IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


එජාප ප්‍රතිසංවිධාන යෝජනා ජුනියේ සිට

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගත තත්ත්වය යටතේ ක්‍රියාත්මක කළ හැකි එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උපදෙස් දුන්නේය.

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියලු සෞඛ්‍ය විධි විධාන අනුගමනය කරමින් පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය අරඹන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්ය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්ෂ ප්‍රචාරක ව්‍යාපාරය මුළුමනින්ම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රතිසංවිධාන වැඩසටහන සැකසිණි.

 



අදහස් (6)

එජාප ප්‍රතිසංවිධාන යෝජනා ජුනියේ සිට

GAMUNU Wednesday, 19 May 2021 04:50 PM

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා සියල්ලක්ම ජුනි මාසයේ ආරඹන උවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ වෙනසක් සිදු නොවිය යුතුයි.

:       0       0

GAMUNU Wednesday, 19 May 2021 04:53 PM

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට අකමැති ඕනෑම කෙනෙකුට පක්ෂයෙන් පිටවගොස් විවේචනය කිරීමට හැකියාව ඇත.

:       0       0

vinivida Wednesday, 19 May 2021 09:58 PM

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්ෂ ප්‍රචාරක ව්‍යාපාරය මුළුමනින්ම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වුවත් වෛද්‍යවරුන් මේ වනවිට කියා සිටින්නේ ඉදිරියේදී covid -19 වෛරසය පැතිර යාම සීමාවන් ඉක්මවා ගොස් රට තුළ අවාසනාවන්ත තත්වයක් ඇතිවීමට ඉඩ ඇතිබව වේ. ජනතාව සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම පිළිබඳව එතරම් උනන්දුවක් නොකරන අවස්ථාවක අවදානමක් නොගෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන තවදුරටත් කල් දැමීම නුවණට හුරුවේ. රට තුළ 75% කට හෝ එන්නත ලබා දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන දියත් කිරීම සුදුසු වේ. ලංකාවේ ලබදෙන්නා වූ එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධනය මෙතෙක් 100% අනුමත කොට නැත. විකල්පයක් නොමැති නිසා එම ආයතනය නිහඩව සිටියි. චීන සහ රුසියානු එන්නත් ලබාගත්තද වෛරසය වැළඳීමට ඕනෑතරම් අවකාශ ඇත. රටතුළ පවතින දේශපාලන ක්‍රියාදාමය සහ ආර්ථික අපහසුතා නිසා ජනතාව රටට වෙනස බලාපොරොත්තුව සිටියි. ජනතාව මේ අවස්ථාවේ ඉල්ලා සිටින්නේ විශ්වාසනීය ජනතාවාදී 77 මෙන් සැබෑ වෙනසකි.

:       0       0

vinivida Wednesday, 19 May 2021 09:59 PM

එම වෙනස ඇතිකිරීමෙහිලා එක්සත් ජාතික පක්ෂ මූලිකත්වය ගත යුතුවේ. වර්තමාන රජයට තව කල් තිබේ. මෙය ඉක්මණින් පෙරලා දැමීමට අවශ්‍ය නැත. මේ අවස්ථාවේ කළයුතු වන්නේ ලංකාවේ වර්තමාන රජය පත්කළ මහා නායක භික්ෂූන් වහන්සේලාට රටේ අනාගත රජයක් විසින් කළයුතු වෙනස්කම් පිළිබඳව අවබෝධයක් ලබාදීම පක්ෂය ප්‍රතිසංවිධානය කරනවාට වඩා ඉතාම ප්‍රයෝජනවත් වේ. චීනය පසුපස නොගොස් ලෝකයේ ධනවත්, බලවත් රටවල් සමග එක්ව රටට ඉක්මන් දියුණුවක් ලබාදීම කළහැකි බව භික්ෂුන් වහන්සේලා දැනුවත් කළ යුතුවේ. මේ පැමිණ තිබෙන්නේ එ් සඳහා හොඳම අවස්ථාව වේ. මේ අවස්ථාවේ පූජ්‍ය පක්ෂයටද මෙයට අකැමැතිවීමට හේතුවක් නොමැත. දෙවනුව ඉදිරියේදී මැතිවරණ දෙකම එකට පවත්වන්නේ ද කියාත් සොයා බැලීම සුදුසු වේ. බහුතර අලුත් කණ්ඩායමක් රජයක් පිහිටුවීමෙන්පසු ආර්ථිකය සහ ජාතිවාදී අර්බුදයට සැමට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට කටයුතු කළයුතු වේ. යුද්ධය අවසාන වී වසර 12කි. බලය බෙදාහැරිමක්ද නොඑසේනම් සියලු සුළුජාතික පක්ෂ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට එක්වී කටයුතු කළහොත් ඔවුන්ගේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමටද හැකියාව පවතී.

:       0       0

vinivida Wednesday, 19 May 2021 10:01 PM

සුළුජාතික පක්ෂ නිර්මාණය වීම නිසා රටතුළ ජාතිවාදය, ආගම්වාදය මතුවීම පමණක් නොව ජාතින් අතර බෙදීමක් පවා මතුවේ. ජනතාවගේ ප්‍රශ්න සඳහා රජය පිළිතුරු ලබාදෙන්නේ නම් ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය වන්නේ නැත. මේ පිළිබඳව ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව සමග කතා කළයුතු වේ. එසේ නොමැති නිසා විදේශ තානාපති අංශ පවා මේ පිළිබඳව දක්වන්නේ රටතුළ ජාතිවාදයක් තිබෙන්නා වූ හැඟීමකිනි. රට තුළ විසඳා ගතයුතු අර්බුද ජිනීවා හෝ නිව්යෝර්ක් හෝ වොෂිංග්ටන් වෙත ගෙන යාමට අවශ්‍ය නැත. කවුරුන් හෝ ඉදිරියේදී පත්වන ජනධිපතිවරයා කුමන පක්ෂයකින් නියෝජනය කළද, නොකළද ඔහු සිංහලයින්ගේ නොව ශ්‍රී ලාංකිකයින්ගේ ජනාධිපතිවරයකු විය යුතු මෙන්ම මධ්‍යස්ථව කටයුතු කරන්නකුද විය යුතුවේ.

:       0       0

Chandrasiri Senevirathne Thursday, 20 May 2021 06:52 AM

එජාපය ගොඩ ගැනීම එතරම් අපහසු නැත. මුලින්ම කළ යුත්තේ සිද්ධ වුණේ මොකක්ද යන්න ගැන ස්වයං විවේචනයක් කිරිමය. දිස්ත්‍රික් මට්ටමෙන් කළ යුතුවේ. ඒ හරහා හඳුනා ගත් දුර්වලකම් මහහැර ප්‍රතිසංවිධානය සිදු කරයි නම් වැඩේ ගොඩය. 1965 ඩඩ්ලි එජාපය ගොඩ ගත්තේ රට පුරා මානවසිංහ ඊරියගොල්ල වැනි පිරිස් සමග ජනතාවගේ අදහස් විමසිමෙනි. ජේ.ආර්. 1977 එජාපය ගොඩ ගත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩල හරහා නොවේ. තරුණ සාකච්ඡා හරහායි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site