(එෆ්.අස්ලම්)
බුර්කාව පැළදීමේ තහනම හදිසි නීතිය යටතේ ඉවත්ව ගියද ඌව පළාත තුළ එම තහනම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තමන් පොලිසියට උපදෙස් දී තිබෙන බව ඌව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
මේ අනුව ඌව පළාතේ කිසියම් හෝ ස්ථානයක යමෙකු බුර්කාව පැළඳ ගැවසී සිටින්නේ නම් ඔවුන්ව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුවනු ඇතැයිද ආණ්ඩුකාරවරයා පැවසීය.
ඌව ප්‍රජා ගුවන් විදුළි සේවය සමගින් සිදුකළ සජීවී සංවාදයකට එක්වෙමින් බුර්කා තහනම හා ජාතික ආරක්ෂාව පිළිබද නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුකාරවරයා මේ අදහස් පළකර සිටියේය.
“ආගමක් වෙනුවෙන් රටත් ජාතියක් ජනතාවත් පරදුවට තබන්න බැහැ. මම අන්තවාදියෙක් නෙවෙයි. මෙරට මුස්ලිම් ජනතාවට අමාරුම අවස්ථාවේ මම ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධවත් පෙනී සිටපු කෙනෙක්. මුස්ලිම් වේවා බෞද්ධ වේවා දෙමළ වේවා ඔය කියන කුමන ආකාරයේ අන්තවාදයකටත් මම විරුද්ධයි.
COMMENTS
පිට කොන්ද තියෙන එක සිංහලයෙක් දකින්න ලැබීම වාසනාවක් ... බුර්කාව අපිට අවශ්‍ය ම නැහැ කොහොමටවත් . බුර්කාවෙන් වහගෙන කරපු තරම දැන් කාටත් අමතක වෙලා යමින් තියෙනකොට තමන්ගේ වගකීම අමතක නොකරපු ඔබට අපේ ප්‍රණාමය .
බුර්කාව ආරක්ෂාවට තර්ජනයක් ලියල කව්ද කියා තියෙන්නේ??? ඔබ තුමා නීතියටත් එහා ගිහින් ආරක්ෂාව දෙන්න හදන්නේ ඔය වගේ මිනිස්සු හින්ද තමයි නැති දේවල් රටේ ඇතිවෙන්නේ . රටේ අනිත් පැතිවලට ප්‍රශ්නයක් නැතිනම් ඔබට විතරක් මොකද ???? රටේ නීතිය හැමෝටම සමාන වෙන්න ඕන . ඔය කියන හැම අවස්ථාවකම.
මෙන්න නියම වැඩ.
බුර්කාව යනු ත්‍රස්ථවාදි හෝ අාගමික ප්‍රශ්නයක් නෙමේ.ඒ්ක ඉන් ඒහාට ගිය අැතැම් විට කෙනෙකුට මානසික ගැටලුවක් විය හැකියි.මම මීට වසර දෙකකට පමණ පෙර දෑසින්ම දුටුව සිද්ධියක් මතකයට නැගෙනවා.මුළු සිරුරම අාවරණය වන ලෙස බුර්කාවකින් සැරසි අයෙකු බසයක වාඩිගෙන යන විට ඒම අසුනෙහිම මවක් සමග සිටි වයස අවුරුදු 4ක පමණ පිරිමි ළමයෙකු යටිගිරියෙන් කෑ ගසා හැඩුවා.ඒ් තරුණ මව ඒ් මොහොතෙහි පුදුම අපහසුතාවයකට පත් වෙලා සිටියා.අවසානයෙහි දරුවාගේ හැඩීම නතර වූයේ ඒ මව අර බුර්කාව පැළදි කාන්තාවගෙන් ඉදිරියට ගොස් අසුනක වාඩිවූවායින් පසුවයි.මම හිතන්නෙ සම්ප්‍රදායන් හෝ අයිතිවාසිකම්වලට අප ගරු කළ යුතු වුවත් එය සෑම විටම අනෙක් පුද්ගලයාගේ නිදහසට බාධාවක් නොවිය යුතු බවයි.
