(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ ඊළඟ පියවර ලෙස මහා ජන බල මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ජන බල මෙහෙයුම මධ්‍යම පළාතේ ප‍්‍රධාන නගරයකින් ආරම්භ කර කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතය.
2004 එක්සත් ජාතික පක්ෂ රජය යටතේ කි‍්‍රයාත්මක කළ ජනබල මෙහෙයුම ආකාරයට නගරයෙන් ජනතාව ඒකරාශී කර ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් සමඟ කොළඹ නගරයට ඇතුළුවීම ජනබල මෙහෙයුමේ අරමුණ බව එක්සත් ජාතික පක්ෂ මහාල්කම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
ජනබල මෙහෙයුම ක‍්‍රියාත්මක කරන දිනය, ස්ථානය සහ දින ගණන යන සියලූ කරුණු බදාදා(5) ප‍්‍රකාශයට පත් කිරිමට එක්සත් ජාතික පෙරමුණ තිරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වදවෙන්න දෙයක් නෑනෙ, 2015 ලැබුණු ජන වරමෙන් අඩුම තරමින් අවුරුදු 5ක් වත් මහබැංකු වංචාව වැනි ක්‍රියාවන් සහ සම්පත් විකිණීමේ ක්‍රියාව සිදු නොකර හිටිය නම්... දැන් ඉතිං ඡන්දවලට බයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා ටික ආරක්‍ෂා කර ගනිමින් කොහොම හරි තව මාස 10-15 ක් ආණ්ඩුව කරන්න දඟලනවා.
ඒජපෙ වීඩියෝ පටි බැලුවම හැම වෙලාවේම අහන්න ලැබෙන්නේ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැනයි. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියකියා බොරුවක් කරන්නේ. පාර්ලිමේන්තුවට මොකටද ප්‍රජාතන්ත්‍රවාදයක්... ජනතාවටයි ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ. අද වෙන දේවල් දැක්කම පාර්ලිමේන්තුවක් ඕනෙද කියලත් හිතෙනවා. පාර්ලිමේන්තුවේ වියදම් අඩු කරන්න එතැනට යන අයව අඩු කළොත් හොඳයි කියලා හිතෙනවා. පාර්ලිමේන්තු.. පාර්ලිමේන්තු.. කියකියා රදළ පැලැන්තියේ විකාර කියව කියව ඉන්න එකයි කරන්නේ. මේක බොරුවක්. යුරෝපේ දේශපාලන ලංකාවට හරියන්නේ නැහැ.
ඒ කියන්නේ අන්තිම සාකච්ඡාවත් "හබක්" ද?
2015 ජනවාරි 8 ජනපති දිවුරුම් දුන් සැනින් පාර්ලිමේන්තුවේ අාසන 41 තියන් අගමැතිකම බලෙන් වගේ ගත්තා. ඊටපස්සේ පෙබරවාරියේ ඉඳන් ලාභ උපයන්න පටන්ගත්තා මහබැංකුව කඩලා. හිතවතුන්ට ලාභ උපයන්න රේගුවංචා කළා. මිතූරන්ට වාහන ගේන්න මෝටර් ට්‍රැෆික් එක යෙදෙව්වා. දීනයින්ට රජයේ අායතන වලින් මහජන මුදල් ගෙවා අපිට ප්‍රජාතන්තරේ ගැන දේශනා දුන්නා. ටැක්ස් නහයට උඩින් යන්න ගැහුවා. මොනවා කළත් මේ බඩගෝස්තරයින්ට අපි ඒකතු වෙන්නෙත් නෑ. ඡන්දේ දෙන්නෙත් නෑ.
ඔබලා හිතනවද මේ අවුරුදු 4 ම ඔබලාගේ කෙරුවාව අත්වින්දා, 2018දී මහින්දට හා ශ්‍රී ලංකා පක්ෂයට ඡන්දය දුන් මහින්දගේ ජනතාවයි ශ්‍රී ලංකා පාක්ෂිකයෝයි එජාපයට හැරිලා කියලා. එදා මහින්දට ඡන්ද 50ලක්ෂයක් ලැබෙන විට ඔබලාට ලැබුණේ 36 ලක්ෂයකි. සිරිසේනට ලැබුණේ 15 ලක්ෂයකි. එජාපයට ආවඩමින් රට පුරා දුවන්නේ ඔය ලක්ෂ 30 න් කොටසකි. එජාප නායකයෝ ඒ බව හොඳින් දන්නා නිසා ඡන්දෙකට යන්න බයයි...
සමනළ සංවිධානයට අායිත් ජනබලයක් ලැබෙන්නේ නැහැ මහත්තයෝ... ඒ නිසා නිකම් කාලය කා දන්නේ නැතුව තියෙන ඒවා ඔක්කොම වහගෙන ගෙදරට වෙලා ඉන්න.
දැන් ඕවා කරලා වැඩක් නැහැ. මහමැතිවරණයක් තිබුණොත් ගොඩක් විශ්‍රාම ගන්වයි ජනතාව...
බැංකුවේ මුදල් ටිකට විද්ද නිසා ජනතාවට එපා වෙලා ඉන්නේ. අවුරුදු 3ක් ජනතාව අසරණ කළා.
මැතිවරණයට බය නිසා ඔයා වැඩකරනවා කියලා ජනතාව දන්නවා. ජනතාවට ඔය ගමනින් ජීවිතයට පාඩමක් වෙයි.
ආයෙනම් ජනවරමින් බලයට ඒම ඉටුනොවන සිහිනයකි.
නරකද කලින් කලාවගේ පාරේ වාහන නවත්වාගෙන හෝන් ගැසුවානම්, නැතිනම් කුස්සිවල තිබෙන ඇතිලි වළං වලට තට්ටු කළානම්. යනවා මහජන ඡන්දෙකට ජනතාව කැමති නම්... ඔබලාට ඡන්දය දේවි.. නැතිනම් දේශපාලනයෙන් අතුගා දමාවි...
ජන බලය තියෙන්නේ ඡන්දයෙන් කියන එක අමතක කරන්න එපා
වළං මුට්ටි පොළවේ ගහන්නේ නැද්ද?