( +++ අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සංධානය මහ මැතිවරණයට මුහුණ දෙන ලකුණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයෝ අද (17) දිනයේත් රැස්වෙති.

 එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු එජාපයේ ජ්‍යෙෂ්ඨයන් මෙලෙස හමුවීමට නියමිතය.

අදත් (17) පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඡන්ද ලකුණ ගැන අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ලබන බදාදා (19) රැස්වෙයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස යන මහත්වරුන් ප්‍රමුඛ පක්ෂ නායකයෝ ඉකුත් සිකුරාදා (14) රැස්වී එක්ව සමගියෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණයක් ගත්හ.