( තිළිණි ද සිල්වා )

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු, මහින්ද සමරසිංහ මහතා, එරටදී මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඇමරිකා එක්සත් ජනපදයේ , ශ්‍රී ලංකා තානාපති ලෙස අභිනවයෙන් පත්වු මහින්ද සමරසිංහ මහතා, මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි , මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානය වෙත ගොස් , උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

මෙහිදී තානාපති මහින්ද සමරසිංහ මහතා , මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ, නව විහාරස්ථාන පරිශ්‍රය විවෘත කිරීමේ පුණ්‍යත්සවයටද සහභාගී වූයේය.

මෙම අවස්ථාවට බටහිර වර්ජනීයාවේ පිහිටි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති  හේනේපොල ගුණරතන නායක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ මීට සති දෙකකට පෙරදීය.

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කිරීමට බාර ගත් බැවින් සමරසිංහ මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූයේය.මහින්ද සමරසිංහ මහතා අවස්ථා කිහිපයකදීම මානව හිමික්ම හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත් , විදේශ ඇමතිවරයකු ලෙසද කටයුතු කළේය.