(එෆ්. අස්ලම්)
13 ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි ආකාරයෙන් දෙමළ පාසල් සඳහා වෙනම අමාත්යංලශයක් පිහිටුවීමෙන් ගුරුවරුන් හා සිසුන් අතර ජාතිවාදය පැතිරී රට විනාශයට පත්වීමේ අවධානමක් ඇති වී තිබෙන බවත් ඌව පළාතේ පමණක් පිහිටුවා ඇති දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය වහා අහෝසි කළ යුතු බවත් ලංකා ගුරු සේවා සංගමයේ මහ ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.
ලංකා ගුරු සේවා සංගමය මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවන්ට සහ නෛතික ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ඌව පළාතේ දෙමළ පාසල්වල සේවය කරන සියලු සිංහල ගුරුවරුන් ඉවත් කරන බවට ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් කරන ලද ප්‍රකාශය හා අධ්‍යාපන බලධාරීන්ට දෙන ලද නියෝග සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය බදුල්ල අධ්‍යාපන සමූපාකාර සමිතියේ දී අද (3 මාධ්ය් සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා මෙසේද කීය.
“පසුගිය දවස්වල මාධ්‍ය මගින් අපිට දැනගන්නට ලැබුණා ලංකාවේ කිසිදු පළාත් සභාවක නැති ඌව පළාත් දෙමඅධ්‍යාපන ඇමති සෙන්දිල් තොන්ඩමන් විසින් ඌව පළාතේ දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරුන් ඉවත් කරන්න ඕන කියලා කළ ප්‍රකාශය. එය ඉතා බරපතල ප්‍රකාශයක්. එක පැත්තකින් මේ ආණ්ඩුව නිතරම දොඩවන සංහිදියාව සම්බන්ධ ප්‍රශ්නයක් ඒ හරහා මතුවෙනවා.
අනිත් පැත්තෙන් ලංකාවේ කිසිදු පළාත් සභාවක හෝ මධ්‍යම රජයේ හෝ දෙමළ අධ්‍යාපන ඇමතිවරු කියල ජාතියක් නැහැ. ඉන්නෙ අධ්‍යාපන ඇමතිවරු. අධ්‍යාපන අමාත්‍යංශයේ ඉන්නවඅධ්‍යාපන ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක් සහ රාජ්‍ය ඇමතිවරයෙක්. පළාත් සභාවල ඉන්නවා පළාත් අධ්‍යාපන ඇමතිවරයෙක්. පුද්ගලයා දෙමළද සිංහලද කියන එක නෙවෙයි අදාළ. දෙමළ අධ්‍යාපන ඇමතිවරු කියල ජාතියක් නැහැ. නමුත් ඌව පළාතේ ඉන්නවා දෙමළ අධ්‍යාපන ඇමතිවරයෙක්.
ඌව පළාතේ දෙමළ අධ්‍යාපන ඇමතිවරයෙක් නිර්මාණය වුණේ කොහොමද? ඔබට මතක ඇති 2018 ජනවාරි 03 වනදා බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියගේ සිද්ධිය. ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා රගුනාත් භවානි මහත්මිය තමන්ගේ නිල නිවසට ගෙන්වාගෙන නීති විරෝධී විදිහට දේශපාලන පාක්ෂිකයෙකුගේ දරුවෙකු පාසලට අරගත්තෙ නැහැ කියල ඇයට පරුෂ වචනයෙන් බැණල දණගස්වලා තිබුණා. ඇය ලවා වන්දවාගෙන තිබුණා. මෙම සිද්ධියට ලංකාව පුරා විරෝධතා පැවැත්වුණා. ලංකා ගුරු සේවා සංගමය විදිහට බදුල්ලෙදී අපිත් උද්ඝෝෂණ විරෝධතා පැවැත්වුවා. මේ විරෝධය එක්ක ජනාධිපතිවරයා තාවකාලිකව ඇස් බැන්දුමක් විදිහට ඌව පළාතේ මහ ඇමති චාමරව අධ්‍යාපන අමාත්යා ධූරයෙන් ඉවත් කරනු ලැබුවා. පසුව ඔහුට අධ්‍යාපන අමාත්‍ය ධූරය නැවත ලබාදෙන අතර ඌව පළාතඅධ්‍යාපන අමාත්‍යංශයේ දෙමළ මාධ්‍ය පාසල් පමණක් සෙන්දිල් තොන්ඩමාන්ගේ අමාත්‍යංශයට පවරනවා. මෙය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මකයි.
