM

එතෙරින් ආ කියනවට වඩා රටවිරුවෝ කිව්වොත් හොඳ නැද්ද? අනික රටවල් සහ ආසාධිතයින් ගැන සඳහන් කරානම්, ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ගය සඳහා ප්‍රයෝජනවත් වේවි. අනික මේ හැමෝම ශ්‍රී ලාංකිකයින්ද? වෙනත් පුරවැසියන් සිටී දැයි දැනගැනීමට කැමැත්තෙමි...

:       1       41

අතුල සෞදි Monday, 28 June 2021 07:22 PM

හිතවත් විජේ සහෝදරයා, මට දැනෙන්නේ හුදෙක්ම ඔබගේ අදහස තුළ ගැබ්ව ඇත්තේ සමාජ මාධ්‍යවල මෙන් රැල්ලට යමක් උලුප්පා දක්වා මෝඩකම ප්‍රදර්ශනය කිරිම පමණි...

:       1       73

siri Monday, 28 June 2021 08:17 PM

හරියට අර යුක්රේන් වලින් ආපු කට්ටියගේ වගේමයි නේද මහත්තයා?

:       2       372

Priya Monday, 28 June 2021 08:45 PM

කිව්වා කියලා හිතාගන්න.

:       0       31

Rata Perata Tuesday, 29 June 2021 02:10 AM

මෙයත් කාගේ සපත්තු ද ලෙවකන්නේ කියලා අපි දන්නවා. ඒක නිසා මෙයා කියන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා...

:       0       0

Deeptha Tuesday, 29 June 2021 03:42 AM

ලංකාවෙන් මගේ වැඩකරන සමාගමට රියදුරන් එකොළහක් අවා. එකොළහටම කොරෝනා. ලංකාවෙන් ගත්ත රිපෝර්ට් නෙගටිව්... ඒක කොහොමද වෙන්නේ කියලත් හොයලා බලන්න..

:       0       6

de silva Tuesday, 29 June 2021 07:13 AM

පුදුමයකට වගේ බැසිල් ආවාට පස්සේ තමයි මේ ප්‍රමානය වැඩිවෙලා තිබෙන්නේ. දැන් එන්නත් 02 ම අරගෙන එන පුද්ගලයෝ කෙළින්ම නිවෙස්වලට යවන නිසා ගජමිතුරු හෝටල් වලට පාඩු ඇති.. නිවෙස් නිරෝධායනය තහනම් කර ගජ මිතුරන් පිනවීමට ගහන ප්ලෑන් එකක්ද මේක...?

:       0       8

anula Tuesday, 29 June 2021 02:00 PM

මම ලංකාවට එන්න ඉන්නේ අපට පීසීආර් කරලා ගුවන් යානයට නගිනකොට පැය 48ක්වත් වෙලා නැහැ. එහෙනම් බෝ වෙන්න ඕනේ ගුවන් යානයෙන්... ගුවන් යානය හරියට විෂබීජ හරණය කරලා නැතිව ඇති.

:       8       7

පිටිගල මිලානෝ Tuesday, 29 June 2021 03:36 PM

රටට තිබුණු බරපතලම ප්‍රශ්නය විසඳුවා හිරේ හිටපු පුද්ගලයෙක් නිදහස් කරලා. මීට වඩා තවත් මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ... රටක පාලකයෙක්ගෙන්. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...

:       0       108

අජිත් විරතුංග Tuesday, 29 June 2021 05:11 PM

අපිට තේරෙනවා අපි බබ්බු නෙමෙයි... බැසිල් ආවානේ... දැන් ඔක්කොම හරි. කොහොමත් ඕක ඉක්මණට වහනවා ඔය මුට්ටිය දාලා බලන්නේ කටාර් වල අපි... !

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 500 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 525 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1457 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 200 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 260 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 205 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 39 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site