IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාපය තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමකට සැරසෙයි

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )

උද්ගතව ඇති ව්‍යවස්ථා අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරි දින කීපය තුලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව වන බව එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(20) පැවසීය.

වාරියපොල මැතිවරණ කොට්ඨාසයේ එජාපයේ නව  ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව ට එක්වෙමින් ඒ මහතා මේ බව කීය .

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජූලි 02 දිනට ප්‍රථම පාර්ලිමේන්තුව රැස්විය යුතු බවයි.

මෙම අවස්ථාවට වාරියපොල හිටපු එජාප සංවිධායක මංජුල බණ්ඩාර මහතා, හිටපු වයඹ පලාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප ආසන සංවිධායකයින් ඇතුළු ආධාරකරුවෝ පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

එජාපය තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site