(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය ගැනීම සියලු පක්‍ෂ වලින් සමන්විතව පිහිටවන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ වල එකඟතාවයෙන් ගැනීමට අද (22) රැස්වූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය.
ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීරණය කළ යුත්තේ සියලු පක්‍ෂ වලින් සමන්විත පුළුල් සන්ධානය පිහිටවීමෙන් අනතුරුව බවද මන්ත්‍රී කණ්ඩායමේ තීරණය විය.
එහෙත් අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සිය පෞද්ගලික අදහස ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරණය ජය ගැනීමටනම් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවයි.එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් , අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ද එම අදහස අනුමත කරමින් අදහස් පළ කර තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ වැඩිකල් නොගොස් ජනාධිපතිවරණ අපේක්ෂකයා කව්දැයි තීරණයක් ගතයුතු බවයි.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් නොකර ඇති පසුබිමක අපේක්ෂකයෙකු නම් කිරීම පලක් නැති කාර්යක් ලෙසද තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
සියලු කරුණු වලට ඇහුම්කන් දුන් එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සුදුසු මොහොතේ සුදුසු නායකයා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය තීරණයක් ගනු ඇති බවයි.
එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් සිය පෞද්ගලික අදහස් ඉදිරිපත් කලද පක්ෂයක් ලෙස ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොගත් බවයි.
එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් හොඳයි.
තවම නාම යෝජනා දෙන්න තීන්දු කරල නැති උනාට සමහරු දැනටම ජනාධිපති වෙලා වගේනේ කතා කරන්නේ. "මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කරගන්නේ නැහැ " කියන ගමන්ම මහ නායක ස්වාමින් වහන්සේලා මුණ ගැහිලා " මැතිවරණයක් ගැන හිතන්න කලින් මට චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්න තිබෙනවා" කියල ඒක මාධ්‍ය මඟින් ප්‍රචාරය කර ගන්නවා. අනිච්චේ දුක්ඛේ සංසාරේ.
ඔයගොලන්ට දිනන්න ඕනෙනම් ජනතාව ඉල්ලන පක්ෂයේ ජනප්‍රියම පුද්ගලයා වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ ඇතුලෙම ඉන්න ජනතාව ප්‍රතික්ෂේප කරන ඇමතිලා කියන නම් දැම්මොත් පරාජය නියතයි. එවිට අපේ චන්දෙත් අනිත් පැත්තට.
සජිත්ට වඩා දේශපාලනය ගැන මනා දැනුමක් මෙන්ම වෙනත් කටයුතුවලදී විශාල පලපුරුද්දක් තිබෙන කතානායක කරු ජයසූරිය මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කළොත් එය ඉතා වාසිදායක වෙනවා ඇත..!!! මතකද රනිල් අගමැති තනතුරෙන් ඉවත්කර මහින්ද එතැනට සිරිසේන විසින් උස්සා තැබූ වෙලාවේදී කරුගේ නුවණ නිසා සිරිසේන පල්වුණු හැටි. ඒක කරු නොහිතන සිරිසේන රාජපක්ෂ තවමත් දීගකමින් පෙම් සුව විඳිනවා ඇත.
කවුරු දැම්මත්... ජනතාවට එපාවෙලා ඉන්නේ..
කොහොම ආවත් එජාපෙට මේ පාර අන්ත පරාජයක් ලැබෙන බව නම් වලක්වන්න බෑ
සජිත් ජාතික නායකත්වයකට කිසිම සුදුසු කමක් නැත. එජාප ගමේ බහුතරයක් සජිත්ට කැමති විය හැක. අද JR යුගයට වඩා දේශපාලන වාතාවරණය වෙනස්වී ඇත. එම ගමේ එජාප ඡන්ද වලින් පමණක් ඡන්ද දිනිය හැකි යි කල්පනා කරන්නේ නම් එය මුලාවකි. ලංකාව මුහුණදී ඇති සංකීර්ණ ප්‍රශ්න විසදීමට පරිනත දර්ශනයක් ඇති නායකයෙක් අවශ්‍ය වන අතර ගැලරි නායකයෙකුට එය කල නොහැක. ලංකාවේ ගමේ ඡන්ද පදනම පමණක් සලකා බලන්නේ නම් මහින්ද ඉදිරියෙන් සිටින බව නිසැකය. ජනාධිපති වරණයෙන් ජය ගත හැක්කේ සුළු ජාතික ඡන්ද විශේෂයෙන් උතුර ඡන්ද ලබා ගැනීමට සමත් වුවහොත් පමණි.
තමුන්නාන්සේලා කොහොම අපේක්ෂකයා තෝරා ගත්තත් ජනාධිපතිවරණය ජය ගැනීම හීනයක් විතරයි. කොහොම ජනතාව අන්දන්න ආවත් ඇද ගන්න වෙන්නෙ තමුන්නාන්සේලාටම තමයි.
රවී තමයි හොද. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ටයෙක් වගේම අත්දැකීම් බහුල පරිනත බුද්ධිමතෙක්. රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්. තවත් මොන සුදුසුකම්ද ?
ඔය කාව පත්කර ගත්තත් ඔය 225න් කී දෙනෙක්ට මෙදා ගෙදර යවන්නද කියලා රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ, ඒ නිසා වැඩි හීන දකින්න එපා.
පුළුල් සන්ධානයක් පිහිටවීමෙන් පස්සේ තීරණ ගන්නවා කීවට සමහරු දැන්මම කටයුතු කරන්නේ ජනාධිපති වෙලා වගෙයි කියලයි අපටනම් පෙනෙන්නේ. සුළු ජාතීන් සම්බන්ධයෙන් මිට පෙර සංවේදී නොවූ එම පුද්ගලයින් දැන් වෙනස්වී ඇති ආකාරය සම්බන්ධයෙන් ඇතැමෙකු විමතියෙන් ඉන්නා බවත් ඒ කට්ටිය එලෙස කටයුතු කරන්නට පටන් අරගෙන ඇත්තේ වෙනත් බලවේගයක් නිසා බවත් සමහරු කියනවා නේද?
ඇයි මහා බැංකුවේ විභාගෙත් පාස්...