IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


එජාපය අලියා ලකුණ අතහැරියොත් එය යළිත් ලැබෙන බවට සහතිකයක් දෙන්න බෑ

( +++ අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණ අතහැරියොත් එම ලකුණ මැතිවරණ කොමිසමේ පක්‍ෂ ලේඛනයට ඇතුළත් වන හෙයින් මැතිවරණයෙන් පසුව එය යළිත් එ.ජා.ප.යට ලැබෙන බවට කිසිදු සහතියක් දිය නොහැකි යැයි මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට දැනුම් දී ඇත.

‘අලියා’ ලකුණ සම්බන්ධයෙන් පමණක් නොව ‘හංසයා’ ලකුණ සම්බන්ධයෙන් ද ඒ තත්ත්වයම බලපාන බව මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

මැතිවරණ කොමිසම මෙසේ දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එ.ජා.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්‍ෂයේ ‘අලියා’ ලකුණ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ‘හංසයා’ ලකුණ ද මාරු කිරීමේ නීතිමය පසුබිම ගැන එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා තිබිණි.

කිසියම් ලියාපදිංචි පක්‍ෂයක් සිය ලකුණ අතහැරිය විට එය මැතිවරණ කොමිසමේ ‘ලකුණු ලයිස්තුවට’ ඇතුළත්වන බවත්, ඉන්පසුව පක්‍ෂ එකකට වැඩි ගණනක් එම ලකුණ ඉල්ලුවොත් එය ලබාදිය යුත්තේ කුමන පක්‍ෂයට දැයි යන්න කුසපත් ඇදීමෙන් තීරණය කිරීමට සිදුවන බවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ට පැහැදිලි කර දී ඇත.

මේ තත්ත්වය අනුව අලියා ලකුණ මෙන්ම හංසයා ලකුණ පක්‍ෂයකින් තවත් පක්‍ෂයකට මාරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.



අදහස් (0)

එජාපය අලියා ලකුණ අතහැරියොත් එය යළිත් ලැබෙන බවට සහතිකයක් දෙන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 331 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site