IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එජනිසය බදාදා පාර්ලිමේන්තු යනවාද නැද්ද තීරණය තවම නෑ

සුජිත් හේවාජූලිගේ
 

බදාදා (12) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන්නේදැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් තීරණයක් ගෙන නොමැත.
 
පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්වී මේ පිළිබඳ තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වනවිට වර්ජනය කර ඇති පාර්ලිමේන්තු රැස්වීම් වාර ගණන පහකි. එනම් නොවැම්බර් 23, 27, 29, 30 හා දෙසැම්බර් 5 යන දිනවල පැවැති රැස්වීම්ය.
 
කතානායකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදාය අනුගමනය කරනතුරු පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වර්ජනය කළද කතානායකවරයා විසින්  පාර්ලිමේන්තුවේ කටයුතු එම දිනවල දිගටම පවත්වාගෙන යනු ලැබීය.



අදහස් (0)

එජනිසය බදාදා පාර්ලිමේන්තු යනවාද නැද්ද තීරණය තවම නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site