(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛත්වයෙන් පිහිටුවන පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ඇති විය යුතු බව ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අද (05) යෝජනා විය.
පක්ෂ නායකත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා මුණ ගැසී එකඟතාවයක් ඇති කරගන්නා තෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ කිසිවක් සිදු නොකළ යුතු බවට ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී බහුතර මතය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිණ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම කොළඹ අරලියගහ මන්දිරයේදී අද (05) පස්වරුවේ පැවැත්වුණේ මේ සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්විම් පිළිබඳ සාකච්ඡා කිරීමටය.
COMMENTS
තරුණ තරුණියෝ කියන්නේ සරත් පොන්සේකා මහතාට පමණයි නීතියේ අදිපත්‍ය රැකලා රට බේරගන්න පුළුවන් වෙන්නේ කියල .
එක්සත් ජාතික පක්ෂය කියන්නේ විනයක් තියෙන, සියලු ජනතාවට පිළිගත හැකි පක්ෂයක්. එකේ නායකත්වයට හැමෝම ගරු කරන්න ඕනේ, බැරිනම් අයින්වෙලා යන්න ඕනේ.
ඒ උනාට එක්කෙනෙක් දැනටම ජනාධිපති වෙලා වගේනේ කතා කරන්නේ.
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර එකඟතාවයක් මත ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ තීරණය ඔවුන්ගේ පුද්ගලික වාසි අවාසි නොතකා රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක සහ නියෝජ්‍ය නායක මේ අවස්ථාවේ ප්‍රබල කැපකිරීමක් කල යුතු වේ. වර්තමාන දේශපාලන රටාව සහ රටට වෙනසක් කිරීමට නම් රටේ ඉහලම තනතුරට අලුත් මුහුණක් ඉදිරිපත් කිරීමට ඔබ දෙදෙනාම එකග නොවන්නට හේතුවක් නොමැත.
රනිල් පසුගිය දෙපාරම ඉදිරිපත් නොවී පොදු අපේක්ෂකයෙක් දැම්මනේ ? මෙදා පාරත් බැරිනම් සජිත්ට දෙන්න, සජිත් පැරදුනොත් ලබන පාර අලුත් කෙනකුට දෙන්න, යුරෝපයේ දේශපාලන පක්ෂ අනුගමනය කරන්නේ එහෙම ක්‍රමයක්. එතකොට පක්ෂේ දක්ෂයන්ට අවස්ථාවක් ලැබෙනවා, පක්ෂ කැඩෙන්නේ නැහැ .
කොපමණ ඩිස්ලයික් දැම්මත් විද්‍යාගේ අදහස ඉතාම නිවැරදියි මේරට පත්ව තිබෙන තත්වයෙන් ගොඩ එන්නනම් නියම සුදුස්සා ඔහුම තමයි.
මෙම රටේ ජාතික නායකත්වයට පරිනත නායකයෙක් අවශයි. සජිත් කිසිසේත්ම පැසුණු බුද්ධියක් ඇති පරිනත නායකයෙක් නොවේ. එය තේරුම් ගැනීමට ඔහුගේ කතාවන් හා හැසිරීම ප්‍රමාණවත්. සරත් ෆොන්සේකා සජිත්ට බොහෝ ඉදිරියෙන් හිටියත් ඔහු යම් යම් තත්වයෙන් තුල ක්‍රියාකරන ආකාරය ප්‍රශ්නකාරීය. ඔහු ජනදිපති තරගයෙන් පරාජය වුනේ මෙම ප්‍රශ්න නිසාය. එමනිසා එජාපය තුල වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ කරු යන්න මගේ හැගීමි.
කවුරු කොහොම කිවත් මොනා කලත්, මෙරටට අත්‍යවශ්‍ය වන්නේ ඉහල උගත්කමක් ඇති මේරට ගැන හා ලෝකය ගැන මනා අවභෝදයක් ඇති අයෙකු මිස කට මෑත දොඩවන තවත් අයෙකු නොවේ.
බය නැති සහ වැඩක් කරලා තියෙන ඕන මිනිහෙක් සුදුසුයි.
ඔච්චර මහන්සි වෙන්න එපා. ඒජාපෙන් කව්රු ආවත් ජනපති වෙන්න බෑ..
1970 දී එජාපය ලැබූ පරාජය හමුවේ ජේආර් පක්ෂයෙන් පන්නා තම බලය තහවුරු කරගැනීමට ඩඩ්ලිව මෙහෙයවූ පිරිස 1977 දී 5/6 ක් බලයක් ලබාගත් ජේආර් පන්නන්න දිගටම යටිකුට්ටු වැඩ කරත්දී 1977 සිට 1983 දක්වා සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට ජේආර් සමත් වුනේ දෙමළ-මුස්ලිම් ඒකාධිකාරයක්ව පැවති ආනයන, අපනයන හා ප්‍රවාහන කටයුතු නවතා ආහාර ඇතුළු සියලු භාණ්ඩ හිඟයක් ඇතිකර 1975 සිට අරඹා තිබුණු ඊලාම් යුද්ධයද නවතා දමමිනි. එහෙත් ජේආර් විරෝධීන් කලුජුලිය හා ජේවීපී භීෂණ තුළින්ද ජේආර් හිතවාදී පක්ෂ සභාපති හර්ෂ ඇතුළු 6000 ට නොඅඩු පිරිසක් ඝාතනය කර ඒ ශ්‍රේෂ්ට දේශපාලනඥයාට තවදුරටත් කරන්නට බැරිම තැනටම පත් කර එජාපයත් අන්ත අසරණ කර තිබියදී 1994 මහා මැතිවරණයේදී විරුද්ධ පාක්ෂිකයින්ට බලය නොදුන්නොත් එජාප නමවත් නොපවිතන බව ජේආර් ප්‍රකාශ කළ කාලයේ අවශ්‍යතාවයට එතුමාම ඇතිකළ ඒකාධිපති ක්‍රමයට පටහැනිව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමිනි. අද රනිල් ඒ ඒකාධිපතිත්වය දුර්වල කර ස්වාධින කොමිෂන් තුළින් ව්‍යවස්ථාදායකය ක්‍රියාවට නංවමින් ප්‍රජාතන්ත්‍රවාදය 90% කින් මතුකර එජාපය වැටී තිබුණු අන්ත අසරණ බැවින් මුදවා ගන්නට බැනුම් අසමින් කල ගරු මෙහෙවර නොවන්නට එජාපයක් නැත.
එහෙම කියන තරුණ තරුණියෝ කී දෙනෙක් ඔබට හමුවෙලා තිබෙනවාද. 1000,10000ක්?
ෆොන්සේකා කියන්නේ මේ රට අපට රැකදුන් තැනැත්තා. අද පාර්ලිමේන්තුවේ ඉන්න කාටත් එවැනි සුදුසු කමක් නැහැ .
මීට ගොඩාක් කලින් තමයි ඔය තීන්දුව ගන්න තිබ්බේ ...!!!
දෙන්න එක්ක එකතු වෙලා සරත් ෆොන්සේකා ව ඉදිරිපත් කරන්න රටේ විනයක් හදන්න ඕන නම්.