(තරිදු ජයවර්ධන සහ හර්ෂණ තුෂාර සිල්වා)
ඔක්තෝබර් 26 වැනිදාට පෙර පැවැති එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව පිහිටුවීම සඳහා සහාය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනිදා පත් කරනු ලැබූ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අපොහොසත් වී ඇතැයි දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
එම පත්වීමෙන් පසු මාසයක් ගෙවී ගියත් එම කාලයේදී අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුව රැස්වුවත් පත් කළ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය තිබෙන බව සනාථ කිරීමට අසමත්ව ඇතැයි ද දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.
අනෙක් අතට එම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නොවැම්බර් 14 සහ 16 යන දිනවලදී විශ්වාසභංගයක් සම්මත වූ බව ද දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ ලිපියේ සඳහන් වේ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනකුගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට යැවූ එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘‘පාර්ලිමේන්තුවේදී හඬ මගින් ඡන්ද විමසීම් කළ අතර විශ්වාසභංගයට සහාය පළ කරමින් මන්ත්‍රීවරුන් 122 ඡන්දය ප්‍රකාශ කළ බවත් ඔවුන් සියලු දෙනාගේ අත්සනින් යුතුව ලිපියක් ඔබටත් (ජනාධිපතිවරයාටත්) කතානායකවරයාටත් ඉදිරිපත් කරන ලදි.
කතානායකවරයා ද ඒ බව තහවුරු කරන ලදි.
මේ තත්ත්වය මත අදාළ මන්ත්‍රීවරයාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නැති බව තහවුරු වූ අතර එය කිසිදු විවාදයකින් තොරව පැහැදිලිව පෙන්නුම් කර ඇත.
ඒ අනුව මෙම කරුණ පෙන්වාදීමට අපි කැමැත්තෙමු.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අග්‍රාමාත්‍යවරයාට වීමට නොහැකි බව සනාථ විය. එම මන්ත්‍රීවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී නොවැම්බර් 14 සහ 16 යන දිනවලදී විශ්වාසභංගයක් ද සම්මත විය.
එම නිසා රටේ අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සහ මාසයකට වැඩි කාලයක් රටේ නීත්‍යනුකූලව පිහිටුවන ලද ආණ්ඩුවක් නැතැයි යන අර්බුදය රට තුළ නිර්මාණය. එම නිසා මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව අපි මහත් ගෞරවයෙන් සහ ඕනෑකමින් කියා සිටින්නෙමු.
එම තත්ත්වය තුළ මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය ඇතිව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සඳහා ඉලංකේ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපි ඔක්තෝබර් 26 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ පෙරමුණු ආණ්ඩුවට සහාය පළ කරන බව මෙයින් සඳහන් කරමු. එමෙන්ම එක්සත් ජාතික පෙරමුණෙන් නම් කරන අයකු ඔබේ අභිමතය පරිදි පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාස ඇතිව අග්‍රාමාත්‍ය ධුරයට පත්විය යුතු බව ද මෙයින් කියා සිටිමු”.
ආර්. සම්පන්දන්, මාවෛ සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන, ඩී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රීතරන්, ඊ. සරවනපවන්, සෙල්වම් අඩෛයිකලනාදන්, චාල්ස් නිර්මලනාතන්, ශාන්ති ශ්‍රීස්කන්ධරාසා, එස්. සිවමෝහන්
සීනිතම්බි යෝගේෂ්වරන්, කේ. කෝඩීස්වරන් සහ කේ. තුරෛනේසිංහම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් යොදා ඇත.


2025 නොවැම්බර් මස 21
191
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
254
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1147
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එජාපෙ ආණ්ඩුවක් පිහිටුවන්න දෙමළ සන්ධානයේ සහය
ගල්කටස් Thursday, 29 November 2018 10:58 AM
හ්ම්... උසාවි තීන්දුවෙන් පස්සේ ඔයාලට අාණ්ඩුවක් කරගෙන යන්න පුළුවන්නේ හරිම සතුටුයි. දැන් අර ඔයා තානාපතින්ට කීවේ පෙඩරල් දෙනවා කියන අයට සහයෝගය දෙනවා කියලනේ... හ්ම්.. එහෙනම් දැන් එ්ක ලබා දෙන්න පොරොන්දු වෙන්ටෑ නේ... බලමු අපි උසාවිය දෙස විමසිලිමත්ව බලා සිටින්නෙමු.
Sam Thursday, 29 November 2018 11:22 AM
හැංගි හැංගි වෙස් මුහුණු බැඳලා හිටපු කට්ටිය එලියේම නටන එක බොහොම හොඳයි.
Bamunuarachchi Thursday, 29 November 2018 01:25 PM
සහය නොදුන්නොත් ෆෙඩරල් ගිවිසුම කැඩෙනවා නේද?
smith Thursday, 29 November 2018 02:14 PM
කොටියාගේ උදව්වෙන් හරි කමක් නෑ... බලේට එන්න පුලුවන් නම් නේද සර්..!
sudda Thursday, 29 November 2018 11:57 PM
දැන් යූඑන්පී එකෙන් කියන්න මේ සහයෝගය ගන්න ඔබෙන් ඔවුන්ට දෙන සහයෝගය ගැනත්. හැංගිල වෙස් මුහුණු බැඳලා මෙච්චරකල් කරපු දේවල් දැන් එළිපිටම කරන්න.
Bandula. Friday, 30 November 2018 11:40 AM
ඔයා අද දාලා තිබුනේ දෙනවා කියපු ඒවා නේද? අනේ වාසනාවන් නැවතත් රට අරාජික වෙන්න, ත්‍රස්තවාදය පතුරවන්න, අහිංසක මිනිසුන් කොටවල වැඩේ අවිලෙනකොට ඔයාලා පිටරට ගිහින් සැඟවෙන්න කාලේ උදාවේගෙන එනවා වගේ...