(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂ සහෝදරයන්ගේ එකමුතුකම දෙස බලා හෝ විපක්ෂයේ පක්ෂ එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් නවීන් දිසානායක මහතා පැවසූයේ එකතු වෙන්න බැරිනම් රාජපක්ෂ සහෝදරවරුන් පරද්දන්නට නොහැකි බවයි.
"දැන් බලන්න ඒගොල්ලන්ගෙ තියන එකමුතුකම. අන්තිමට මොකද වුණේ."බැසිල් ගන්නේ නෑ, බැසිල්ට දෙන්නෙ ආර්ථික සංවර්ධනය විතරයි,බැසිල්ට මුදල් දෙන්නේ නෑ" ඔය වගේ කතා ගොඩක් ගියා නේ. අන්තිමට තුන්දෙනා එකතු වෙලා හිනාවෙවී ඇමතිකම් ටික බෙදා ගත්තනේ.
රාජපක්ෂලා ඔවුන්ට තිබෙන බල කෑදරකම වෙනුවෙන් ඕනම දෙයක් කරයි .අපිට මේක තේරුම් ගන්න බැරි වෙනකම් රටට දෙයියන්ගේම පිහිටයි. යනුවෙන්ද නවීන් දිසානායක මහතා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවීන් මහත්තයෝ, රාජපක්‍ෂලා කියන්නේ සහෝදරයෝ. රනිල් සහ සජිත් කියන්නේ සහෝදරයෝ නොවෙයි. රනිල් එක්ක සජිත් එකතු වුණොත් අපි සමඟි ජනබලවේගයටත් ඡන්දෙ දෙන්නේ නෑ. ඔයාට ඔන නම් සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය ගන්න මහත්තයෝ.
මේ කියන කතාවේ ගැඹුරක් තිබෙනවා. ලංකාවේ මොන සහෝදරයින්ද මෙතරම්ම එකමුතුව ඉන්නේ...? එකමුතුවේ ප්‍රතිඵලය තමයි ඒ...
සහතික ඇත්ත
නමේ සිටම වැරදිය නුඹලගෙ තර්ක හමේ පාට බල බල දෙනවද ඵලක ගමේ කමටවත් හොඳ නැත අතිරේක විනේ තරම පව්ලක ඉමහත් කුහක .
සමගිය බලය වේ කියලා තමා අපි නම් දන්නේ. සහෝදර සමාගම එකට එකතු වෙලා ඉන්නේ දූෂිත, බලලෝභී බඩගෝස්තරවාදියන් හින්දා. එක වගේ අය එකට එකතු වෙන එක අමුතුවෙන් කියන්න දෙයක්ද?.
අන්දරේ සීනි කෑවා වගේ කට්ටියම ඒ ඒ අය අතරේ අපේ වත්කම් බෙදා ගන්නවා.
එකමුතුකම උරගා බලන්න හොඳ අවස්තාවක් ලඟදි උදා වෙනවා ඔන්න. ඇමති මණ්ඩල සංශෝධනයක් එක්ක ලොකු පුතාට අගමැති තනතුර දෙන්න යනවා කියලයි කියන්නේ.
හොරු හොරකමේ යන්නේ සමගියෙන් තමයි. වැඩේ හොඳට යනකන් සමගිය තිබේවි...!!! එක් අයෙක් මාට්ටු වුණාම සමගිය බලතැහැකියි. ඒත් එහෙම වෙන්නේ නැහැ, වහල්ලු ඉන්නකම්....
සහෝදරයෝ බලවත් වෙලා ඉන්නේ පුන්නක්කු බයියන් නිසා.
මේ අයට යනඑන මං නෑ... දැන් බලනවා කොහොම හරි ඔලුව දාගන්න තැනක්...
ඒ දෙන්නා සමගිවෙලා ඉන්න එපෑයැ.
රාජපක්ෂලා එකතු වෙලා ඉන්නේ බෙදා හදාගෙන බදාගෙන ඉහගෙන කන්ඩ මිසක් අහවල් කෙණ්ගෙඩියකටද? අපි නොදන්නවා නෙවෙයි පවුලේ අය එකතු වෙලා කරපු හරිය.. එයාලාගෙන් ඉගෙන ගන්න වෙන්නේ හොරකම, වංචා, දූෂණ, ඝාතන, අතුරුදහන්, කපටි, කෛරාටික හොර වැඩ, බලලෝභය මිසක් වෙන මොනවද?.