සෙන්දිල් තොන්ඩමාන්ට සියලු පාසල් දුන්නා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. අපිට ඒ සම්බන්ධයෙන් විරෝධයක් නැහැ. මොකද කොයි ඇමතිවරයත් එකයි. මොකද සමහරු ඉන්නවා සාමාන්යඅ පෙළවත් සමත් නැති අය. ඒ නිසා සෙන්දිල් තොන්ඩමන්ට හෝ වෙන ඇමතිවරයෙකුට අධ්‍යාපන ඇමතිධූරය ලබාදුන්න නම් අපිට ගැටළුවක් නැහැ. මුස්ලිම් පාසල් ටිකත් ඉවත් කරලා දෙමළ මධ්‍යම පාසල් පමණක් සෙන්දිල් තොන්ඩමන්ට පවරනවා මේ සිද්ධිය පදනම් කරගෙන. මෙන්න ජනාධිපතිවරයා තීන්දු ගන්න විදිය. මෙය කැකිල්ලෙ තීන්දුවක්.
එතැනින් පස්සෙ සෙන්දිල් තොන්ඩමන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට විවිධ බලපෑම් කරනවා, දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල ගුරුවරුන් ඉවත් කරන්න කියලා. එදා රගුනාත් භවානිව විතරයි චාමර සම්පත් දසනායක තමන් ළඟට ගෙන්වාගෙන වන්දවා ගත්තේ. අද සෙන්දිල් තොන්ඩමාන් සියලු දෙමළ ගුරුවරුන් තමන්ගෙ ළඟ දණගස්සවා ගන්නවා. ඔවුන් අද ඔහු ළඟට යන්න ඕන ස්ථාන මාරු සඳහා. අද මුළුමහත් ඌව පළාතේම දෙමළ ගුරුවරු ඔහු ඉදිරියේ දණගස්වන මට්ටමට පැමිණ තිබෙනවා.
මේ ක්‍රියා පිළිවෙළ වැරදියි. අපි එයට විරුද්ධත්වය පළකරනවා. ඌව පළාතේ දෙමළ කලාප අධ්‍යක්ෂකවරු පත්කරන්නයි දැන් ඔහුගේ සූදානම. දෙමළ පළාත් අධ්‍යක්ෂකවරයෙක්, දෙමළ අධ්‍යාපන බලධාරීන් කියා කොටසක් වෙනම පත්කර ගන්න. එක පැත්තකින් වැරදි ක්‍රියාමාර්ගයක් ගන්නවා ජනාධිපතිවරයා. අනිත් පැත්තෙන් ඒ වැරදි ක්‍රියාමාර්ගය පදනම් කරගෙන පනින රිළවුන්ට ඉණිමං තිබ්බා වගේ සෙන්දිල් තොන්ඩමන් බඩ පිනුම් ගහන්න පටන් අරගෙන තියෙනවා.
අපි ජනාධිපතිවරයාට කියනවා වහාම මේ කටයුත්ත හකුලා ගත යුතුයි. ඌව පළාතේ අධ්‍යාපන ඇමතිධූර සියල්ල එකට ගතයුතුයි. අපි කිසිසේත් එකඟ නැහැ චාමර සම්පත් දසනායකට මේ ඇමති ධූරය දෙනවට. ඔහු කිසිවිටක ඒ ඇමතිධූරය දරන්න සුදුසු නැහැ. මේ අධ්‍යාපන ඇමතිධූරයට දෙමළ, මුස්ලිම්, සිංහල සියලු පාසල් එක අමාත්‍යංශයක්, අමාත්‍යවරයෙක් යටතට පත්කළ යුතුව තිබෙනවා. මේ නිසා පරිපාලනය අවුල් ජාලාවක් බවට පත්කරලා, පරිපාලන හා විවිධ ගැටළු මතුවෙලා තියෙනවා. වහාම මේ අමාත්‍යංශය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ලෙසින් ඒකාබද්ධ කරන්න ඕන කියල අපි කියනවා.
එහෙම නැත්තම් ඉදිරියේදී මේ ගුරුවරු වෙනුවෙන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න අපිට සිදුවෙනවා. ලංකා ගුරු සේවා සංගමය විදිහට අපි ලෑස්තියි ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් වෙන්න.
අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර බරපතල විරසකයක් නිර්මාණය වුණා. නැවත වතාවක් ජාතිවාදී විදිහට අමාත්‍යංශ බෙදමින් අමාත්‍යංශවල වැඩ කරමින් මේ සූදානම් වෙන්නේ නැවතත් ජාතිවාදය අවුස්සන්නයි. සිංහල දේශපාලකයො සහ දෙමළ දේශපාලකයෝ ජාතිවාදය අවුස්සමින් සංහිදියාව කියන වචනයට මුවාවෙලා සංහිදියාව කැඩෙන වැඩයි කරන්නේ.
මේවාට ආණ්ඩුව වගකියන්න ඕන. විශේෂයෙන් ජනාධිපතිවරයා. ඌව පළාත් සභාව කියන්නෙ සන්ධානයේ පළාත් සභාවක්. එනිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා. මොකද මධ්‍යම ආණ්ඩුවට යටත් පළාත් ආණ්ඩු. පළාත් ආණ්ඩුවල ඇමතිවරුන්ට ඕන ඕන විදිහට පිස්සු නටන්න ඉඩ තියන්න බැහැ. එහෙම පිස්සු නටනව නම් අපි ලෑස්තියි ඒවාට අභියෝග කරන්න.
දැනටමත් උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න අසාධාරණ විදිහට නිවත්තකචේතිය මහ විදුහලේ විදුහල්පතිවරයා ස්ථාන මාරු කරා. ඊට එරෙහිව අපි උසාවි ගියා. අවසානයේ පේෂල ජයරත්නට සිදුවුණා ලක්ෂ පහමාරක වන්දියක් ගෙවල එම විදුහල්පතිවරයාට නැවත එම පාසලම ලබා දෙන්න. බදුල්ල දෙමළ බාලිකා විදුහල්පතිනිය දණගැස්වීමට එරෙහිවත් අපි උසාවි ගිහිං තියෙනවා. අපි විශ්වාස කරනවා හොඳ තීරණයක් ඒ සඳහා ලබා දෙයි කියලා. ජාතිවාදී උවදුර පරද්දන්න ගතයුතු, ගතහැකි සියලු ක්‍රියාමාර්ගවලට යන්න අපි ලෑස්තියි. ”
ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්ද ?
පිළිතුර - මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කරනවා. මේ අමාත්යාධූරය එක අමාත්‍යවරයෙකු යටතට පත්කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. එසේ නොවුණොත් අපි උද්ඝෝෂණ හා නෛතික ක්‍රියාමාර්ග දක්වා යනවා. පැහැදිලිවම මේක නීති විරෝධීයි. වෙන මොකක් හරි අමාත්‍යංශයකට අමුණනවා අධ්‍යාපනයේ දෙමළ කොටස. මෙහෙම පවරලා කොහොමද අමාත්‍යංශ කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා තියෙනවා.
අමාත්‍යවරයාගෙන් මේ ගුරුවරු ඉවත් කරන්න ඉල්ලීමක් කළේ තමන් නෙවෙයි කියල භවානි රගුනාත් විදුහල්පතිනිය මා එක්ක පැවසුවා. අධ්යාොපන බලධාරීන් කවුද කියල අපි දන්නෙ නැහැ. නමුත් එහෙම ඉල්ලුවා කියල මේ විදිහට ඉවත් කරන්නත් බැහැ. පාසලේ විදුහල්පතිනිය හරි වෙනත් ගුරුවරියක් ඉල්ලුවහම කොහොමද එහෙම මාරු කරන්නේ? ඒ විදුහලේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්නේ සිංහල ගුරුවරු. ඒක මහලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද දෙමළෙන් ඉංග්‍රීසි උගන්වනවට වඩා ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි උගන්වීමයි හොඳම. කිසිදු තර්කයක් පදනමක් නැති විදිහට දෙමළෙන් උගන්වන්න බැරි නිසා අයින් කරනවා කියල ඇමතිවරයා කතා කරල තිබුණා. ජනාධිපතිවරයා කඩිනමින් මේ ගැන අවධානය යොමු කරලා ක්‍රියාමාර්ග ගත යුතුයි.
දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 9.30ට රැස්වෙයි.
ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවක
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැර
දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ අනුරාධ ජයරත්න මහතා නම් කරනු ලැබ සිටී.
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඌව පළාතේ දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය වහා අහෝසි කරන්නැයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලයි
Nuwan Sunday, 03 February 2019 09:44 AM
අන්තර්ජාතිකය පිනවන්න මේ ගොන් ආණ්ඩුව සංහිඳියාව කියලා එකක් ගෙනැල්ලා පනින්න බලන් ඉන්න රිලවුන්ට ඉනිමන් තිබ්බා. කරන්න තිබුනේ නීතිය හැමට එක සමානව ක්‍රියාත්මක කිරීම. දැන් බැරි වෙලාවත් සිංහල දේශපාලකයෙක් දෙමළ ගුරුවරුන්ට ඉවත් වෙන්න කිව්වා නම් NGO කාක්කෝ මැරෙන්න හදයි... සංහිඳියාව නගා සිටුවන්න තව ඩොලර් ඉල්ලලා. සිංහල දරුවන්ට දෙමළ උගන්වන්න අමතර පීඩනයක් දානවා. නමුත් ඕකේ අනිත් පැත්ත වෙනවද? මේක සිංහල බෞද්ධ රටක් එකේ අනිත් සුළු ජාතින්ටත් නිදහසින් ජීවත්වෙන්න පුළුවන්.. නමුත් වෙනම රටෙන් කොටස්, වෙනම නීති, අනන් මනං ඕනේ නම් ආපු අතක් බලාගෙන යන්න පුළුවන්... මේක දැන් වතුර උතුරන නටන තැනට ඇවිත් තියෙන්නේ...
Akila Sunday, 03 February 2019 09:47 AM
ඉතුරු වූ රතිඤ්ඤා තියෙනවා නම් පත්තු කරලා ලැබූ ජයග්‍රහණය සතුටින් සමරන්න පුළුවන්...
Upul Sunday, 03 February 2019 12:00 PM
උතුරේ තියෙන පන්සල් වල බලෙන් කෝවිල් හදන්න යනවා.. ෆෙඩරල් ඕනෙලු. නැගෙනහිර නීති විරෝධී වැඩ නවත්වන්න බැහැ. හමුදාවට, පොලිසියට ගහනවා. මේවා තව ඔඩුදුවනකන් බලන් ඉන්නවද? නැද්ද? කියන එක ඔබේ ඡන්දෙන් තීරණය කරන්න. වඳින්නම් මිනිස්සුනේ.. නිල්, කොළ, රතු කියලා පිල් බෙදිලා මරා ගන්න එපා. රටේ අනාගතය ගැන තමුන්ගේ දරුවන් ගැන හිතලා වැඩ කරන්න.
nalanda Sunday, 03 February 2019 12:36 PM
මේ මිනිස්සු මෑත කාලීනව ඉන්දියාවෙන් ආපු දෙමළ මිනිස්සු.. එ්කයි ඉන්දියානු දෙමළ කියන්නේ.. ඒ වගේම උතුරේ දෙමළ අය 13වන සියවසේ කාලිංග මාඝ වගේ ආක්‍රමණවලින් ඇවිත් පදිංචි වූ අය.. මේ දෙගොල්ලන්ටම සිංහල බෞද්ධ රටේ පාඩුවේ ඉන්න දුන්නු එකේ ගෞරවයත් තියන්න දන්නේ නැහැ. උතුරේ අයට වෙනම පාලනයක් ඕනෙලු. මේ ගොල්ලන්ටත් සිංහල එපාලු. පුදුමාකාර ජාතියක්..!
Hafeel Sunday, 03 February 2019 02:01 PM
මේක මෛත්‍රී - රනිල්ගේ සංහිඳියාව. මේ පළාත් සභා ක්‍රමයෙන් බලය බෙදීමක් පේන්න නම් නැහැ. ඒ වෙනුවට ජාතීන් අතර බෙදීම් ඇති වෙලා තියන්නේ. උතුරු නැගෙනහිරට සීමාවූ ජාතිවාදය, අද උෟවටත් පැතිරිලා.
prabha Monday, 04 February 2019 12:03 AM
පඹයෙක් නායකයෙක් කරගත්තේ ඔය දේවල් කරගන්න තමයි. දැන් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇදගන්න බලමු..
dhammika Monday, 04 February 2019 03:45 AM
සිංහල අයට මොළේ නෑ කියන්නේ ඕක තමයි. කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ. මෙහෙම ඉල්ලන දේවල් දෙන්න ගියොත් රට මැදිනුත් වෙනම පාලනයක් ඉල්ලයි.