(නිමල කොඩිතුවක්කු)
නඩු වලට බයේ ආණ්ඩුව බාරගෙන ඇති බවට එක්සත් ජාතික පක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන බවත් තමන්ට එල්ල වී ඇති ඕනෑම චෝදනාවකට අධිකරණයේ දී මුහුණ දිමට සුදානම් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදී පැවැසීය.
තමන් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අසත්‍ය ප‍්‍රචාර සිදුකරමින් සිටින බවත් සඳහන් කළ රාජපක්ෂ මහතා තමාගෙන් දේශපාලන වශයෙන් පලිගැනිම සඳහා අවශ්‍ය නඩු පවරා මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග පවා ගෙන ඇති බවද සඳහන් කළේය.
නාරාහේන්පිට අභයාරාමයේදී අද (06) පැවැති උත්සවයකදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
‘‘අද ජනාධිපතිවරයා ඉන්නවා. ලේකම්වරු ඉන්නවා. ඒ ආණ්ඩුවේ අපි වැඩකරගෙන යනවා. නඩුවේ තීන්දුව පිළිබඳ මට මුකුත් කියන්න බැහැ. දැන් අපේ අයගේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ එහි තින්දුව සඳුදා වන විට ලැබේවී.
එතකන් අගමැතිවරයා ඉන්නවා. ඇමැතිවරු ඉන්නවා. හැබැයි මෙහෙයවන්න බැහැ. අභියාචනාධිකරණය ලබා දුන් ඒ තීන්දුවට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කරුණූ ඉදිරිපත් කරලා තියෙනවා.
මේ වගේ දෙයක් ලෝකයේ කොහේවත් සිදුවුණේ නැති දෙයක්. ලෝකයේ පළමු වතාවට තමයි පහළ අධිකරණයකින් මේ වගේ තීන්දුවක් ලබා දුන්නේ. අපි රජයේ සේවකයන් නෙමෙයි. ඒ නිසා මේ තීන්දුව වැරදියි කියන මතයේ තමයි අපි ඉන්නේ.
මැතිවරණයක් සඳහා අපි සූදානම් වෙනවා. අපි ආවේ මැතිවරණයක් තියන්නයි. අපි එදා බාරගනීද්දිත් මැතිවරණයක් ගැන කිව්වා. දැනුත් කියන්නේ මැතිවරණයක් ගැනයි.
මැතිවරණයක් පැවැත්වීම මගේ පෞද්ගලික උවමනාවක් නෙමෙයි. රටේ බහුතර ජනතාවගේ එකම පරමාර්ථය තමයි මැතිවරණයක් තියලා මේ රට ස්ථාවර කරන එක. අපි වැඩ කරන්නේ ජනතා කැමැත්ත අනුවයි."
COMMENTS
ලෝකයේ කොහේවත් බහුතරයක් නැතුව ආණ්ඩු පෙරලලා අගමැතිකම් කරන්නෙත් නෑ
අපිට මැතිවරණවත් , ඇමතිවරුවත් නෙවි ඕනි. ඔය 225 ම නැතත් කමක් නෑ, රටේ තියන ප්‍රශ්නවලට උත්තර විතරයි ඕන. කව්රු බලයේ හිටියත් ජනතාවට වැඩක් නෑ. හැමදාම දුක්විදින්න වෙනවට අපි කවුරුත් කැමති නෑ. ජනතාවට නිල්,කොළ ,රතු එපාවෙච්ච පාට ඕවා. අපි වගේ පුංචි රටකට මෙච්චර මොකටද? මේ ප්‍රකාශය දේශපාලන මතයක් නොවන බව කරුණාවෙන් දන්වමි
ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එත් සත්‍යය ඒකනේ
ඉතින් අපහාස කරා කියලා නීතියෙන් කටයුතු කරන්නකෝ
මා සිතන්නේ මොහු ප්‍රකාශ කරන දේ ඇත්තක් බවයි.
ජනතා කැමැත්ත අනූව වැඩ කරනවනම් ඉතින් 2015 ජනවාරී 08 වෙනිදා ජනතාව කැමති විදිහ පෙන්වලා දුන්නා. එ් අනුව වැඩ කරන්න එපැයි. නමුත් යහපාලකයන්ගේ නොහොබිනාකම්, දුර්වලතා, දූෂිත බව නිසා නැවත ජනතාව මෙතුමා වටා පෙල ගැහුනා.
ඔයා ප්‍රතික්ෂේප කරන්න, ඒත් ඇත්ත ඒක කියලා අපි හැමෝම දන්නවා.
ජනතාවගේ කැමැත්තද ? ජනතා පරමාධිපත්‍යද ?
රජයේ සේවකයෙක් නෙමෙයි නම් විශ්‍රාම වැටුප් ගන්නේ?
මෙහෙම රටේ පාලකයෝ අධිකරණය ගැන මත ඉදිරිපත් කිරීම නොකළ යුත්තක් .
2015 ජනවාරි 8 ට පෙර සිදුවුණු දේ මෛත්‍රීපාල මහතාට අමතක වුණාට රටේ ජනතාවට අමතක නැහැ
ඔබට විරුද්දව තිබෙන නඩු ඉක්මන් කොරන්නනේද අලුත් ඇමතියෙක් පත්කොලේ. කෝ අවුරුදු 4ක් බම්බු ගසුවාද නඩු ඉවරකර හිරේ දමන්නේ නැතුව.