
ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් නුවර සහ එරට ජනපද 50 සෑම අගනගරයකම ආයුධ සන්නද්ධ විරෝධතා පැවැත්වීමට සැලැසුම් කර ඇතැයි එරට ෆෙඩරල් විමර්ශන ආයතනය වන එක්සත් ජනපද විමර්ශන කාර්යංශය අනතුරු අඟවයි.
මේ සතිය අගදී එනම් ජනවාරි 16 වැනිදා ඇමෙරිකාවේ සෑම ජනපදයකටම අයත් අගනගරයක ද ජනවාරි 17 වැනිදා සිට ආයුධ සන්නද්ධ විරෝධතා ආරම්භ වනු ඇතැයි ද එක්සත් ජනපද විමර්ශන කාර්යංශය අනතුරු අඟවයි.
තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන 20 වැනිදා ය. එදින තෙක් මෙම විරෝධතා පැවැත්වෙනු ඇතැයි ද එක්සත් ජනපද විමර්ශන කාර්යංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
ව්‍යවස්ථාදායකය ඇතුළු රාජ්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ආයුධ සන්නද්ධ විරෝධතා ක්‍රියාත්මක වනු ඇතැයි එක්සත් ජනපද විමර්ශන කාර්යංශය දෙසැම්බර් 29 වැනිදා අනතුරු අඟවා ඇතැයි ද මේ වනවිට අනාවරණය වී තිබේ.
විරෝධතාවලට සහභාගී වන ඇතැම් පිරිස් අන්තවාදී කණ්ඩායම්වල සාමාජිකයන් යැයි ද එක්සත් ජනපද විමර්ශන කාර්යංශය තවදුරටත් අනතුරු අඟවා තිබේ.

(රොයිටර්)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd