(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.
මහජන අදහස් විමසීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති නිල කාර්යාලය වෙත අදහස් ප්‍රකාශ කිරීමට පසුගිය 20 වෙනිදා සිට අද (23) දක්වා අවස්ථාව ලබාදී තිබිණ.
මෙම දින කිහිපය තුළ විවිධ පළාත් සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ආගමික නායකයෝ, සිවිල් ක්‍රියාකාරීහු, මාධ්‍යවේදීහු, ව්‍යාපාරිකයෝ, වෘත්තීයවේදීහු, දේශපාලන පක්ෂ නියෝජිතයෝ, මුස්ලිම් සහ බෞද්ධ ආගමික සංවිධාන, කාන්තා සංවිධාන නියෝජනය කරන පුද්ගලයන් නිල කාර්යාලය වෙත පැමිණි ජාති, ආගම්, පළාත් භේදයකින් තොරව අදහස් ලබාදුන් බවත් උතුර - නැගෙනහිර ජනතාව ඇතුළු බහුතරයක් මෙම සංකල්පය යථාර්ථයක් වනු දැකීම රටේ සංවර්ධනයට ප්‍රබල උත්තේජනයක් බවත් ඥානසාර හිමියෝ පවසති.
පෞද්ගලිකව සහ සංවිධානාත්මකව අදහස් ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන සියලු දෙනා වෙනුවෙන් කාර්යාලය තවදුරටත් විවෘතව පවතින බවත් එම සියලු අදහස් රැස් කරගැනීම තමා ඇතුළු කණ්ඩායම ඕනෑම අවස්ථාවක සිදු කරන බව ද උන්වහන්සේ පැවසූහ.
“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදී උන්වහන්සේ එසේ පැවසූ අතර “එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය ඇතුළු එම බලකායේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
එක රටක් හදන්න ජනතාව උනන්දුවෙන්
කමල් Friday, 24 December 2021 07:33 AM
ඕකත් ජනාධිපතිතුමාගේ කාබනික පොහොර වගාව වගේ තමයි...
Bamunuarachchi Friday, 24 December 2021 07:48 AM
අපේ හාමුදුරුවනේ, තොප්පි කාරයින් ටිකක් ඉන්නවා පරිස්සමින්. ලෝකේ මිනිස්සු කෑම කනකොට, ගෙයකට ඇතුල් වෙනොට තොප්පිය ගලවනවා. මේ උන්දැලා තොප්පිය දානවා. ඉතින් කොහොමද එක නීතියක් හදන්නේ? 75% බෞද්ධයින් ඉන්න රටේ බෞද්ධ නීතිවලට මුල් තැන දෙන්න, මුස්ලිම් රටවල එහෙමයි සිද්ද වෙන්නේ. ඔවුන්ගේ ඡන්ද අපිට වැඩක් නැහැ.
Bamunuarachchi Friday, 24 December 2021 07:52 AM
ලෝකේ ලොකුම බෞද්ධ ස්ථූප තිබෙන හම්බ රටේත් බෞද්ධ නීති නැහැ. එහෙනම් 75%ක් බෞද්ධයින් ඉන්න මේ රටේ හම්බ නීති ඇතුළත් කරන්න එපා එපා එපාමයි...
harsha Friday, 24 December 2021 08:08 AM
අපරාදේ ජනතා මුදල්. මේ ශූටින්වල චිත්‍රපටිය එළියට එනවිට මේ අය බලයේත් නෑ..
Hafeel Friday, 24 December 2021 08:12 AM
දැන් යන විදියට චීනුන්, ඉන්දියානුවන් සහ ඇමරිකානුවන්ගේනුත් අදහස් ගන්න වෙන්නේ. එතකොට නීති හතරක්වත් සකස් කරන්න වෙනවා.
Asanga Friday, 24 December 2021 08:13 AM
නුඹලාගේ අවසානය වැඩි ඈතක නෑ. කර්මය කාටත් පොදුයි.
