IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


‘එජාපය තරග කරන ලකුණ ගැන තීරණය හෙට’

(මහේෂ් කීර්තිරත්න)
 
එක්සත් ජාතික පක්ෂයේ තිබු සියලු අර්බුද නිමාවට පවත්ව ඇති බවත්, ඉදිරි මහ මැතිවරණයේදි පොදු ලකුණකින් තරග කිරීමට තීරණය කර ඇති බවත්, එම අවසන් තීරණය හෙට(17) ගන්නා බවත් මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) රංජිත් අලුවිහාරේ මහතා අද(16) පැවසීය.
 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් සමග මාතලේ අලුවිහාරේ සිය කාර්යාලයේදි පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව කරන ඇතැම් ක්‍රියා හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව සිටින බවත් මේ වන විට රජයේ කාර්යාලවල දේශපාලන පලිගැනීම් සිදු වන බවත්ය.
 
ආණ්ඩුව ජනතාව මුලාවට පත් කරමින් විශාල වශයෙන් දේශපාලන පොරොන්දු මේ දිනවලදි දෙන බවත් උපාධිධාරීන්ට රැකියා ලබා දීම, රැකියා ලක්ෂයක් ලබා දීම, නිවාස ඉදි කිරීම, වතු සේවක වැටුප් වැඩි කිරීම ඇතුලු දෑ ලබා දෙන බවත් මේ සියල්ල කරගැනීමට තමන්ට බහුතර බලයක් ලබා දෙන ලෙසද ඒ අතර ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
 
2015 වසරේ පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව කළ සංවර්ධන වැඩසටහන්, සහන සැලසීම් වෙනත් කිසිදු රජයකින් නොකළ බවත් ඒ සියල්ල සිල්ලර දෙස බැලීම හා ජනතාව තේරුම් නොගැනීම නිසා ජනතාවම අද පීඩාවට පත්ව ඇති බවත් අලුවිහාරේ මහතා පැවසීය.
 
ඉදිරි මහ මැතිවරණය අනිවාර්යෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් බහුතර බලයක් ලබාගෙන බලයට පත් වන  කී ඒ මහතා මේ සඳහා ගම්මාන මට්ටමේ සිටින පාක්ෂිකයින් මෙන්ම අනෙකුත් පිරිස් දැනුවත් කරන ලෙසද ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
 
මෙම අවස්ථාව සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත අලුවිහාරේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රොහිණී කුමාරි විජේරත්න, දඹුල්ල එජාප ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රි චන්න ගලප්පත්ති වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා යන මහත්ම මහත්මීහු පක්ෂ ක්‍රියාකාරීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (4)

‘එජාපය තරග කරන ලකුණ ගැන තීරණය හෙට’

siri Sunday, 16 February 2020 12:21 PM

අදට වැඩිය හෙට හොඳයි. "හෙට" කියන්නේ ඉතින් කවදාවත් "එන" දවසක් නෙවේයිනේ.

:       0       0

saradiyel Sunday, 16 February 2020 12:59 PM

මොකක්ද දැනෙන ලකුණ? මල්වඩම හොඳ නැද්ද ?

:       0       0

saradiyel Sunday, 16 February 2020 04:34 PM

ඒකාන්තයෙන් ලකුණ මල්වඩම වෙන්න ඕනේ

:       0       30

Bamunuarachchi Monday, 17 February 2020 10:31 AM

ඡන්දෙන් පස්සේ තීරණයක් ගත්තොත් තමයි හොඳ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 14 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site