(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය එංගලන්ත සංචාරයේදී ‘ජෛව ආරක්‍ෂක බුබුල' බිඳ දමමින් රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා එල්ල වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලබන බ්‍රහස්පතින්දා (29 වැනිදා) විශේෂ පංච පුද්ගල විනය කමිටුවට හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ විනය කමිටුව එදින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි සිද්ධියක් දාලා පොඩි දඩයක් ගහල වැඩේ ඉවර කරයි
ඒ කමිටුවේ වැරදි හොයන්න තව කමිටුවක් පත්කරමු. ඒ පත්කළ කමිටුවේ වැරදි හොයන්න තව අටමඟලයක් පත්කරමු. ඒ අටමඟලේ වැරැදි හොයන්න අලුත් පතෝල මැස්සක් ගහමු. අනේද කියන්නේ ෂම්මි ගොයියෝ..! මේ පත් කරන කමිටුවලට එන මිනිසුන් ස්වෙච්ඡාවෙන් එනවාද, එ් මිනිසුන්ගේ වටිනා කාලය, මේ සඳහා වියහියදම් කවුද ගෙවන්නේ? තමුන්ද ඒ බර පැන දරන්නේ? මේක හරියට සෞරග්‍රහ මණ්ඩලයේ තිබෙන ග්‍රහලෝක අතර තිබෙන ආකර්ෂණ බලය ගණනය කිරීමක් වැනි සංකීර්ණ ගැටලුවක්ද...? අනේ මේ වගේ "ගොන් හරකුන්.".... සමස්ථයක් ලෙස ගත් කළ "අප ශ්‍රී ලාංකිකයන් වැඩිම වැඩි පිරිසක් අපගේ මිලකළ නොහැකි මිනිස් කාලය කා දමන්න අති දක්ෂයෝය". ලැජ්ජාවෙන් වුවත් අප එය පිළිගත යුතුයි. මෙයත් එයට කදිම උදාහරණයකි.
රටේ තැනකම විනය පිරිහිලා... නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ විනයක් නෑ. ඒ වුණාට මොකද ක්‍රිකට්වල විතරක් විනය හොයන්නේ?
ලොකු දඬුවමක් දෙන්න යන පාටයි ,අවුරුදු 2 ක විතර තහනමක්
ආයිත් ඔය විෂබීජ ක්‍රිකට් ගෑවුනු හතරමායිමකට නොගත යුතුය.....
"දෙනෝදහක් අත ගත්තද බිරිදක් නැති ලමුනේ, නෑයෙක් නෑකම් නොකියන වීදිසරන ලමුනේ........... ලමුනේ" "සිගරැට් ගෙන දෝත පුරා කලු කුටියට පියමන් වන, ඔබේ දෑස දැකගත්තෙමි සැදෑකලෙක ලමුනේ...... ලමුනේ"
මොනවාද මේ විහිළු වැඩ? අරහේ ගහන ගහන මැච් පරාදයි.