(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට මෙවර අමාත්‍යධූරයක් නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (18) රාත්‍රීයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එම හිටපු ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්ව සිටින අතර ඔහු පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයෙකු බවද පැවැසේ.
එම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා ඔහුට අමාත්‍යධූරයක් නොදීමට තීරණය කර ඇතැයිද සඳහන් කර ඇත.
COMMENTS
රනිල් අගමැති වෙලා තවම පැයක් ගියේ නැතිද ?
ෂුවර් සරත් ෆොන්සේකා මහතා වෙන්ටෑ බලන් ඉමු හොද හොද ජවනිකා ඉදිරියට...
එජාපයේ ප්‍රබල ඇමැතිවරයෙකුට මෙවර ඇමැතිමක් නොදෙන බව කියන මේතුමනේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා යලිත් වරක් අගමැති නොකරන බව කිවුවේත්.
අපට දැන් නම් පැහැදිලියි ඔබ තුමා දැඩි සටනක් කරමින් යු,අන්,පී හොර වැඩ නවත්වන්න අවුරුදු තුන හමාරක් තිස්සේ මහන්සි ගත් බව. දැනුත් ඉතින් දිගටම එහෙම කරන්න වෙයි. වෙනසකට තියෙන්නේ ඒ කාලේ ඔබේ කකුලෙන් ඇදපු කණ්ඩායම දැන් ඔබේ සහයට ඉඳීමයි. ඒ මොනවා කලත් අරයට මුදල් ඇමතිකම දෙන එක වලක්වන්න නම් බැරිවෙයි. අඩු ගානේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔබ තුමා යටතේ රඳවා ගන්න ලැබෙයි කියල අපි ප්‍රර්ථනා කරනවා.
අනේ මෙයාගේ බයිලා. කටට එන එන දේ කියවනවා. අන්තිමට පස්සේ කියනවා එ්ක මගේ පුද්ගලික මතය කියල. ඔය විදියට ගියොත් ළඟදීම මානසික අබාධිතයෙක් කියල දේශාභියෝගයක් ගෙනෙයි.
මෙය කවුද ඇමතිවරු ගැන තීරණය කරන්න? ආපසු නඩුවක් දාගන්න හිතිලා වගේ...... කොහොමත් දෝෂාභියෝගයක් ලබාගෙන ප්‍රජා අයිතියත් නැතිකරගෙන පොළොන්නරුවේ යන්න වෙන්නේ
අනිවාර්යයෙන්ම හොරුන් මංකොල්ලකරයින්ගේ මිනීමරුවන්ගේ රාජ්‍ය දේපල හොරකපු අයට නීති මගින් කටයුතු කරන්න එඩිතර සරත් ෆොන්සේකා මැතිතුමාට නීතිය සහ සාමය ඇමතිකම දිය යුතුමයි
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විපක්ෂය පෝෂණය කිරීම ලජ්ජා සහගතයි......
පෞද්ගලික තරහ මරහවල් රාජකාරිය කරද්දී අදාල නෑ ජනාධිපතිතුමනි. ඕකෙන් පේන්නෙ ඔබතුමාගේ නූගත් ගැමිබව.
තමන්ගේ නැවත ජනාධිපති සිහිනය බොඳ වන විට වෛරයෙන් නටන අපේ බෞද්ධ සරල ජනාධිපති !
ජනපති තුමාගේ කතා දැන් අපිට විහිළුවක්.
දැන් ඔබතුමා මේ රටේ ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක්නේ. හරිනම් ඔබ ඉවත්විය යුතුයි.
ෂුවර් එකටම සරත් ෆොන්සේකාට නීතිය සහ සාමය ඇමති කම මෙයා දෙන්නේ නැහැ. දුන්නොත් ඔක්කොම අහුවෙන බව දන්නා නිසා .
ආයිත් නාන්ඩ වගේ යන්නේ ඇදගෙනම, නිතිය ව්‍යවස්ථාව කියන්නේ උදේ කියලා හවසට වෙනස් වෙන එකක් නෙමෙයි කියලා කියලා දෙන්න කෙනෙක් නැත්ද හැබෑටම.
අපි කරන්න ඕන සමාජ සේවයක් , මිස ඇමති පට්ටම් අරගෙන කොමිස් ගහල තමන්ගේ පවුල පෝෂණය කිරීම නෙමෙයි . මේ රටේ මුදල් මහජනතාවගේ . දැන් වෙලා තියෙන්නේ මොලේ හැටියට නෙමේ ඉල්ලන පට්ටම. බලලෝබය නිසා මේ රටම නැතිවුනා. ඒ නිසා දැන්වත් ඔය පට්ටම් පස්සේ හබා නොගොස් රට බේරගන්න සැමෝම එකතු වෙලා. පක්ෂ පාට නොබලා ඇමති කම් එපා කියපු සියලු දෙනාට ප්‍රණාමය පුද කරමි. ඒ වාගේම නීතියට ගරු කරලා , මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඇප කැප වෙන මෙන් සියලු සමාජ සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා . දැන් දේශපාලකයා කියන වචනය ශබ්දකෝෂයෙන් අයින් කල යුතු කාලය .
ෂුවර් එකටම සරත් ෆොන්සෙකා මහතා විය යුතුයි. හොද හොද නැටුම් එළිවෙන ජාමෙට කිව්වලු.
තේරීමේ බලය ඇත්තේ අගමැතිටය.
මේකත් අර 225ම අත්සන් කලත් රනිල්ට දෙන්නේ නැහැ කිව්වා වගේද.?
දේශපාලනය සහ පෞද්ගලික කෝන්තර දෙක එකට පටලව ගන්න එපා...
පොන්සේකා මහතාට නීතිය සාමය දුන්නොත් හොරු අල්ලයි. ඩීල් නැතිවෙයි නේද?
නම මෛත්‍රී වුනාට වෛරයය වැඩීම නොනැවතී ක්‍රියාත්මක වීම අකුසල ය වඩාගැනීමක් මොනවා කරන්නද පාපයට තියෙන ලැදියාව නේ?
ගැලරියටද දන්නේ නැහැ කිව්වේ ?
225ම අත්සන් කලත් රනිල්ට දෙන්නේ නැහැ කිව්වෙත් මෙයාම නේද?
අනේ අම්මපා... ලැජ්ජාවක් කියලා දෙයක් නැත්ද?
සරත් ෆොන්සේකාට බය ජනාදිපති නොවේ, මහින්ද. ඔය මහින්දගේ බය තමයි ජනපති හරහා එන්නේ.
දැන් කීපාරක් ඔහොම කියලා ඇන ගත්තද.?
ඔව් ඔව් ඔව් දීලා පස්සේ කියන්ඩ පුළුවන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන පුද්ගලයෙක් හැටියට මට දෙන්ට වූනා කියලා.
මේ කව්රුත් නැද්ද හොද උපදේශක කෙනෙක්. කරොත් කරන්නේ නොහොබිනා බාල වැඩක්. එක පාරක් අනාගත්තා. දැන් තව පාරක් අනාගන්න හදනවා.
ඔබතුමා ඉන්නේ රටේ වෙන්නේ මොනවාද සොයා බලා කියලා වගකීම ගන්නද නැති නම් පුද්ගලික තරහවල් පිරිමහන්නද? රටේ ප්‍රධානියා නෙවෙයි මොන්ටිසෝරියේ මොනිටර් වගේනේ මේ වැඩ !
ඔහොම ගියොත් ඔබතුමාට විරුධව විශ්වාස භංගයක් අනිවාර්යයෙන්ම ගෙන ඒවි , එහෙම වුනොත් පොහොට්ටුවත් පාර්ලිමේන්තුව වර්ජනය කරාවී , එතකොට ඔබට ඡන්ද 20 වත් නැතුව උඩින්ම පැරදිලා ගෙදර යන්න වේවි
සරත් ෆොන්සේකාට මාර බයක්නේ මෙයාලා හැමෝටම තියෙන්නේ. මේ සේරම අර හොරු රැල රකින්නේ. අර පල් හොරුන්ට ඇමති පදවි දුන්නා. සරත් ෆොන්සේකා මහතාට දෙන්න ඕනෑ රටේ ආරක්ෂක ඇමතිකම රට හදන්න නම්...
දැනටමත් මෙයා ජනපති කමට නුසුදුස්සෙක් වෙලා ඉවරයි. ඒ ව්‍යවස්ථාව කඩපු නිසා. පළමුව මොහු ඉවත් කල යුතුයි. ඉන්පසු ඡන්දයක් පවත්වා නව රජයක් බිහි කල යුතුයි. නැත්නම් වෙන්නේ සල්ලි වියදම් කරලා, ඡන්දයක් තියලා, පත් වෙන අයට උනත්, මෙයා අකමැති නම් වැඩක් වෙන්නේ නැහැ.