(මහේෂ් කීර්තිරත්න)
එක්සත් ජාතික පක්ෂයේ තිබු සියලු අර්බුද නිමාවට පවත්ව ඇති බවත්, ඉදිරි මහ මැතිවරණයේදි පොදු ලකුණකින් තරග කිරීමට තීරණය කර ඇති බවත්, එම අවසන් තීරණය හෙට(17) ගන්නා බවත් මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද(16) පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් සමග මාතලේ අලුවිහාරේ සිය කාර්යාලයේදි පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව කරන ඇතැම් ක්‍රියා හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව සිටින බවත් මේ වන විට රජයේ කාර්යාලවල දේශපාලන පලිගැනීම් සිදු වන බවත්ය.
ආණ්ඩුව ජනතාව මුලාවට පත් කරමින් විශාල වශයෙන් දේශපාලන පොරොන්දු මේ දිනවලදි දෙන බවත් උපාධිධාරීන්ට රැකියා ලබා දීම, රැකියා ලක්ෂයක් ලබා දීම, නිවාස ඉදි කිරීම, වතු සේවක වැටුප් වැඩි කිරීම ඇතුලු දෑ ලබා දෙන බවත් මේ සියල්ල කරගැනීමට තමන්ට බහුතර බලයක් ලබා දෙන ලෙසද ඒ අතර ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
2015 වසරේ පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව කළ සංවර්ධන වැඩසටහන්, සහන සැලසීම් වෙනත් කිසිදු රජයකින් නොකළ බවත් ඒ සියල්ල සිල්ලර දෙස බැලීම හා ජනතාව තේරුම් නොගැනීම නිසා ජනතාවම අද පීඩාවට පත්ව ඇති බවත් අලුවිහාරේ මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණය අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් බහුතර බලයක් ලබාගෙන බලයට පත් වන කී ඒ මහතා මේ සඳහා ගම්මාන මට්ටමේ සිටින පාක්ෂිකයින් මෙන්ම අනෙකුත් පිරිස් දැනුවත් කරන ලෙසද ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රොහිණී කුමාරි විජේරත්න, දඹුල්ල එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රි චන්න ගලප්පත්ති වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා යන මහත්ම මහත්මීහු පක්ෂ ක්‍රියාකාරීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
471
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘එජාපය තරග කරන ලකුණ ගැන තීරණය හෙට’
siri Sunday, 16 February 2020 12:21 PM
අදට වැඩිය හෙට හොඳයි. "හෙට" කියන්නේ ඉතින් කවදාවත් "එන" දවසක් නෙවේයිනේ.
saradiyel Sunday, 16 February 2020 12:59 PM
මොකක්ද දැනෙන ලකුණ? මල්වඩම හොඳ නැද්ද ?
saradiyel Sunday, 16 February 2020 04:34 PM
ඒකාන්තයෙන් ලකුණ මල්වඩම වෙන්න ඕනේ
Bamunuarachchi Monday, 17 February 2020 10:31 AM
ඡන්දෙන් පස්සේ තීරණයක් ගත්තොත් තමයි හොඳ නේද?