(නිමන්ති රණසිංහ)
කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ අද කරුණු වාර්තා කළේය.
අදාළ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ පටිගත වී ඇති දත්ත අතර, ඉකුත් 2021 මැයි මස 01 වැනිදා සිට ජුනි මස 10 වැනිදා දක්වා අතර කාලයට අදාළ දත්තයන් මැකී ගොස් ඇති බවට කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගොස් ඇති බවට කොළඹ වරාය සදහන් කරන බැවින් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත අදාළ යන්ත්‍රය ඉදිරිපත් කර එකී දත්ත මැකී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව අදාළ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් අධිකරණය වත ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවේ ගින්න වැඩිකරලා අයියලා, මල්ලිලාගේ සාක්කු පුරවන මෙහෙයුම සාර්ථකව යනවා වගේ...ඔන්න ඔහොමයි නැවු ගිනි තියලා, නැවත රක්ෂණ මුදල් ගන්න උදව් කරලා කොමිස් ගන්නේ. අනිත් පැත්තෙන් රටට එන්න තියෙන රක්ෂණ මුදල් අහිමි කරලා ඒකෙනුත් කොමිස් කනවා. කොමිස් පවුලට ගිය රටනේ මේක...!!!
දත්ත මැකිලා නෙවෙයි.., මකලා.
මැකිලද? මකලද?
මැකිලා නෙවෙයි මකලා... දැන් ලැබුණු වන්දියත් මකලා...!!!
මැකිලාද මකලාද...? දැන් තේරෙනවා මේක දෙගොල්ලන්ම සම්බන්ධ වෙලා දීපු ගේමක් කියලා...
මුතු ඇටේ... දත්ත මැකීම වූ කලී.., ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘ නැවෙන් වරාය මෙහෙයුම් මැදිරියට ආ සන්නිවේදන දත්ත මැකිලාය. පාස්කු ප්‍රහාරය දින සහ ඊට අදාල දිනයන්හි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අතින් තමාගේ ජංගම දුරකථනයේ සන්නිවේදන දත්ත මැකී ගොසිනි. නමුත්...,'' මම මට පුළුවන් හැමදේම කළා. අදටත් මට හොඳට නින්ද යනවා." යනුවෙන් මොහු පැවසීය. තාජුදීන්ගේ වාහනේ ගිනිගත්තු දින.., අහළ පහළ සියළු CCTV කැඩිලාය. නැත්නම් දර්ශන පැහැදිලි නැත. ප්‍රශ්න නොදන්නා ගානට සිටීමට සමහරක් දක්ෂයෝය...
මැකිලා නෙවෙයි... මකලා වෙන්න පුළුවනි.!!!
පුළුවන් නම් මෙන්න මේවාට සම්බන්ධ තක්කඩි කවුද කියලා රටට කියන්න...
දැන් හරිනේ... කාටත් තේරෙනවා ඇති නැව කතා කරලා මෙහෙට අරගෙන කරගනිපු වින්නැහියක් බව... එහෙම දත්ත මැකෙනවා නම් ඕක කොමියුුනිකේෂන් සෙන්ටර් එකක්ද?
ඔන්න දැන් වෙන්න ඕනෑ දේ වෙන හැටි පේන්න පටන් අරගෙන... ඕවා ඔහොම නොවුණා නම් තමයි පුදුමේ... දැන් ඉතින් කවුරු කවුරුත් ගොඩ... කැස්බෑවොයි, මාළුයි, රටේ මුහුදයි තමයි අන්තිමට විනාශ වුනේ... රටට හානියක් වුණාම වගකිවයුතු අය ලිස්සලා යන ඔය ක්‍රමය තමයි මහ බැංකුවේ සිද්ධියේ ඉඳන් ඔය වෙන්නේ...
සී.අයි.ඩී.යත් ආණ්ඩුවේ, වරායත් ආණ්ඩුවේ... ඉතිං මැකෙන එක අහන්නත් දෙයක්ද?
අපි නිවට වෙලා හොඳටම... අපිට මොන හානියක් කරත් අන්තිමට අංගොඩ ජනතාවට හිරිහැර ඔක්කොම
මරු... !!
සමහර මර්ඩර් කේස් CCTV නෑ වගේ.. පුදුමේ ලෝකේ හොඳම වරාය කරන්න ඉන්නේ වරායේත් දත්ත මැකිලා... හරියටම ඒ දවස් දහයේ...
මේකනම් නිකන් හිටියේ ඇයි? මට නම් පෙනෙන්නේ අදාළ අංශයන්ගේ අකාර්යක්ෂමතාවයයි.
අහපු ගාණම බැරිවෙන්න මකන්න ඇති. දැන් දයා මහත්තයත් වෙන තැනකට ගිහින් දැම්මනේ.. මේ අය ඇරෙන්න ලංකාවේ ඔක්කොම ඉන්නේ මෝඩයින් කියලා හිතනවා ඇති...
