එජාප පළමු ඔන්ලයින් සමුළුව අද 5ට

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට අදාළව පවත්වන "ඔන්ලයින් සමුළු"මාලාවෙි ආරම්භක සමුළුව අද (17)පස්වරු 5ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භක ඔන්ලයින් සමුළුව ඇමතීමට නියමිත අතර ජාතික යොවුන් පෙරමුණ මෙම වැඩසටහන සංවිධාන කරයි.

මෙම ඔන්ලයින් සමුළුව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ මෙන්ම ෆේස්බුක් සහ යූටියුබ් මාර්ගයෙන් ද එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයද අද ට යෙදී තිබීම විශේෂත්වයකි.  මෙි අයුරින් සමස්ත රටම ආවරණය වන පරිදි ඔන්ලයින් සමුළු 75ක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙි.