IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එජා සාම සාධක රාජකාරියට යන යුද හමුදා සෙබලුන් පුහුණු අභ්‍යාස අරඹයි

                           

 

රොමේෂ් මධුෂංඛ

                

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරිය සඳහා යාමට නියමිත යුද හමුදා සෙබලුන් හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස තෙවන වරටත් දින 5 ක් පුරා යාපනයේ සිට මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීමට සංවිධානය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය යටතේ මාලි රාජ්‍යයේ ගාවෝ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා ආරක්ෂාව සැපයීමේ ප්‍රවාහන රාජකාරි සඳහා යන යුද හමුදා සෙබලුන් වෙතට ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම මෙම හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව යාපනය මයිලඩි යුද හමුදා කඳවුරෙන් මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ වී පේදුරුතුඩුව, නගර් කෝවිල්, වෙත්තලිකේණි, පරන්තන්, විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, මුලතිව්, නයාරු, වැලිඔය, පදවිය, පුල්මුඩේ, තාවුල්වැව, ගොමරන්කඩවල, ත්‍රීකුණාමලය, කින්නියා, මූතූර්, සේරුනුවර, කන්දකාඩු, පුලතිසිගම, පොලොන්නරුව, ගිරිතලේ හරහා මින්නේනරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතට කිලෝමීටර් 457ක දුරක් ගෙවා මෙම පුහුණු අභ්‍යාසය හා රථගමන ගමන් කරනු ලබයි.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සන්නා සන්නද්ධ බළකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, සංඥා බළකාය, යාන්ත්‍රික බළකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බළකාය , යුදහමුදා සේවා බළකාය , යුදහමුදා වෛද්‍ය බළකාය, යුදෝපකරණ බළකාය, විදුලි හා ඉංජිනේරු බළකාය, පොලිස් හේවා බළකාය සහ යුදහමුදා පොදු සේවා බළකායන් නියෝජනය වන පරිදි නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් ඇතුළත් සෙබලුන් 223 දෙනෙකු මෙම පුහුණුවට සහභාගී වෙයි.

මෙම අභ්‍යාශය වෙනුවෙන් යුදහමුදා සන්හාසන්නද්ධ රථ 6 ක්, බෆල් රථ 6ක් සහ භාණ්ඩ ප්‍රවාහන රථ 6ක් ඇතුලුව යුද හමුදා රථ 47 ක් සහභාගී වී ඇත.

අභ්‍යශය අතරතුර අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනය කෙරෙන රථ වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේදී මුහුණ දිය හැකි සියලුම හදිසි අවස්ථාවන් වෙනුවෙන් මෙහිදී යුද හමුදා සෙබලුන් පුහුණුව ලබනු ඇත.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දුගේ මගපෙන්වීම මත 58 සේනාංකයේ සේනංකාධිපති සහ හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාශයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් චම්පක රණවක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණයන් යටතේ මෙම පුහුණු අභ්‍යාසය සිදු කෙරෙනු ඇත.



අදහස් (2)

එජා සාම සාධක රාජකාරියට යන යුද හමුදා සෙබලුන් පුහුණු අභ්‍යාස අරඹයි

අගුණුකොලපැලැස්සේ චන්ද්‍රජෝති හිමි Sunday, 14 February 2021 07:44 AM

අපගේ රටේ හමුදාව වෙනින් රට වල ගැටළු සඳහා යුද්ධ වලට යැවීම ගැන අපගේ බරපතල විරෝධය. මේ අපේ සිංහල කොල්ලෝ ඔය නොදන්නා දීපංකරවල යවලා හානි වුණාම කවුද වග කියන්නේ? අනික අපේ රට ගෙනියන්නේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය. ඒකටත් හානියක් වෙන දෙයක් මේක... රට මිනිස්සුන්ගෙන් ජනමත විමසුමක් පවත්වා අවසර අරන් මෙහෙම යැව්වට කමක් නැහැ. එමනිසා අපේ හමුදාව වෙනින් රටවලට යුද්ධ සඳහා මැදිහත් කිරීමෙන් වළකින ලෙස අප ඉල්ලා සිටිමු.

:       0       0

Sunil T Gnanasekera Sunday, 14 February 2021 10:37 AM

පුදුමයි, දෙමළ උදවිය මේකට නහයෙන් අඬපු නැති එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site