කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, වසන්ත අලුවිහාරේ, සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා කැබිනට් නොවන ඇමැතිවරු ලෙස පත්කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මේ වන විට කැබිනට් ඇමැතිවරු 28 දෙනෙක් පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය 30 දක්වා සීමා විය යුතුය.
(ඩේලිමීරර් ඇසුරෙනි)
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරු පත් කරන්න ඇති වුවමනාවද දැන් රටේ ලොකුම අවශ්‍යතාව? අරහෙ පිළිකා රෝගීන්ට බෙහෙත් නැතිව ඉන්නවා. මොවුන්ට ඇමැතිකම් තදියම...
අවංකව සිතන්න මේ තරම් මුදල් අගහිඟකම් තිබියදී මේ හරකුන් හදන්නේ තවතවත් විනාශයක අරඹයා නොවේද? රටේ මොන ප්‍රශ්න තිබුණත් කමක් නැහැ... අපිට මරණාධාර සමිතියක හරි ඇමතියෙක් වෙන්න පුලුවන් නම්.. මේ නම් නියම හිවලුන්ය..
දැන් ඉතින් ඔය මැදැයි..... තව මොකට බාන වැඩිකරගන්නවද..... රටට බරක් මේ අය..රටට කිසිම ප්‍රයෝජනයක් ඇති අයද මේ..
ඔය අලුවිහාරෙලා හොඳ මිනිස්සු කියලා තමයි අපි අහලා තියෙන්නේ. බලන්ගියාම ඒක බොරුවක්නේ. බල තණ්හාව උතුරනවා...
රටේ මිනිසුන්ට තුන් වේල කන්නට නැති වුණත්, වොඩ්කා වතුර කිරීම වැනි ප්‍රාතිහාර්යයක් දැක්විය හැකි දක්ෂයෙකුට ඇමතිකම් නොදීම බලවත් අපරාධයකි...