IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


ඌවේ සනීපාරක්ෂාව නැති උපකාරක පන්තිවලට මුද්‍රා තැබීමට නියෝග

(විජේරත්න රත්නායක)

ඌව පළාතේ සියළු උපකාරක පන්ති හා පෞද්ගලික පාසල් හදිසි පරීක්ෂාවකට ලක්කර ළමුන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් නිසිලෙස කටයුතු කර නොමැති සියළු පෞද්ගලික පාසල් හා උපකාරක පන්තිවලට මුද්‍රා තබන ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න මහතා පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

මේ වන විට පළාත තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පිටුදැකීම උදෙසා ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගෙන ඇත.

ඌව පළාතේ පාසල් සිසු සිසුවියන් ගණන 2,86,414 ක් පමණ වන අතර ඉන් සියයට 90 ක් පමණ උපකාරක පන්තිවලට සහභාගී වන බවත් එසේ ළමුන් විශාල වශයෙන් එක් රොක් වන ස්ථානවල සනීපාරක්ෂක කටයුතු හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව සෑහීමකට පත්විය යුතු බැවින් වහාම ඒ සම්බන්ධව හදිසි වැටලීම් සිදුකොට පරීක්ෂා කරන ලෙසත් ආණ්ඩුකාරවරයා පළාත් පාලන කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා ඇත.

එහිදී ඌව පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හා ප්‍රජා පොලීසියේද සහයෝගයෙන් පළාතේ සියළු උපකාරක පන්ති හා පුද්ගලික පාසල් හදිසි පරීක්ෂාවකට ලක්කර එහිදී අදාළ ස්ථානවල මදුරුවන් බෝවන ස්ථාන පවතී නම් එම ආයතනයට එරෙහිව නඩු පවරන ලෙසත් උපකාරක පන්තිවල සිසුන්ට ප්‍රමාණවත් ඉඩකඩ, නිසි වාතාශ්‍රය, පන්ති තුළ හා අවට පවිත්‍රතාවය, වැසිකිළි කැසිකිළි පහසුකම් ආදී සියල්ල පරීක්ෂාවට ලක්කර කිනම් අයුරකින් හෝ ළමුන්ගේ සනීපාරක්ෂාවට හානිකර ලෙස පවත්වාගෙන යන උපකාරක පන්ති වහාම තාවකාලිකව තහනම් කරන ලෙස ඉන් දැනුම්දී ඇත.

එම වැරදි සහිත ආයතන බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාළ වැරදි නිවැරදි කර ඒ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව පමණක් යළි එම පන්ති පවත්වාගෙන යාම සඳහා අවසර දෙන ලෙසද ආණ්ඩුකාරවරයා සිය ලිපියෙන් දන්වා තිබේ.

 



අදහස් (8)

ඌවේ සනීපාරක්ෂාව නැති උපකාරක පන්තිවලට මුද්‍රා තැබීමට නියෝග

narada Thursday, 31 October 2019 04:07 PM

මොන දේශපාලන පක්ෂේ උනත් අපි හොඳ දේට හොදයි කියනවා.

:       0       16

Ruhunu Thursday, 31 October 2019 05:34 PM

හොද තීරණයක්. මොකද සමහර උපකාරක පන්ති පවත්වගෙන යන්නේ ගවමඩු වගේ.

:       0       17

චමින්ද Friday, 01 November 2019 12:29 AM

ආණ්ඩුකාරවරයා දන්නේ නැද්ද පාසැල් ළමුන් වැඩිපුර උපකාරක පංතිවලට යන්නේ පාසැලේදී හරියට ඉගැන්වීමක් නොකරන නිසාත් සමහර පැසැල් ගුරුවරු දරුවන්ට පංති පැවැත්වීමත් ඒවාට යන්න බලකිරීමත් නිසා කියලා. ඒ අතරම සමහර උපකාරක පංතිවල ගුරුවරු හරියට අධ්‍යාපනයක්වත් නොලැබූ අයයි. උපකාරක ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසකම්ද පරීක්ෂා කරවන්න.

:       2       9

sharm warn Friday, 01 November 2019 04:03 AM

ඔව් ඔව්. සජිත් එක්ක ලේසි වෙන්නේ නැහැ. එයාට හොදටම තරහ ගිහින් මළ කෙලියක් වෙයි. පරිස්සම් වෙන්න ළමයි.

:       11       0

gural Friday, 01 November 2019 06:21 AM

ඉතාම හොද අදහසක්. සියලුම පළාත්වල ආණ්ඩුකාරවරු හෝ කිසියම් බලධරයෙක් විසින් හෝ ක්‍රියාත්මක කළයුතු දෙයක්. විශේෂයෙන්ම කුරුණෑගල නගරයේ.

:       0       15

Saman gunasekara Friday, 01 November 2019 06:59 AM

නුගේගොඩ රොටරි ශාලාවේත් මෙම නරක තත්වය ඇත. සිසුන් සංඛ්‍යාව අනුව ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට සංවිධායකයින් අපොහොසත් වී ඇත. බලධාරීන් නිහඩය.

:       0       13

sampath Friday, 01 November 2019 11:34 AM

පාසල්වලම උපකාරක පන්ති පටන්ගත්තොත් ඔය ප්‍රශ්නේ ඉවරයිනේ පොඩි බද්දකුත් අය කරනවා.

:       0       0

S.l.Amarasekara Sunday, 03 November 2019 04:18 PM

ඉතාම හොඳ වැඩක්.. අනාරක්ශිත පෙරපාසැලුත් පරීක්ෂා කරානම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විමලසුරේන්ද්‍ර වාන් දමයි
2024 ජුලි මස 13 14 0

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (13) දින උදැසන සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමීමට පියවර


මන්ත්‍රී ඩිලාන් ගිය රථය අනතුරක
2024 ජුලි මස 13 260 0

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලො මිටර් 28 දශම 1 කළුතර දකුණ පොලිස් ව


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට
2024 ජුලි මස 13 677 4

ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු


ඉම්රාන්ගේ විවාහය නීතිවිරෝධි නැහැ
2024 ජුලි මස 13 867 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවන බව එරට අධිකරණය තීන්දු කර ඇත.


අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට
2024 ජුලි මස 13 509 3

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධි


බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක
2024 ජුලි මස 13 1864 6

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 903 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1785 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3744 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site