IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


‘ඌව පළාත් සභාවේ-පළාත් පාලන ආයතනවල වාහන 30ක් මැතිවරණ ප්‍රචාරණයට අරන්‘

(එෆ්.අස්ලම්)


ජනාධිපතිවරණය වෙනුවෙන් ඌව පළාත් සභාවට හා  පළාතේ පළාත් පාලන ආයතනවලට අයත් වාහන 30කට ආසන්න සංඛ්‍යාවක් නීතිවිරෝධී අන්දමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිතා කරන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

පළාත් පාලන ආයතනවල නගරාධීපතිවරුන් දෙදෙනකු ඇතුළු සභාපතිවරුන් 28 දෙනෙකු මෙලෙස රජයේ වාහන මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිතා කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල මහනගර සභා මන්ත්‍රී නන්දන කැළුම්සිරි හපුගොඩ මහතා පවසයි.

හපුගොඩ මහතා විසින් මේ පිළිබද සවිස්තරාත්මක පැමිණිල්ලක් පසුගියදා(29) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙතද යොමුකර තිබේ.

ඌව පළාත් සභාව විසුරුවා හැර ඇතත් පළාත් සභාවෙන් වාහන ලබාගත් මැති ඇමැතිවරුන් මේ වනතෙක් එම වාහන බාර නොදී මැතිවරණ කටයුතු සදහා යොදවන බවත් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් ද එලෙස වාහන අවභාවිතාවන් සිදුකරන බවත් හපුගොඩ මහතා විසින් කරන ලද පැමිණීල්ලේ වැඩිදුරටත් සදහන් ය.

එමෙන්ම පළාත් පාලන ආයතනවලට අයත් වාහන එම ආයතනයෙන් පරිභාහිර දේශපාලන අධිකාරිය විසින් පරිහරණය කරන බව දක්නට ලැබෙන බවත් සොරණාතොට ප්‍රාදේශීය සභාවට අයත් කැබ්රථය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් මැතිවරණ ප්‍රචාරය සඳහා යොදාගැනීම පෙන්වා දිය හැකි බවත් එහි සඳහන් ය.

මෑතකදී පළාත් පාලන ආයතනයක උප සභාපතිවරයකු පෝස්ටර් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බවට මාධ්‍ය තුළින් වාර්තා වූ බවත් ඒ අවස්ථාවේදී උප සභාපතිවරයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ එම පෝස්ටර් තමා ප්‍රවාහනය කරන ලද ඒවා නොව තමන්ව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් කිසිවකු ගෙනදැමූ ඒවා බවය.

ඒවායෙන් පෙනී යන්නේ රජයේ වාහන දැඩිව මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් යොදාගන්නා බව පෙනී යන බවත් එම නිතිවිරෝධී ක්‍රියා වැළැක්වීමට නම් රාජ්‍ය ආයතනවලට අයත් වාහනවල රාජ්‍ය ලාංඡනය හා නම මුද්‍රණය කිරිමට එම ආයතනවලට කඩිනමින් උපදෙස් ලබාදීම, රාජකාරී කටයුතු සඳහා වාහන භාවිතා කිරීමේදී වාහනය වෙන්කරගත් නිලධාරියා හෝ නිලධාරීන් නොවන අය වාහනයේ තබා නොගැනීමට ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් දීම, රාජකාරි කටයුතු සඳහා වාහන භාවිතා කිරීමේදී එම වාහන වෙන්කරගත් නිලධාරියා හෝ නිලධාරීන් වාහනය වෙන්කර ගැනීමටට බලය ලබාගත් ලිපියේ පිටපතක් නිලධාරියා සන්තකයේ තබාගැනීම, ජනාධිපතිවරණය නිමවන තෙක්ම සෑම රජයේ වාහනයක්ම නිරීක්ෂණයට ලක්කිරීම සහ ඉහත උපදෙස් නොපිළිපදින වාහන,රියදුරු මහතුන්,නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම යන යෝජනා  ක්‍රියාත්මක කළයුතු බවද මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් අවධාරණය කර සිටීයි.



අදහස් (2)

‘ඌව පළාත් සභාවේ-පළාත් පාලන ආයතනවල වාහන 30ක් මැතිවරණ ප්‍රචාරණයට අරන්‘

Rata Perata Tuesday, 12 November 2019 11:09 AM

අපේ රටේ නීති තියෙනවනේ. මේවා කරන අයව අල්ලලා ගාල් කරන්න.

:       0       1

athula Tuesday, 12 November 2019 11:50 AM

එක දෙයයි කරන්න ඕනේ. ඕවා කරන කෙනාගේ පක්ෂයේ ප්‍රධානියා දිනුවොත් එම දිනුම අවලංගු කරන්න ඔහුට බලය තියෙනවා. ඒක එතුමා කලින් දැනුම් දීලත් තියෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 891 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 991 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site