ඉදිරියේදින් අනිවාර්යෙන් ලංකාවේ බුර්කා තහනම් කරන්න සිද්ධ වෙනවා. ඔයාලට මේ රටේ ඉන්න පුලුවන්නම් අනිත් අය වගේ ඉන්න පුරුදුවෙන්න. නැත්නම් අරාබියට යන්න. මේ රටට මේ දේවල් අවශ්‍ය නැත. මේ වරද ඉතින් අපේ මුතුන් මිත්තන් ඔයාලව විස්වාස කළ එක. තව මාස තුනකින් ඔයාලට ඕන විදිහට නටන්න අමාරු වෙන බව තේරුම් ගන්න.
ඔය බුර්කාව1990 ට පෙර ශ්‍රී ලංකාවේ භාවිත වුයේ නැහැ නේද ? ඉරානයේ අල් කුමෙයිනිගෙන් පසු නේද මෙහෙ ඉන්න, මැදපෙරදිග අය අනුගමනය කරන අය අපේ රටේ මුස්ලිම් කතුන්ටත් ඕක පළඳින්න බල කළේ ? මේ වැන්නක් පළඳින්න කියා ඉස්ලාම් ආගමේ කියලවත් නැහැ නේද ? සෝදා ගැනීමට ජලය ක්ෂණිකව ලබා ගැනීමට නොහැකි නිසා , මැද පෙරදිග අනපේක්ෂිත වැලි දූවිලි කුණාටුවලින් ආරක්ෂා වීමේ උපක්‍රමයක් ලෙසින් නේද මුළු සිරුරම ආවරණය කරගත්තේ ? අපේ රටේ එහෙම විපත් නැහැ නේද ? මේවා මේ රටට නොගැලපෙන දේවල් නේද ? නැති සංස්කෘතියක් ඇති කිරීමට යාමෙන් අනවශ්‍ය ගැටුම් ඇතිවෙනවා නේද ? යන්තම් කනක් ඇහිලා හිටියා, දැන් ආයෙත් පටන්ගන්නද හදන්නේ ?
බුර්කාව ලංකාවෙන් තුරන් කළ යුතුයි, නැතිනම් මෙය හේතු කොටගෙන තවත් මහා විනාසයක් අත ළඟ බවනම් පැහැදිලියි.සෞදි අරාබියාවේ සියයට පනහක් පමණ ඔය කියන බුර්කාව අදින්නේ නැත. ලයික්, ඩිස් ලයික් ගැන හිත හිතා අදහස් පළ කරන්න බැහැ. අනාගතය ගැන හිතලා අදහස් පළ කරන්න.
හලෝ ඔබ ජාතිවාදියෙක් නොවෙන්නේ දේශපාලුවෙක් නිසයි. සිංහල අපි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින ජාතිවාදියෝ. එ්ක නැවත කරන්න වයිමාටවත් බැරිය.
ලංකාවේ මුස්ලිම්, දෙමල ඕනෙ කෙනෙක්ට නිදහසේ ඉන්න අයිතිය තියනවා. නමුත් අනවශ්‍ය විදියට තමන්ගේ ජාතිය උලුප්පා පෙන්නන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මේරට සිංහල බෞද්ධ රටක්, ඕනෑ කෙනෙක්ට නිදහසේ ඉන්න පුළුවන්... අපි අරාබියට ගිහින් බුදුන් වැන්දොත් හිමි වන්නේ මරණ දඬුවම. නමුත් ලංකාවේ එහෙම නැහැ. ඒ බුද්ධ දර්ශනය නිසා එ්ක අනිත් ජාතිකයන් නොපිළිගත්තත් ඇත්ත එ්ක තමයි. බුර්කාව ලංකාවට අාවේ මේ මෑතකදී. සුළු ජාතීන්ට මහා ජාතිය සමග මුහුවෙන්න බැරි නම් ඇත්තටම එයාලා එයාලගේ මුරට කියලා හිතන් ඉන්න දිහාවකට යන එක හොඳයි. විශ්ව විද්‍යාලයේ මම දන්නා මුස්ලිම් ගැහැණු ළමයෙක් හිටියා.. එයා හිතන්නේ එයාගේ මව් රට අරාබිය කියලා.. නමුත් එයා ඉගෙන ගන්නේ ලංකාවේ ජනතාවගේ සල්ලි වලින්. මේක සුළු ජාතික නායකයින්ගේ ඉඳන් එන ප්‍රශ්නයක්... මුලින්ම ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ..