(සුමිත් පොතුපිටිය)

මතුගම ප්‍රදේශයේ  නිවසකට අද රාත්‍රි වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව මතුගම පොලිසිය සදහන් කරයි.

මතුගම නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටින  අයකුගේ නිවසක් ඉලක්ක කරගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවත් වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් පොලිසිය කියයි.

පාතාල ගැටුමක් මෙම ප්‍රහාරයට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

කළුතර අපරාධ කොට්ඨාසය, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ද වැඩිදුර පරීක්ෂණ පවත්වති.