(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ලබන බදාදා (12) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
එම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇති බව එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රිවරුන් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම යෝජනාව බාරදීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.
පවතින දේශපාලන අර්බුදය අවසන් වීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා බවට පත්කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සියයට සියයක එකඟතාවයකින් යුතුව කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයන් මේ අර්බුදයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ඒකමතයක සිට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
සංවිධානාත්මකව මහබැංකුව මංකොල්ල කෑවට පස්සේ මෙතුමාට විශ්වාසය පලකරන්න පුළුවන් වන්නේ මුදල් නිසි පරිදි ලබාගත්ත උදවියට පමණි.
මහා ජනතාවගේ විස්වාසය තමයි වඩා වැදගත්.
එයට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වුණොත් මොකද වෙන්නේ?
ජවිපෙ ඕවට නැතිලු ඔන්න...
ගරු අධිකරණයෙන් දීමට තිබෙන තීන්දුව ලැබෙන තෙක් ඉවසා නොහිට කරන මෙවැනි බොළඳ ක්‍රියාවලින් සිදුවන්නේ අනාගත මැතිවරණයකදී ලැබෙන්න තිබෙන ඡන්ද ටිකත් නොලැබී යාමයි.
ඔයිට වඩා හොඳ නැද්ද එජාප නායකයාට තිබෙන රටවැසි විශ්වාසය බලන්න රටවැසියන්ගේ ඡන්දෙකට යන එක...? ගිහින් බලන්නකෝ රටවැසියෝ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය. හැබැයි රටේ ප්‍රධාන පුරවැසියා එජාප නායකයා කෙරෙහි සතේක විශ්වාසයක් නැති බවනම් රට වැසියෝ දන්නවා.
අර කාගෙද අම්මගෙන් පේන අහනවා වගේ...
බැංකු සිද්ධිය, රට බෙදීමේ හොර ගිවිසුම් රටේ දේපළ විකිණීම මහජනතාව කෙරෙහි විශ්වාසය නැතිව නොමනා අැග්‍රිමන්ට්වලට යටත්ව... තව මොන විශ්වාසයක්ද ඔබලා කෙරෙහි... අලිබබා සහ හොරු 40 වගේ ඔබලා ඔබලාට විශ්වාසයි..
බමුණුආරච්චි එහෙනම් රට වැසියා කා ගැනද විශ්වාසය තියල තියෙන්නේ? රටවැසියා ඔය කියන කෙනාව ගෙදර යැව්වේ... එ්ක තමයි කලින්ම... මේ පාර ගෙදරම යැව්වා ආයේ තව මොනවද?
ඇයි එහෙනම් ඔච්චර විශ්වාසයක් තියන පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී වෙන පක්ෂයකින් හොරෙන් පැනපු කෙනෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ?
ගමේ, නගරේ, විශ්වාසය පලකරන දවස ආවම... වෙනස දැනෙයි.
මෙයා එක්කෝ අපලම නැකතකින් ඉපදිලා තියෙන්නේ එක්කෝ අනිත් අයගේ අපල උග්‍ර කාලවලදී මෙයාට පොඩි කාලයකට බලය ලැබෙනවා. 1994 සිට ප්‍රබල පක්ෂයක නායකයා, ඒත් ආණ්ඩු කරලා තියෙන්නේ අවුරුදු පහක් විතර... ඒකත් වසර දෙකක් සහ වසර තුනක් ලෙස දෙසැරයකට. රටේ නායකයා වෙන්නම බැරි වුණා. මෙයාගේ කාලයේ අනිත් පක්ෂවල නායකයින් තුන්දෙනෙක්ම රටේ නායකයා වුණානේ. අනික මෙයාගෙන් රටටත් අපලයි වගේ... ලෝකේ බොර තෙල් මිලත් අඩු වුණා. මෙයාගේ බලේ නැතිවීගෙන යන කාලයෙත්... කොහොමත් මේ යන විදියට මෙයාට ඔය තනතුරු නම් ගන්න ලේසි නෑ.
ඔව් අනේ, අර බැඳුම්කර වංචාවේ හොරුටික අල්ලන්න මෙයා කමිටුවක් පත්කරලා පත්කරලා, ඒ හොරු ඔක්කොම කරමුලින්ම අල්ලා දීලා කොච්චර විශ්වාසයක් දිනාගත්තද අනේ?