Kasun Friday, 24 December 2021 08:20 AM
ලාංකිකයා මෝඩයා... කැවුම් කන්න යෝධයා... කියලා කවුද කිව්වා වගේ මතකයි.
de silva Friday, 24 December 2021 08:37 AM
එක රටක් හදන්න නම් මුලින්ම නරක වචන කියන, ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන චීවරධාරීන් එළවා දමා රටේ බහුතරයක් අදහන ආගම වන බුදුසසුන පිරිසිදු කළ යුතුය.
sanjeewa Friday, 24 December 2021 08:46 AM
හිරේ ඉන්න ඕනෙ පුද්ගලයෝ අද ඉන්නේ රටේ සංස්ථාවල මුල් පුටුවල... එහෙම නොමැතිනම් ජනාධිපති උපදේශක ලෙස රට දිනෙන් දිනම පිරිහෙනවා. ජනතාව දුක් විඳිනවා. මේක ජනතාව විසින් විහින් කරගත් කරුමයක්...
ලුම්බිණි Friday, 24 December 2021 01:01 PM
මොකක් කිව්වා. එක රටක්...
BamunuarachchiFriday, 24 December 2021 05:02 PM
දැන්ද ඇහැරුනේ? ඔව් දැන් ඔක්කොම හෙල්මට් දානවා.
වාසුල රත්නවීර Friday, 24 December 2021 05:32 PM
ත්‍රිභාෂා ප්‍රතිපත්තිය: සිංහල මව්බස වන අයට දෙමළ බස ඉගෙන ගැනීමට උනන්දු කරවන පරිදිම දෙමළ මව් බස වන අයටත් ඊට සමානව සිංහල උගැන්මට දිරි දීම ජාතීන් හට මෙන්ම ප්‍රදේශ සඳහා වෙනස්වන අමුතු බැංකු, අමුතු විවාහ, අමුතු ඉඩම් නීති ආදී විෂම නීති අවලංගු කොට, ලංකාද්වීපය පුරා එකම නීතියකට යටත්ව සියලු පුරවැසියන්ට සිටීමට කටයුතු සම්පාදනය කිරීමයි..
ධර්මපාල පෙරේරා Friday, 24 December 2021 07:09 PM
අප රටේ ජාතික ආගමික සමානත්වයක් තිබෙන බව වචනයෙන් ප්‍රකාශ කළද, අපේ බෞද්ධ ස්වාමින් වහන්සේලා ඕනෑම උත්සවයකදී... පැමිණ සිටින පූජනීය උතුමන් හඳුන්වනුයේ " අන්‍යාගමික පූජකවරුන් " යනුවෙන් හඳුන්වමිනි. පූජකත්වයට "අන් " යන වචනය ආවේ කුමන ආධ්‍යාත්මික තලයක සිටද යන්න, ප්‍රශ්නයකි. වචනය නොවෙයි. මේ භික්ෂූන්ගේ චිත්ත සමාධියක් තිබේද?
Demuni Uduwara Saturday, 25 December 2021 06:39 AM
ජී ඥානසාර පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිසමට අනුව චෝදනා එල්ල වූ අයෙක්!
BamunuarachchiSaturday, 25 December 2021 04:55 PM
ඒ කිව්වේ බාප්පා ගැන වෙන්න ඇති...
BamunuarachchiSaturday, 25 December 2021 04:57 PM
සිංහල නමකින් ඉන්න හමබයෙක්ද දන්නේ නෑ. ඒ අයවත් ඥානසාර හිමිට අවමාන කළේ නැහැ.
fairoosMonday, 27 December 2021 05:18 PM
අනේ බමුණා... හොම්බ ඇනගෙනත්, මූණෙ දැලි ගෑවිලාවත් නැහැ නේද?
BamunuarachchiMonday, 27 December 2021 08:20 PM
ඈ බොල, සිංහල අපේ රටේ අපිට හොම්බට අනින්නේ කවුද? එහෙම කරන්න හිතපු අය තමයි රෝද පුටුවෙන් රිමාන්ඩ් එකේ හිටියේ?