(කාංචන කුමාර ආරියදාස)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට යන්නේ අතපය හතර බැඳ වතුරකට දැමූ ක්‍රමවේදයක් ලෙස බවත් අනිවාර්යෙන්ම එජාපයේ එක් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරනු ලබන්නේ පළිගැනීමකට බවත් සිදුවන්නේ ඉතා සූක්ෂම ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය තහවුරු කරගැනීම පක්ෂ නායකත්වය තහවුරු කරගැනීම සහ අග්‍රාමාත්‍ය සිහිනය සාර්ථක කරගැනීම සඳහා බවද හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව කවුරුන් ඡන්දය ඉල්ලා සිටියත් අනිවාර්යෙන්ම දැඩි අන්ත පරාජයකට පත් වීම සිදුවන බව කරුණාරත්න මහතා කිවේය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද තත්ත්වය මේ ආකාරයෙන්ම සිදු වන බව පක්ෂ කිහිපයක් දෙකට බෙදී තිබීම නිසා ජනතාවගේ කැමැත්ත ගැනීමට නොහැකිවන බවත් මෙවර එකවරම ජනතාවට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් අපේක්ෂාවේ පොදු අපේක්ෂකයා ජනාධිපති වන එක කිසිවකුටත් වැළැක්වීමට නොහැකි බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘එජාපයේ එක් කොටසක් සජිත්ගේ ජයග්‍රහණය වළක්වන්න වැඩකරනවා‘‘