එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද සිය නතතුරෙන් ඉල්ලා අස්විය. සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ තමන් අද දිනයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද හමුවූ බවයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මම අද උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාව පෞද්ගලිකවම හමුවුණා. ඒ වෙලාවේදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වී සමගි ජනබල පෙරමුණෙන් තරග වදින්න මට තියෙන අදහස මම වික්‍රමසිංහ මහත්තයාට කිව්වා“
“මම එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරෙන් ඉල්ලා අස්වුණා“ යයිද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුණුගොඩවල් අයින් වෙනඑක පක්ෂයේ උන්නතියට හේතුවෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ...
එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන වෙනපක්ෂයකින් තරඟ වැදිලා දිනුවත් ඵලක් තියේවිද? පක්ෂ ව්‍යවස්ථාවට අනුව නම් මන්ත්‍රීකම ගහලා යනවා ෂුවර්...
ඔබතුමා හරි.., රටේ ජනතාවගෙන් 95% අකමැති පුද්ගලයෙක් නායකත්වය දරන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුවොත් ඔබතුමාට ඇපත් නැතිවෙනවා. අන්තිමට එජාපෙ සිටිය ලොකු නායකයින්ගෙන් ඉතුරු වෙන්නේ රවී, රනිල්, රුවන්, රංගේ පමණි. ඔබතුමා වැනි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයෙකුත් පාර්ලිමේන්තුවේ ජනතා ඡන්දෙන් තේරී පත්වෙලා ඉන්නකොට...
පක්ෂයෙන්ම ඉල්ලා අස්වෙන්න. මොකද මේක පක්ෂ දෙකක්... කොහොමත් අලියා ටෙලිෆෝනයට වඩා දිනනවා.
චෙක්පොත් ටික දුන්නද?
එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන්න. නැවත පක්ෂයට එන්නත් එපා. ප්‍රතිපත්තියක් නොමැති බොරු කාරයින් පක්ෂයට මෙතෙක් කළ විනාශය අතිමහත්ය. මෙයත් නායකයාට ගෙදර යන්න කියන කණ්ඩායමේ ඉන්න ප්‍රධාන කොටස් කරුවෙක් වේ. එක්සත් ජාතික පක්ෂය යනු අවස්ථාවාදීන්ගේ පක්ෂය නොවන බව හොඳින් අවබෝධ කරගන්න.
විනිවිද නායකයා හොඳ නම් පක්ෂය හැමදාම පරදිවිද?
අපිට ඕනේ ඔය පක්ෂය දෙකට කැඩිලා සජිත් අන්ත පරාජයක් ලබනවා දකින්න..
ශ්‍රී ලනිපෙන් කැඩිලා ගිය කණ්ඩායමක් පොහොට්ටුව හැදුවා.. පොහොට්ටුව ඡන්දෙදි පරාද වුණාද? නැත.. එහෙම වුනේ ශ්‍රී ලනිප සභාපති මෛත්‍රී අනවශ්‍ය විදිහට ජාතික ආණ්ඩුවක් හදමින් ශ්‍රීලනිප ප්‍රතිපත්ති අවුල් කළ නිසා... රනිල් දශක ගණනාවක් පැරදෙමින් සහ පොදු අපේක්ෂකයින් පසුපස යමින් කරනලද විනාශයට එජාප සාමාජිකයින් ඉන්නේ විශාල කේන්තියකින්..., ටෙලිෆෝන් එක අනිවාර්යයෙන්ම අලියට වැඩිය විශාල ඡන්ද ප්‍රමාණයක් ගන්නවා. දිනන නොදිනන එක වෙන කතාවක්, නොදින්නත් සජිත්ට විපක්ෂ නායක වෙන්න පුළුවන්... රනිල් විපක්ෂ නායක වුණාට වැඩක් නැහැ. ඔහු මහින්ද එක්ක ඩීල් දමනවා. මහබැංකු හොරු අල්ලන්නෙත් නැහැ.