(අංජුල මහික වීරරත්න)

පශ්චාත් කොරෝනා සමාජය තුළ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය ග්‍රාමීය මට්ටමේ දේශපාලන නායකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර  මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කොරෝනා වසංගත රැලි තුනක් හෝ හතරක් අවසන් වීමෙන් පසුව ලොව වෙනත් රටවල් දේශපාලන ක්‍රියාවල යෙදෙන ආකාරය ලංකාවට බලපාන අයුරින් සකසා එක්සත් ජාතික පක්ෂ බිම්මට්ටමේ නායකයින් දැනුවත් කිරීමට අපේක්ෂිතය.