(මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි)
පෞද්ගලික ප‍්‍රවාහන සේවයට පහසුකම් වැඩිකිරීමෙන් ශී‍්‍ර ලංකාව අඟලක්වත් ඉදිරියට ගෙන යා නොහැකි බවත් වර්තමානයේ පවතින ප‍්‍රවාහන ගැටළුවට එකම විසඳුම පොදු ප‍්‍රවාහන සේවය වඩාත් දියුණු තත්ත්වයකට පත්කිරීම බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මාලඹේ - කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ සමාරම්භය කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති අවස්ථාවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ දිගු කාලීන අපේක්ෂාවක සාධනීය පියවරක් තබමින් ජපන් ජනරජයේ මිත‍්‍රශීලී මූල්‍යාධාර යටතේ මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙයි. මාලඹේ - කොළඹ සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ශී‍්‍ර ලාංකේප ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂයක් වන බවද ඇමතිවරයා පැවසීය.
”මේ රටේ තවදුරටත් පෞද්ගලික රථවාහනවලට ඉඩ දීමෙන් රට අඟලක්වත් ඉදිරියට ගෙනයන්න බැහැ. මොකද මාර්ග තදබදය විසින් විශාල සමාජ පීඩනයක් සහ බරපතල ආර්ථික පීඩනයක් අද වන විට එල්ල කර තිබෙන නිසා. ඒනිසා මේ රටේ සෑම පුරවැසියකුටම පෞද්ගලික වාහනයක් ලබාදීලා රටේ ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රය දියුණු කිරීමට තවදුරටත් නොහැකි බව අප සියළු දෙනාම අවබෝධ කර ගත යුතුයි” යයි ද ඇමැතිවරයා පැවසීය.
ඇමැතිවරයාගේ කතාවේ සත්‍ය අසත්‍යතාව මැනබැලීම අපටම කළ හැකිය.
සෑම දිනයකම උදෑසන 6.00 ත් 9.00 ත් අතරේ කොළඹ නගරයට ඇදී එන වාහනයක ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා යාමට ගතවන කාලය, මෙම කාලය ඇතුළතදී කොළඹට ඇදී එන වාහන සංඛ්‍යාවෙන් ගුණකර ගත්විට අපතේ යන මිනිස් පැය සංඛ්‍යාව ගණනය කරගත හැකිය. අසීරු ගණිත සූත‍්‍රයක් වුවද නිසක වශයෙන්ම එහි අවසාන අගය මිනිස් පැය මිලියන 10 ඉක්මවා යන්නක් බව නම් කිව හැකිය. සෑම දිනයකම සවස් කාලයත් ගත්විට එය දෙගුණ වෙයි. මාසයකදී එමෙන් 20 ගුණයකි.
”පසුගිය දශක එකහාමාරක පමණ කාලය තුළ රජයේ ප‍්‍රාග්ධන වියදම්වලින් 40% කට වැඩි ප‍්‍රමාණයක් වැය වුණේ පෞද්ගලික ප‍්‍රවාහනය ඉදිරියට ගෙනයාම සඳහායි. ඒත් මෙතැන් සිට ඇතිකරන මේ ව්‍යාපෘතිය මගින් විප්ලවකාරී ඉදිරි පියවරක් තබනවා”
”එහිදී විශේෂයෙන්ම දුම්රිය සේවය, බස් නවීකරණය, බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම, පවතින දුමරිය නවීකරණය වැනි ව්‍යාපෘති මගින් ඉදිරි දශකයේදී රටේ පොදු ප‍්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් තලයකට එසවී තැබෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් මේවා පිළිබඳව සැකමුසු තැන් ඇතිකළා. ඒත් රටේ ව්‍යාපෘතියක් ඇති කරන්නට දශක ගාණනක් වැය වෙනවා.” යයිද ඇමැතිවරයා පැවසීය.
