(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයින්ගේ එකමුතුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසුම අපේක්ෂකයා නම් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (5) පස්වරුවේ පැවැසීය.
එම අපේක්ෂකයාත් සමඟ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.
‘‘අපේ පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක්. අපේ පක්ෂය තුළ විවිධ අදහස් තියෙනවා. ජනාධිපති අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේම නම් යෝජනා වෙලා තියෙනවා. ජනාධිපතිවරණයට පක්ෂය තුළ තියෙන උනන්දුව නිසා තමයි මෙහෙම වෙන්නේ. ජනාධිපතිවරණය වෙනකොට සියලුම නායකයින් එකතු වෙලා හරි තිරණයක් ගනීවී.
එක්සත් ජාතික පක්ෂය තමයි අද මේ වනවිට තියෙන ශක්තිමත්ම පක්ෂය. මෙවැනි අභියෝග වලට අපි මෙයට පෙරත් මුහුණ දුන්නා. නමුත් පක්ෂය කවදාවත් වැටුණේ නැහැ.
එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමත් සියලූ දෙනාම එකතු වෙලා සුදුසුම අපේක්ෂකයා අපි නම් කරනවා. ජනතාව බලාපොරොත්තු වෙන ඒ අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීමට අපි සියලු දෙනා කැපවීමෙන් කටයුතු කරනවා.
දැන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්දය එනවා. පක්ෂයක් විදියට අපි ඒකට මුහුණ දෙනවා. මේ ගැන අපි ගයන්ත කරුණාතිලක මහතා සමඟ සාකච්ඡා කළා. පක්ෂයක් විදියට අපි මේ මැතිවරණය ජයග‍්‍රහණය කිරීමට කටයුතු කරනවා’’යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයින්ගේ එකමුතුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා " සුදුසුම " අපේක්ෂකයා නම් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පවසා තිබේ. සුදුසුම නොව "වඩාත්ම සුදුසු" අපේක්ෂ්කය විය යුතුය අනෙක් පක්ෂවල ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් මෙන් සුපුරුදු මුහුණු නොව ( අලුත් මුහුණක් ) රටට ඉදිරිපත් කිරීමට හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය වේ. සම්ප්‍රදයනුකුල දේශපාලනයෙන් මිදී වෙනසකට එක්සත් ජාතික පක්ෂය අවතීරණ නොවන්නේනම් වසර 70ක සිට පැවත එන මඩ දේශපාලනය ලංකාවේ ඉදිරියටත් පවත්වාගෙන යාමට උගත් බුද්දිමත් ශ්‍රී ලාංකිකයන් අකමතිවනු ඇත. ලංකාව පැමිණ ඇත්තේ ඉතාමත් තීරණාත්මක මොහොතකටය. ලෝකයේ දියුණු රටවල් මෙන්ම සියලු ආයතන සමග මනා සම්බන්දකම් මනාවට ගොඩ නගා ඇති මේ අවස්ථවේ රටේ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය "එමතනතුරට බලය අඩු උවත් " පත් කර ගත යුත්තේ උගත් කෙනෙකි. ලංකාවේ පමණක් නොව විශේෂයෙන්ම ලෝකයා සමග ගනුදෙනු කළහැකි ලෝකය ගැන මනා අවබෝධයක් ඇති කෙනෙකු විය යුතුමය.
සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට ඉල්ලමින් සකස් කරන ලද පෙත්සමකට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බලහත්කාරයෙන් අත්සන් ලබා ගැනීමට කැබිනට් නොවන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් ගෙන යන ව්‍යාපාරයක් පිළිබඳව පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කොට ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා තිබේලු . එසේ අත්සන් නොකලොත් බැරිවෙලාවත් සජිත් ජනපති වුවොත් ඒ කිසිකෙනෙකුට මැතිවරණ නාමයෝජනා නොදෙන බවටත් තර්ජනය කරලාලු . ජනතාව හැමදාම මෙවුන්ට රැවටුනා අනේ මිනිසුනේ මෙදා පාරවත් මේ වගේ මුග්ධයින්ට අහුවෙන්න එපා .
ඔය කිව්වට හීනියට හිතේ තියෙනවා එහෙනම්?
එහෙමනම් අරය 'මං එනවා' කියල රට වටේ දුවන්නේ ඇයි. එහෙම රට වටේ පලයන් කියල ඉඩ දීල තියෙනවද? නැත්නම් විනය කැඩුවයි කියල එළවලා දානවද?
එකමුතුව කෙසේ වෙතත් කවුරු ජනාධිපති අපේක්ෂකයා වුනත් පක්ෂය දෙකට බෙදෙන එක වළක්වන්න බැහැ. නමුත් ඉන්න අය අතුරින් සුදුස්සා කරු ජයසූරිය විතරයි. අනිත් අය කෙළින්නෙ සෘජුවම පිස්සු.
කවුරු දැම්මත් පරාදයි.
සජිත්ට දෙන්න ඔච්චර ඇකැමති නම් රනිල්ටම ඉල්ලන්න කියනවකෝ.. නිකන් නායකත්වයේ එල්ලිලා ඉන්නේ නැතුව..
ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වෙන බව රනිල් වික්‍රමසිංහ අද උදේ අරලියගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින්ගේ රැස්වීමේදී ප්‍රකාශ කරාලු. මේ රැස්වීමට සජිත් ප්‍රේමදාස සහ මංගල සමරවීර සහභාගිවෙලා නැහැ. මේ ප්‍රකාශය ගැන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම විරෝධය පළකර වෙලේ රනිල් කියා ඇත්තේ "කවුරුත් අපේක්ෂකත්වයට පොරකන්න අවශ්‍ය නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මම දිනලා පෙන්නනවා" කියාලු. එවිට ප්‍රේමදාස වෙනුවෙන් කරුණු දැක්වූවන් "එහෙම කොහොමද? අපි ඊයෙත් කුරුණෑගල තිබ්බ රැස්වීමට විශාල සෙනඟක් ආවා. ජනතාවගේ ඉල්ලීම ඒක. ඒ නිසා මේක අසාධාරණයි" කීවාලු. අග්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් " යූ.එන්.පී රැස්වීම්වලට කොහොමත් සෙනඟ එනවා. දැන් ලබන සතියේ ඉඳලා මාත් රැස්වීම් තියන්න පටන් ගන්නවා. එතකොට මං ඔයිට වඩා සෙනඟ ගෙන්නලා පෙන්නන්නම්. මූලිකම දේ වෙන්නේ පක්ෂයේ එකමුතුව රකින එක. පක්ෂය කල්ලිවලට කඩන්න එපා. ඒක අපේ ජයග්‍රහණයට බාධාවක්. මේවා බේරන්නම බැරි නිසා තමයි මම ඉල්ලන්න තීරණය කලේ. කවුරු එක්ක තරඟ කලත් මම දිනනවා" කියා කීවාලු. දැන් තමයි සෙල්ලම පටන් ගන්නේ...
අපි නොදන්න සුදුස්සා. මොනවද මේ කතා?