( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකාවට ඇතුළු වූ ආකාරය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ඇතුළු ධීවරයෝ පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වරාය කටයුතු භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාරා ආයතනය ඇතුළු ආයතන නම්කර ඇත.
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූ අදාළ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවී ඇති බව එම පෙත්සමෙන් කියැවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය එසේ විය යුතුයි...!!!
ඕකට වගකියන්න ඕනේ වර්ණ භාර ඇමැති සහ කාර්ය සභාපති වැනි උසස් නිලධාරියෝ මිසක් වෙන කවුද?