මේ දත්ත මැකුණද? එසේ නැතිනම් නැවේ සත්‍ය කතාව එළිවුණහොත් ඉන් අවාසියක් වෙන නිසා මකා දැමුවාද?
ඒ ටික විතරයිනේ මැකිලා තියෙන්නේ.. නැව ගෙන්නලා ගිනිතියලා රටවලට ගෙවන්න තියන ණය ගෙවන්න වන්දිය ගත්න හදනවා කියන කතාව ඇත්ත වගේ මට පේන්නේ...
ඔය දත්ත නොමැකුණා නම් තමයි පුදුමේ. මෙවැනි දත්ත මැකී ඇති බවට ඉදිරියේදී නිවුස් එන බවට අප එදාම අවබෝධ කරගත්තා. දේශපාලන සම්බන්ධයක් ඇති හොරකමක්, ඝාතනයක් වුණාම CCTV දත්ත මැකෙනවා වගේ තමයි...
නීතිය පරදා දේශපාලනය ජයගත් රටක්... නොදකින්... බණ්ඩාරනායකලා, සේනානායකලා, රටට දායාද කළා.. මේ සාටක කාරයෝ ඇවිත් රටේ ජනතාවගේ සියලුම දේවල් උදුරා ගත්තා...
මෙහෙම ගියොත් නැවක් අපේ වරායට එවන්න සමාගම් දහපාරක් සිතයි නේද? එවිට අපිට වන්නේ කුමක්ද? ක්‍රමයෙන් මේ පාලකයන් අපේ රට ලෝකයෙන් හුදකලා කරන ගමනකට රැගෙන යනවා නේද?
දැන් අප රටේ නිදොස්භාවය ඔප්පු කරන්නේ කෙසේද? නැව් සමාගමේ තර්කවලට මුහුණ දෙන්නේ කෙසේද?
මේ සාටකය රට විනාශ කළා...
ඔය සුරංගනා කතන්දර 1970 ගණන්වල කියන්න පුළුවන්. එ්ත් මේ අපි ජීවත්වන 21 වන සියවසේ මැද හරියේදී අවුරුදු 10ක කුඩා ළමයෙක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඔය දත්ත නිකම් මැකෙන්නේ නැහැ. ඒවා අනිවාර්යයෙන්ම " මකලා "...!!! මකපු දත්ත සොයාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ලෙහෙසිම ක්‍රමය පණිවිඩ එවපු ට්‍රාන්ස්මිටරයේ ඇති යැවූ (sent) දත්ත ලබාගැනීම. ඒවගේම ඔය දත්ත මැකුණා කියන රෙකෝඩරයේ මව් කොම්පැනියෙන් (මැකුණු දත්ත නැවත මතුකර ගැනීමට) උදව් ලබාගැනීම. ඒ වගේම මම දන්නා විදිහට කැනඩාවේ ආයතනයක් තිබෙනවා මේ කාර්යයන් පහසුවෙන්, ඉක්මණට කරදීමට... කෙසේවෙතත්, මම නැවත නැවතත් කියනවා... ඒ දත්ත මැකුණේ නැහැ. ශ්‍රී ලංකාවේ අන්ත දූෂිත හොර මිනීමරු දේශපාලුවෙකුගේ "ඕඩර්" එකකට අනුව කොන්ද පණනැති අන්තේවාසික බයියෙක් විසින් කරන ලද "බලු" වැඩකි. ඒ වගේමයි.. මේ කරන සියලුම අසික්කිත වැඩවලට වගකිවයුත්තන් සොයාගෙන, කවදා හෝ " දඬුවම " එනබවත් ඔය කවුරු කවුරුත් හොඳින් මතකයේ තබාගත යුතුයි. සොබාදහම් නීතියේ මතක මකන්න බැහැ...!!!
තාජුදීන්ට, මාධ්‍යවේදීන්ට කරපු හරිය මතක් වුණා. කොහොමටත් පවුල් ආණ්ඩුව බලයේ ඉන්න කොට සිද්ද වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
ආයුධ එකට ඇතිල්ලිලා ... නොමැකුණා කියන එක පිළිගන්න.. අධිකරණය ඒක පිළිනොගන්න එකක් නෑ. එක රටක්.., සිද්දි 02ක්..
ඔය කියන දත්ත මැකුණේ නැව ගිණිගන්නත් කලින්... වැරැදිලාද මන්දා දාලා තියෙන්නේ...
හොරාකෑම තම නිපුණතාවය වුණාම මේ වගේ සිදුවීම් තොගපිටින් බලාපොරොත්තු වෙන්න පුළුවන්..!
දත්ත සිතාමතා මකා ඇතැයි සිතෙන්නේ නැද්ද?
සල්ලි කීයක් ගියාද මකන්න?