(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසනන්යේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්රස් පර්ල් නෞකාව දැන් තිබෙන ස්ථානයෙන් ඉවත් කිරීමට සැළසුම් කරමින් සිටින බව එම නෞකාව හිමි සිංගප්පූරු සමාගම ශ්රී ලංකාවට දැනුම් දී තිබේ.
නෙදර්ලන්ත සහ සිංගප්පූරු නෞකා විශේෂඥායන්ගෙන් සමන්විත කණ්ඩායමක් පවතින මෝසම් කාලගුණ තත්වය අවසන් වූ පසුව නෞකාව ඉවත්කිරීමට කටයුතු කරන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ වරායට කිලෝමීටර 10 කට පමණ දුරින් මෙම නෞකාව මේ වන විට තිබෙන ස්ථානයේ තෙල් පැල්ලමක් දැකිය හැකි බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලදරයන් කරුනාකර ඔය නැවෙන් මුහුදට වැටුනු රසායනික දෑ ගැන ලොවට කියන්න, ඒ හැර යුරෝපීයයන් ගෙන්වා ගැනීම අසීරු වේවි. ශබ්ද නැතිව සිට තවත් විනාශයකට මුල පුරන්න එපා.
දැන් ඉතින් හත්පොලේම තවරාගෙන හමාරයිනේ .දැන් ඕක කොතන තිබුනත් මොකද
එතකොට අර කුණු වට්ටක්කේ කියපු ඩොලර්. ඩේසි ආච්චිට දුන්නද?