”ශී‍්‍ර ලංකාවේ ජල විදුලි උත්පාදනයේ පුරෝගාමියා වූ විමලසුරේන්ද්‍ර මහතා 1936 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් වූ පළමු අවස්ථාවේදී එතුමා යෝජනා කළා අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා විදුලි දුම්රිය ගෙන එන්න. ඒ සඳහා තමයි ලක්ෂපාන ප‍්‍රධාන විදුලිබල මධ්‍යස්ථානය අවිස්සාවේල්ලේ ඉදිකළේ. දැන් වසර 100 කට ආසන්න වෙලා තිබුණත්, අපට එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව තිබෙන තත්වයක් අද වෙනකන් ඇවිත් තිබෙනවා.”
”නමුත් ‘‘මාලඹේ - කොළඹ සැහැල්ලූ දුම්රිය සේවා ව්‍යාපෘතියත්, යෝජිත දුම්රිය නවීකරණ ව්‍යාපෘතියත්, කැළණිවැලි දුම්රිය සහ අනෙකුත් දුම්රිය සේවාවලත් ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ විප්ලවකාරී පරිවර්තනයක් සිදුවෙයි කියා අපි විශ්වාස කරනවා”
”මැනිං වෙළෙඳපළ කොළඹ දුම්රිය ස්ථානය අසලින් ලබන වසරේදී ඉවත් කරනවා. ඒ වගේම ප‍්‍රංශ රජයේ ආධාරයෙන් කොටුව දුම්රිය ස්ථානයත් බස් නැවතුමත් එකට යා කෙරෙන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය මේ වන විට සැලසුම් කර අවසන් කර තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා ලබන වසරේදී එහි ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වටපිටාව ලබාදෙයි කියලා” යයිද පැවසූ ඇමැතිවරයා....
”මේ රටේ ව්‍යාපෘතියක් කරගෙන යාමට ඉතාම විශාල කාලයක් අවශ්‍ය වෙනවා. පසුගිය කාලයේ මේ රටේ සිදු වූ ව්‍යාපෘති බොහොමයක් ඊට දශක ගණනකට පෙර සැළසුම් කර අවශ්‍ය කරන ප‍්‍රතිපාදන සකස් කර තිබූ දේවල්. අපේ රටේ මහවැලි ව්‍යාපාරය එක්දහස් නමසිය පනස් ගණන්වල සැලසුම් කළ දෙයක්. අධිවේගී මාර්ග පද්ධතිය එක්දහස් නමසිය හැට ගණන්වල සැලසුම් කළ දෙයක්. ඒවා දැන් තමයි ක‍්‍රමයෙන් යථාර්ථයක් බවට පත් වෙන්නේ.” බවද පැවසීය.
”නමුත් මාලඹේ - කොළඹ සැහැල්ලූ දුම්රිය සේවා ව්‍යාපෘතිය 2016 දී ආරම්භ කරලා 2019 වන විට සියලූම අධ්‍යනයන් අවසන් කරලා මෙය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරන තත්වයකට පත්වුණා. ....2024-25 වන විට අලූත් රටක් ගොඩනගා ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ දුම්රිය පද්ධතිය එනවාය කියන විශ්වාසය නිසා පසුගිය වසරේ බත්තරමුල්ල සහ අවට ප‍්‍රදේශවල ඉඩම් මිල ගණන් 129%කින් වැඩි වූ බව ප‍්‍රකාශ කළ යුතුයි. ඒ නිසා දැනටමත් සැළකිය යුතු ප‍්‍රතිලාභයක් අපේ ජනතාවටත්, ඉඩම් හිමියන්ටත් ලැබී අවසන්. ඔවුනට යුක්ති සහගත වන්දි ගෙවීම් ක‍්‍රමයක් සමඟ මේ කටයුත්ත අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා” යයිද ඇමැතිවරයා පැවසීය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර ප‍්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ යන මහත්වරුද කොළඹ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැති මෙම උත්සවයට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොටෝම ඉස්සෙල්ල බස්වල හිටගෙන යන එක තහනම් කරන්න. ඒ ඇති බස් සේවය කාර්යක්ෂම කරන්න. ඉතුරු හරිය පස්සෙ කියන්නම්.
