IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


‘එජාපයට යළි පණදෙන්න රුවන්ට පුළුවන්’

(නිමල කොඩිතුවක්කු)
 
රටේ දේශපාලන ඉතිහාසයේ දැවැන්ත ම රුක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට නැවත පණදීමට ජවසම්පන්න තරුණ නායකයෙකු වන රුවන් විජයවර්ධන මහතා ඉදිරිපත්වීම පිළිබඳ මහා සංඝරත්නය සතුටට පත්වන බව ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අද(15) පැවසූහ.
 
පසුගිය කාලයේ පක්ෂයේ සිදුවූ  අඩුපාඩු  සහ දුර්වලතා හඳුනාගෙන, මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින්  ඒවාට  ස්ථීරසාර විසඳුම් ලබාදෙමින්  මේ ගමන යා යුතු බවද උන්වහන්සේ අනුශාසනා කළහ.
 
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ  හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද පැමිණි අවස්ථාවේ දී අනුශාසනාවක් කරමින් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මේ බව පැවසූහ. එහිදී වැඩි දුරටත් අනුශාසනා කළ ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ  මෙසේද සඳහන් කළහ.
 
 “ජීවිතයේ සුවිශේෂී අවස්ථා වලදී මහා සංඝරත්නයේ  ආශිර්වාද ලබාගනිමින් ආගමානුකූලව  සැමරීම රුවන් විජයවර්ධන මහතා කුඩා කාලයේ ඉඳලම පුරුද්දක් කරගෙන තිබුණා. 1978 නවම් පෙරහර ආරම්භ කරද්දී කුඩා දරුවෙක් විදිහට එයට සම්බන්ධ වුණු එතුමා අදටත් එම කටයුතුවල මූලිකත්වය ගෙන කටයුතු කරනවා. දේශපාලනයට ආවට පස්සෙත් කෙතරම් කාර්යබහුල වුනත් ආගමික කටයුතුවලට සම්බන්ධ වෙන්න එතුමා අමතක කළේ නැහැ.
 
රුවන් විජයවර්ධන මහතාගේ පවුල් පසුබිම ගත්තත් ආගමට දහමට ලැදි පවුලකින් එතුමා පැවතගෙන එනවා. ඒ ආභාෂය ලබා ගනිමින් රුවන් විජයවර්ධන මහතා කටයුතු කරනවා. පූජනීය  මහා සංඝරත්නයේ ආශිර්වාදය  මේ පවුලට නිරතුරුවම තිබෙනවා. රුවන් විජේවර්ධන මහතාගේ පවුලේ උදවිය ආගම දහමට විශාල සේවයක් කරලා තියෙනවා. වැඩි දෙනෙක්ගේ අවධානයට ලක්නොවුණ  වල්බිහිවී තිබූ තන්තිරිමලේ රජමහා විහාරය පිළිසකර කරලා සංවර්ධනය කළා.  ඒ වගේම ශාසනික වශයෙන් ජාතික වශයෙන් මේ පරම්පරාවෙන් ඉෂ්ට වෙච්ච කාර්යභාරය තව ඉදිරියට ගෙනියන්න ඔබතුමන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඒ වගකීම හොදින් ඉෂ්ට සිද්ධ කරයි කියලා අපි විශ්වාස කරනවා.රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වීම ගැන මහා සංඝරත්නය විදියට අපි සතුටට පත්වෙනවා වගේම වගේම එතුමන්ට අපි ආශිර්වාද කරනවා.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ දැවැන්තම පක්ෂය. එය මේ රටේ දේශපාලන ඉතිහාසයේ දැවැන්තම රුක්ෂයක්. පසුගිය සමයේ හමාගිය සැඩ සුළංවලින් අතු ගැලවිලා, මුල් හෙල්ලිලා ඒ දැවැන්ත රුක්ෂයේ ශක්තිමත්භාවය හීන වෙලා තියෙනවා.ඒ රුක්ෂයට  නැවත පණදෙන්න  ඒ රුක්ෂයට හයියක් වෙන්න තරුණ ජවසම්පන්න නායකයෙක් එජාපයට අවශ්‍ය මොහොතක ඔබතුමාගේ මේ පත්වීම ගැන අපි සතුටු වෙනවා.
මහජන ප්‍රසාදය නැවත ඇති කරගන්න, තරුණ පිරිස් එක්ක සමීප වෙමින් එම පක්ෂය යළි ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතුයි. ජනතාවගේ පොදු අවශ්‍යතා මොනවද කියලා අවබෝධ කරගැනීම මේ ගමනේදි අවශ්‍ය වනවා. දේශපාලන ගමන එතරම් සුන්දර මටසිලුටු බවක් නැහැ. ඒ නිසා දේශපාලනයට, මහජන සේවයට  කැපවෙනවා නම් ඒ සියල්ල සමසිතින් විඳ දරා ගැනීමට ශක්තිමත් මනසක් තිබිය යුතුයි. ඒ වගේම දැඩි අධිෂ්ඨානශීලීව කටයුතු කළ යුතුයි.  ඒ සියලු දෙයින් පරිපූර්ණ පුද්ගලයෙක් විදියට අපි රුවන් විජයවර්ධන මහතාව දකිනවා.
 
මහජනතාව කැමතිනම්, තමන්ගේ  පක්ෂයේ සහෘදයින් කැමති නම්  අභියෝග වගකීම් භාර ගැනීමට කැමතියි කියලා  ඒ මහතා ප්‍රකාශ කළා. නායකයෙක් වුනහම  ඒ ශක්තිය තිබෙන්න ඕන. මවුපිය දෙපාර්ශවයෙන්ම එවැනි දායකත්වයක් මේරටේ දියුණුව වෙනුවෙන් ලබාදීම නිසා ඒ ශක්තිය නොතිබෙන්න විදියක් නැහැ.
 
ඉදිරියට යන ගමනේදී  මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උන්වහන්සේලාට සමීපව කටයුතු කරමින් ආගමික පරිසරය තමන්ගේ පක්ෂයට වැඩිපුර ලබාගෙන අනිකුත් ජාතීන්, ආගම්වල පූජක පක්ෂයත් සහ සම්බන්ධ කරගනිමින් කටයුතු කළ යුතුයි” යැයි ද ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවසූහ.



අදහස් (3)

‘එජාපයට යළි පණදෙන්න රුවන්ට පුළුවන්’

janabala asamagi Tuesday, 15 September 2020 09:37 AM

බම්බුව තමයි.

:       69       113

Demuni Uduwara Tuesday, 15 September 2020 02:03 PM

අවවාදය අගයකොට සලකනවා.

:       0       67

de silva Tuesday, 15 September 2020 07:37 PM

හාමුදුරුවනේ පන්සල් යන, බුදුදහම අදහන හැමෝටම ඡන්දෙ දිනලා පාර්ලිමේන්තු යන්න පුළුවන් නම් අද පාර්ලිමේන්තුවේ 100% ක් ඉන්න ඕනේ හාමුදුරුවරු නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site