(එම්.සුසිල් පියන්ත)

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බල වේගය පක්ෂයේ  මන්තීවරයකු අද(11)පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය කියයි.

ලැබුණු තොරතුරකට සැකකාර ප්‍රාදේශීය සභා මන්තීවරයාගේ බටපොළ නිවසේ තිබී මේ ගිනි අවිය සොයා ගත් බවද පොලීසිය කියයි.

සැකකාර  මන්තීවරයා හෙට (12)බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.