(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයා සමඟ දිගින් දිගටම සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කළ බවත් හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ මැති ඇමතිවරුන් පිරිසක් අතර ඊයේ (20) රාත්‍රියේ කොළඹදී පැවති විශේෂ සකච්ඡාවකදී මේ තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බැවින් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටියේය.
පක්ෂ නායකයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පවා මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බැවින් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය කඩිනමින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පක්ෂය අතර ගැටුම් අර්බුද ඇතිවීමට පෙර ජනාධිපති අපේක්ෂක ධූරය සහ සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවයක් ඉතා කඩිනමින් ගන්නා ලෙසට යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිමට එම මැති ඇමතිවරුන් පිරිස තීරණය කළ බවත් ඔහු කීවේය.
මෙම සාකච්ඡාව පැය තුනකට අධික කාලයක් පැවති අතර ඒ සඳහා කැබිනට් ඇමතිවරුන් ඇතුලු මැති ඇමතිවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්ත, සුජීව සේනසිංහ, අජිත්. පී පෙරේරා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
අපිට සජිත්ව එපා. එක්සත් ජාතික පාක්ෂිකයින් හැමෝම ඉල්ලන්නේ රනිල්ව හෝ සාගලව..
අගමැති තේරුවත් වැඩක් නැහැ. ජනතාව කැමති නැති නම්. චණ්ඩි ක්‍රියාඅහලා හොඳට හිටිය සජිත්ව එපාවෙලා...
එජාපය විසින් තම ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නටත් පෙර සජිත් ප්‍රේමදාස විසින් මේ සිදුකරනුයේ හැබෑවටම එජාපය පැරද්දවීමේ වැඩ පිළිවෙලක්ද? ඔහු මේ විදියටම කටයුතු කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2010 වසරේදිත්, 2014 වසරේදීත් සජිත් හැසිරුනේ මේ ආකාරයටමයි. ඔහුගේ පියාද ජේ.ආර්. ගෙන් අගමැති කම ලබාගත්තේ ජනප්‍රියත්වය පෙන්නා දැවැන්ත බලපෑමක් එල්ලකරමිනි. ජනාධිපති වූ පසු රණසිංහ ප්‍රේමදාස, රංජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ඇතුළු එජාපයේ උගත් පිරිස් පන්නා ලඟට ගත්තේ සිරිසේන කුරේ, විජයපාල මෙන්ඩිස්, සොත්ති උපාලි, වීරකුමාර් (බාබු) වැන්නවුන්ය. සජිත් කරන්නට යන්නේද ඒ වැඩේමය. සජිත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළයුතුයි කියන කණ්ඩායමේ සමහරු මීට පෙර සජිත්ගේ "පලු ඇරිය"අය වෙති. අද රටට අවශ්‍ය ජනප්‍රිය උද්දච්ච පුද්ගලයකු නොව ඡන්දයෙන් පසු රට දිනවිය හැකි සරල, කාටත් ඇහුම්කන් දෙන කෙනෙකි. 2020 ජනාධිපතිට වඩා බලවත් වන්නේ අගමැතිවරයායි. මේ බව මේ කණ්ඩායමට තේරෙනවා නොඅනුමානය. සජිත් මේ හදන්නේ 2020දී එජාපය පරාජය කර ඒ කුඩුපට්ටම් තුළින් 2025දී ජනාධිපති වෙන්නටය. මේ දහං ගැටයට පක්ෂයේ ක්‍රියාකාරීන් අසුවිය යුතු නැත..
ඕක බොරු ගෝරියක්. ඉන්දියන් කාරයන් ඔවුන්ගේ ආර්ථිකේ රනිල්ට ඕනෑ විදියට විවෘත නොකරපු නිසා ඔවුන්ට වෙනත් වැඩ පිළිවෙලක් නැහැ. එයාලට චීන්නු සතයක් වෙන්නෙත් නැහැ. සුද්දන් ඉන්දියාවේ කීමට පිටින් යන්නෙත් නැහැ. ඉතින් තවතවත් ණය අරන් රට කරගෙන යනවා ඇරෙන්න රනිල්ට වෙන වැඩ පිළිවෙලක් නැහැ. ජාත්‍යන්තර සමීක්ෂණවලට අනුව රනිල්ගේ ඉල්ලුම බිංදුවට බැහැලා. දැන් රටේ පාලනය විරිද්ධ පක්ෂයට මාරුකරන වෙලාව. මැතිවරණයෙන් පස්සේ එදා කරු කළා වගේ කට්ටිය අරන් අනික් පැත්තට හේත්තු වෙන්න නම් හිතවත්කම් පෙන්නලා බැහැ. එ්ක නිසා රනිල්, සජිත් එකාට එකා විරුද්ධ බවක් පෙන්නනවා. ඡන්දෙන් පැරදුණත් කියන්න හේතුවක් තියෙනවා. එකමුතුකමක් නැති නිසා පැරදුණා කියලා... බොරුවක් නම් ඡන්දෙන් පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා... මේ අපිට සංදර්ශන පෙන්නනවා. අපේ හරක් ඒ පස්සෙන් යනවා.
