අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා (එච්එන්ඩීඒ) සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (03) කොළඹ පැවැත්විණි.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සියල්ල උපාධි මට්ටම දක්වා උසස් කිරීම සහ එම පාඨමාලා නැවත උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මෙම පාගමන සංවිධානය කර තිබිණි.
පා ගමනට සහභාගී වූ සිසුහු කොළඹ මරදාන ටෙක්නිකල් හන්දියේ සිට වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් ගත්හ.
පසුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් සමඟ ශිෂ්‍ය නියෝජිතයින් කළ සකච්ඡාවකින් අනතුරුව සිසුහු විසිර ගියහ.
සාකච්ඡාව අතරතුර විරෝධතා පා ගමනේ පැමිණි සිසුහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පරිශ්‍රයෙහි බිම වාඩි වී සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් බ්ලොක් කරගන්න බැරිවුණු නිසා හිතට අමාරු ඇති කට්ටියට, මොකද ඇතුළට ගත්තනේ. මේ ළමයි හැමතිස්සේම පාරේ. කාගේ හෝ වුවමනාවකට උද්ඝෝෂණ, අහිංසක දෙමව්පියන් හූල්ලනවා... අනේ අපේ ළමයි කවද්ද එළියට එන්නේ රස්සාවක් කරන්න කියලා...