IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරු 21 වෙනුවට වෙනත් අය නම් කිරීම වළකයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

එක්සත් ජාතික පක්ෂ සාමජිකත්වයෙන් නෙරපූ  පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනකු වෙනුවට වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික  පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයෙන් මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් හා එම පක්ෂ විනය කමිටු ලේකම්වරයා වෙත ඊයේ (15) වාරණ නියෝගයක් නිකුත් කළේය.

බද්දේගම ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශීය සභා  මන්ත්‍රීවරුන් දෙදෙනෙක් , කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රවරයෙකු ඇතුළු  දිවයිනේ පළාත් පාලන ආයතන කීපයක් නියෝජනය කළ 21 දෙනකු මීට අයත්වේ.

ලබන 29දා තෙක් බලපැවැත්වෙන පරිදි කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා විසින් මෙම  වාරණ නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභිකයින් ලෙස කටයුතු කළ මංජුල වසන්ත, පී.එච්. ලියනගේ , කොළඹ නගර සභාවේ සභික ගමාච්චිගේ විජේදාස ඇතුළු විවිධ පළාත් පාලන ආයතන නියෝජනය කළ  මන්ත්‍රීවරුන් 21 ක් දෙනෙකු විසින් ගොනු කර තිබූ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණය නියෝගය නිකුත් කළේය.

මෙම පැමිණිලි වල වගඋත්තරකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ. එම පක්ෂයේ විනය කමිටුවේ ලේකම් සමින්ද ජයසේකර යන  මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

එම වගඋත්තරකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.


පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් වන  ෆර්මාන් කාසිම් හා තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉකුත් මැතිවරණවලදී  සමගි ජන බලවේගයට සහාය පළ කළේ යැයි චෝදනා කරමින් සිය  සේවාදායකයින්ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කර ඇති බවය.

සාමාජිකයින් නෙරපීමට පෙර ඔහුට සහ සාධාරණ විනය පරීක්ෂණයක් ලබාදීමට පක්ෂය ක්‍රියාකර නොමැති බවත් ඒ තුළින් පක්ෂය ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ද එම ජනාධිපති නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසාඅධිකරණය අනතුරුව මෙම වාරණ නියෝගය හා නොතීසි නිකුත් කරන ලදී.



අදහස් (0)

එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරු 21 වෙනුවට වෙනත් අය නම් කිරීම වළකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 436 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site