උගතුන් හා මධ්‍යම පන්තිය සෑහෙන පිරිසක් කරූ සමඟයි. ගම්පළාත් සජිත්ට හොඳයි, හැබැයි ඒ පළාත් වලින් ගෝඨාව පරද්දන්න බැහැ. කරූට පමණයි තරඟයක් දිය හැක්කේ සමස්තයක් ලෙස සැලකුවිට.
ඇයි සජිත් ළමයව කොහේ හරි හංගලාද සුත්තර පුංචා? කෝකටත් ගිහින් බලන්නකෝ බටලන්ද පැත්තේ තියෙන වඩුමඩුව පැත්තේ...
ගෝඨා ගැන ඡන්දෙට පෙර කරුණාකර සිතා බලන්න. දැනටත් බොරු කියනවා තියෙන නඩුවලට බියෙන්...
මොකටද ඝෝඨාව පරාජය කරන්න යන්නේ? ඔහුට නඩු තිබෙනවා එහෙම කෙනෙකුට ඡන්ද අපේක්ෂකයෙකු වෙන්න බැහැ. ඔහුව පොහොට්ටුවෝ බලෙන් දමලා ජනපති වුණත් පෙත්සමකින් ගෙදර යන්න වෙනවාමයි. අනෙක අපි නම් දැකලා නැහැ මැතිවරණ ඉතිහාසයේම මේ වගේ බලෙන් ජනාධිපති අපේක්ෂක කම ඉල්ලාගෙන ගැටුම් ඇතිකරගන්නවා.
ඝෝඨාභය පරාජය කරන්න සජිත්? එහෙම උනොත් මෙරට ගොඩගන්නේ කොයි කාලයේද? මෙරටට මොකක්ද මේ වෙන්න යන්නේ. දෙමල්ලු රටින් කෑල්ලක් ඉල්ලන එක සාධාරණයි අඩු ගානෙ ඒ අයටවත් දියුණු වෙන්න.
අපිට ගෝඨා ඕන.
ජනාධිපති තනතුරේ බලය දැනටත් අඩුකරලා නම් 2020 තවත් බලය අඩුවෙලා අගමැතිට ජනාධිපතිටත් වඩා බලය වැඩිනම් අහවල් එකකටද ඕකට වැලි කන්නේ? තෙවරප්පෙරුම දැම්මත් අවුලක් නෑනේ.
එක කාලෙක නරියෙක් ගිහින් ඇතෙක් ළඟ බෙරිහන් දුන්නලු... අඩෝ, කැලේ රජා කව්ද කියලා. ඇතා සද්ද නැතුව ඉන්න ඉන්න... නරියා තවතවත් උඩ පැනපැන කෑගහන අතරේ අහළ පහළින් යන උන්ටත් කිව්වලු දැන් මේකා ඉවරයි, මුළු අඩවියේම පාලනය තියෙන්නේ මගේ අතේ, මම උඹලා සේරගේම අනාගතේ භාරගන්නවා කියලා. අන්තිමේ කරච්චලේ වැඩිකමටම ඇතා හොඬවැල වැනුවලු. එක වැදිලා අර නරිය බඹ ගාණක් ඈතට විසිවෙලා කකුලත් කැඩිලා ගාට ගාට කියනවලු, ඕකට තරහ ගන්න ඕනද? මම නෙමෙයි රජා කියලා කිව්වනම් මම පැත්තකට වෙනවනේ කියලා... මට නම් පෙනෙන්නේ සජිතුත් ඒ වගේමයි. ඡන්ද ගණනාවක් පැරදි පැරදී, අවුරුදු ගණනාවක් තමන්ගේ තනතුර ගිලිහෙන්නට නොදී ඉන්න රනිල් මේ කාගෙවත් නැටුමකට යටවෙයිද? තවත් අවුරුදු ගාණක් වුණත් ඉවසාගෙන ඉඳීවි.. අයෙත් තිත්තයගේ වාරේ එනකල්. බය තියෙන්නේ ඊට කලින් කජ්ජ ගහයිද කියන එකයි.
රනිල්ගේ ග්‍රහයා මේ දිනවල හොඳ බව සියලුම ප්‍රසිද්ධ ග්‍රහචාර්යවරුන්ගේ මතයයි. එම නිසා රනිල් තරග කළොත් ඔහු අනිවාර්යයෙන්ම දිනන්නේය.
බමුණු ආරච්චි.., ගෝඨා රට ගොඩ ගනීද? ඔහු වටා ඉන්න පිරිස අනුව හා දේශපාලන සෛලය අනුවයි මම කියන්නේ. යම් කාර්යයක් ඉටු කිරීමට ඔහු කාර්යශූර බව හැබෑව. නමුත් එය ප්‍රමාණවත් නොවේ.
ලොක්කෝ හදන්න කලින් පක්ෂ අල්ලගෙන ඉන්න අය හදන්න ඕනේ .