( අංජුල මහික වීරරත්න ) 


පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් අද  (30)  කොල්ලුපිටියේදී පැවැත්වෙන වෘත්තිය ජන හඬ  උද්ඝෝෂණය වෙනුවෙන් කොළඹ නගරය පුරා  කොළ පැහැති කොඩි ඔසවා  තිබෙන අයුරු දැකිය හැකිය.

කොළඹ අරලියගහ මන්දිරයේ අදත් ජනතාව රැස්ව සිටින අතර  සෙත් පිරිත් සඡ්ඣායනද අඛණ්ඩව පැවැත්වෙයි.

අරලියගහ මන්දිරයේ  ජලය විදුලිය කප්පාදු කර ඇතැයි  ඇතැම් සමාජජාල මාධ්‍ය වාර්තා කර තිබුණද  එම කතාවේ සත්‍යතාවක් නැති බව එහි ගිය මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.

ඡායාරූප - ඉෂාන් සංජිව