(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණි ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා පැවසූ ආරක්‍ෂක තොරතුරු ඇතුළු බුද්ධි තොරතුරු ලෝකයට නිරාවරණය කරමින් ‘මිලේනියම් සිටි’ දෙවැනි පාවාදීම කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (30) පැවසීය.
මේ ආකාරයෙන් බුද්ධි අංශ හෙළිදරව් කිරීම ඉතා භයානක තත්ත්වයක් බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එසේ කිරීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් බව ද සඳහන් කළේය.
ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු දැනගත යුත්තේ වගකිව යුතු සීමිත පිරිසක් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
ලෝකයේ කිසිම රටක් මේ අයුරින් බුද්ධි අංශ හා ඊට අදාළ තොරතුරු ලෝකයට හෙළි කර නැතැයි කී මන්ත‍්‍රීවරයා පසුගිය ප‍්‍රහාරයේදී ආරක්‍ෂක අංශ අතින් වරදක් වී ඇත්නම් සොයා දඬුවම් කළ යුතු බව ද පැවසීය.
ඒ නිසා මෙම සාක්‍ෂි මාධ්‍යයට නිරාවරණය නොකරන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කියා සිටියේය.
එමෙන්ම සමහර තොරතුරු කවුරු කීවත් හෙළිදරව් කිරීමට නොහැකි බව කීමේ අයිතියක් බුද්ධි අංශයට තිබෙන බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මෙම කමිටුවේ වගකිව යුතු පරිණත සාමාජිකයින් සිටියා නම් එවැනි ප‍්‍රශ්න නොඅසන බව ද පැවසීය
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා පැවසුවේ ‘අයිස් ඔන්ලි’ වැනි බුද්ධි අංශය භාවිතා කරන රහස් වචන ආදිය ලෝකයට හෙළිදරව් වන සේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මාධ්‍ය ඔස්සේ වරදක් බවයි.
මෙම ප‍්‍රශ්න කිරීම් හරහා බුද්ධි අංශයට යම් බලපෑමක් වුවහොත් තේරීම් කාරක සභාව එහි වගකීම බාරගත යුතු යැයි ද සන්ධාන මහලේකම්වරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට අවුලක් නැහැ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා යහපාලනයට අාවඩන අාවැඩූ සේරමලා රටට කරපු විනාශයට වැහිනැති හෙන වදිනවා. බලාගෙන රවුම් ගහන්නේ අපි දෙන්නම් ඔයාලා සෙරටම අයිස් නොකවුට් වෙන්නම වරෙල්ලකො ඡන්දය ඉල්ලන්න. කැත විතරක් කට අැරලා කියන කෙබර ...
පාර්ලිමේන්තුවේ සිටින වගකිවයුතුම මන්ත්‍රී කෙනෙකු වන තමුන්නාන්සේ හෝ පක්ෂයේ වෙනත් කිසිවෙකුත් සහභාගි නොවීම මෙම වරද සිදුවීමට මූලිකම හේතුවක් ලෙස පෙනෙනවා. මෙහි සිදුකරන හා සිදුවන වැරදි තැන තැන නොකියා කමිටුවට ගොස් පෙන්වාදීම පරිනත බුද්ධිමත් පාලකයෙකුගේ වගකීමක්නේද? ඒ වගේම වැඩිපුර අවදානය යොමුකරන්නේ කමිටු සාමාජිකයින්ට නොව සාක්ෂි දෙන රහසේ සිටිය යුතු නිළධාරීන්ට වීම ජාතියේම විනාශයක්
මෙයාටත් භූමිතෙල් ගාලද? ඇත්ත එළිවෙනවට බය වගෙයි.
ජනාධිපතිතුමා වැරදි කාරයා වෙයි කියලා මෙයාලා බයයි..
අයියෝ ඒක මහා ලොකු දෙයක් නෙමේ. 21 වෙනිදා පටන් ආරක්ෂක රහස් දැනගන්න ඕනෑ. වග කිවයුතු පිරිස බවට මහ ජනතාව පත් වෙලා තියෙන්නේ... තමන් එහෙම කියලා හිතාගෙන හිටපු පාලකයෝ කියාගන්න නරුමයන් ටික පිට කොන්දක් නැති නිර්ලජ්ජිත අමනයින් පිරිසක් බව ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා ඉතුරු තොරතුරු ටිකත් මහා ජනතාවටම කියන්න. අපේ ආරක්ෂාව අපිම බලාගෙන ඉන්නේ අප්‍රේල් 21 ඉඳලා...
පාවා දීමක් නෙමෙයි.., සිද්ධිය ගැන විශ්ලේෂණයක් හොඳටම බයවෙලා වගෙයි.
තවත් නිදි කිරකිරා නොසිට කරුණාකර වෙන්නේ මොකද කියල ජනතාවට තේරුම් ගන්න ඉඩ දෙන්න. ඔබ තුමාලා හිටපු අගවිනිසුරු තුමියටත් මේ වගේ කමිටු 8පාස් නැති අය ගෙන්වල කලානේ.කවුරුවත් කකුලෙන් ඇද්දේ නැහැනේ. ඉවසන්න පුරුදු වෙන්න .මේ කමිටුවේ ඔබ තුමාල ඉන්නවද? ඉන්නවා නම් කමක් නැත. නැතිනම් කකුලෙන් නොඇද බලාගෙන ඉන්න අමාරුද?
මේ විමර්ශනයේදී බුද්ධි අංශ පාවිච්චි කරන රහස් සංකේතවල තේරුම පවා ප්‍රසිද්ධියේ අහනවා. අනේ මෙහෙමත් අමන රැලක්...
අනේද කියන්නෙ .. මෙන්න ඇහැරිල..