අනේ අපි දැනගෙන හිටියේ නැහැ නොව පොදු ප්‍රවාහනේ වටිනවා කියලා. අගමැතිතුමාගේ දක්ෂ මොලේ!! පුංචි කාර් දෙනවා කීවේ වැරදිලද මන්දා? මදෑ බලන් හිටියා ගන්න..
පාඨලී සම්භාවනීය අමුත්තන් අතර ඉන්නේ බොහොම චාම් විධියට වගේ පේන්නේ. ඒක දිසි අරුත - එතකොට මේකේ වැසි අරුත?
ගුවන් ගමන් බලපත්‍රයක්, හැදුනුම් පතක් ලබාගන්න , සංචාරකයෙකුට විසා එකක දිගුකරගන්න, රජයේ කාර්යාලවලින් වැඩක් කරගන්න හැම දෙයකටම කොළඹ එන්න වෙලා , මේ වැඩ එම පළාත්වලින්ම කරගන්න ජනතාවට පහසුකම් සලසලා දුන්න නම් මේ කරදර මුකුත්ම නැහැ , මෙච්චර මිනිස්සු කොළඹ එන්න ඕනේ නැහැ .
හොඳ වැඩක්... හැබැයි බොරුත් ටිකක් කියලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සැලසුම් කලේ 2016 කියලා. අනෙක් එක මහවැලි ව්‍යාපෘතිය, අධිවේගි ව්‍යාපෘති නුවරට සැලසුම් කරලා තිබුණට එවකට තිබූ ආණ්ඩු මේවා අතැරලා දාලා තිබුණේ...
මහා ලොකු දේශ හිතෛෂියා. යකෝ ඔය උත්සවය රජයේ රැස්වීම් ශාලාවක පැවැත්වූවා නම් රටට කොච්චර සල්ලියක් ඉතුරුවෙලාද? බොරු ශෝ... වැඩ විතරයි. හැබැයි කට ඇරියොත් රටේ සල්ලි නාස්තිය ගැන කතා කරන වෙන කව්රුවත් නැහැ. කොච්චර අහිංසක ගම්වල ළමයි කෑම වේලක් නැතුව බඩගින්නේ ඉන්නවද? ඔක්කොම දේශපාලකයන්ට හෙන ගහනව මේ කරන නාස්තියට...
අපේ රටේ රජයේ ආයතන ගොඩක් තියෙන්නේ කොළඹ. ඒ වගේම බලන්න අපේ රටේ පොඩි වැඩක් කරගන්නත් කී සැරයක් ආණ්ඩුවේ ආයතන වලට යන්න ඕනේ ද ? ඕනෙම දෙයක් කරන්න ගියහම එකම උප්පැන සහතිකේ ආණ්ඩුවේ ආයතන කීයකට දෙන්නද ? පුළුවන් තරම් පරිගණක හා ජාලගත කරානම් හැමෝම පොඩි දේටත් ආණ්ඩුවේ ආයතන වලට බඩ ගාන්න ඕනේ නැ. එතකොට ඔය නගරබද තදබදය අඩු වෙනවා.
ඇමතිතුමා, අලුතින් පටන් ගන්න ඉස්සර වෙලා තියෙන එක රැකගන්නත් බලන්න. අන්න අරහෙ දුම්රිය වැඩ වර්ජනයක්, ඔබ තුමා දන්නේ නැතුව ඇති , ඒකයි දැනුවත් කලේ.
මේගොල්ලෝ හරියකට පාරේ බස් එකක දුම්රියක ගියා නම් තමයි හරි. මොකද මේ කියන කතා සේරම තොරන් වැඩ. කිව්වත් වගේ මේ සෝබන උත්සවයටම හොද බිලක් දාලා ඇති මෙලහකට. මේ අන්තිම මාස දෙකට නටන විදියක් හැබැටම.
දින 52 ආණ්ඩුවෙන් ලබාගත් මැරයින් සිටි (පෝට් සිටි 2) ව්‍යාපෘතිය තාම පටන් ගත්තේ නැහැ.