IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්

(එෆ්.අස්ලම්)

සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති   ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ    සිදුව  තිබෙන  දූෂණ හා අක්‍රමිකතා  හේතුවෙන්  පළාත් සභාවට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් සිදුව ඇතැයි පළාත් විගණන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.

මෙකී දූෂණ අක්‍රමිකතාවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඍජු අධීක්ෂණය යටතේ හෝ නිහඩ අධීක්ෂණය යටතේ සිදුව ඇති බව නිරීක්ෂණය වන බවට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දෙමින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මේ අනුව ඌව පළාත් ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජ්‍ය සාමාජිකයෙන් හය දෙනෙකුට ලබන 6 වැනිදාට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ලෙසට ද ආණ්ඩුකාරවරයා සිය ලිපිය මගින් තවදුරටත් දැනුම් දී තිබේ.

අනුමත කාර්ය මණ්ඩලයට අමතරව බදවා ගැනීමේ පටිපාටියට පටහැනිව අධිකාරියේ මූල්‍යමය තත්වය නොසළකා සුදුසුකම් නොමැති අය සේවයට බදවා ගැනීම,ප්‍රඥාප්ති සංශෝධනයට පෙර හා පසුව බදවා ගත් කාර්ය මණ්ඩලය වෙත වැටුප් දීමනා ගෙවීමේදී වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොතිබීම හා අධිකාරියේ මූල්‍යමය තත්වය නොසළකා හැරීම,බලපත්‍ර අලුත් නොකර ධාවනය වන බස් රථවල ගාස්තු අය නොකිරීම හා මාර්ග බලපත්‍ර අවලංගු නොකිරීම, බලපත්‍ර අලුත් නොකර ධාවනය වන බස් රථවල ගාස්තු අය නොකිරීම හා මාර්ග බලපත්‍ර අවලංගු නොකිරීම මගින් ප්‍රවාහන අධිකාරිය වෙත හිමිවීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක ආදායමක් අහිමි වීම,මාසික ලොග් බලපත්‍ර ගාස්තුව විධිමත් පරිදි අයකර නොගැනීම මත අධිකාරියේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීම පිළිබද නොසැළකිල්ලක් දැක්වීම,රියදුරු කොන්දොස්තර බලපත්‍ර නිසි පරිදි අලුත් නොකිරීමට කටයුතු කිරීමෙන් අධිකාරිය වෙත ලැබීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක ආදායමක් නොගැනීම යන චෝදනාවන් මෙම පාර්ශවය වෙත එල්ල වී තිබේ.

මීට අමතරව බස් රථධාවනයේදී සිදුවන එක්එක් අඩුපාඩු මත අයකරනු ලබන දඩ මුදල් නියමිත දඩ මුදලට වඩා අඩුවෙන් අයකිරීමෙන් අධිකාරියට පාඩුවක් සිදුකිරීම,බස්රථ සදචහා ටිකට් පොත් අලෙවි නොකිරීම හා බස් රථ හිමියන් ටිකට් පොත් ලබා නොගැනීම මත ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හා ටිකට් පොත් අලෙවියෙන් අධිකාරියට ලැබීමට ඇති අදායමක් අහිමි කිරීම,මාර්ග බලපත්‍ර අළුත් කිරීම,මාරුකිරීම යනාදී කටයුතු වලදී නිසි අනුමැතියෙන් තොරව කටයුතු කිරීම,ඉහත කාරණාවන්ට අනුව අධිකාරිය වෙත ලැබිය යතු දාදායම් ලබානොගැනීමට කටයුතු කිරීම මත කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ගෙවීමට බැංකු අයිරා පහසුකම් හා ණය අත්තිකාරම් ලබාගැනීමට කටයුතු කිරීම,මෙම අධිකාරියේ තීරණ ඝන පූර්ණයක් නොමැතිව ගෙන  යෝජනා අනුමත කර ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් චෝදනා 11ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වෙත එල්ල කර තිබේ.

ඉහත හේතුන් මත ඌව පළාත් ප්‍රවාහන අධිකාරිය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් ද උද්ගත වී ඇතැයි ආණ්ඩුකාරවරයා ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඉහත සඳහන් අක්‍රමිකතාවන් සම්බන්ධයෙන්  ඌව පළාත් ක්‍රීඩා  අමාත්‍යංශ ලේකම් දසයානන්ද රත්නායක, ක්‍රීඩා අමාත්‍යංශයේ ගණකාධිකාරී එච්.එන්.ඩී.ජයලත්,අධ්‍යාපන අමාත්‍යංශයේ ගණකාධිකාරී කේ.ඒ.ඒ.සංජීව,පළාත් පාලන කොමසාරිස් එම්.එම්. විජේනායක,ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය චරිත බන්ඩාර,සහකාර පොලිස් අධිකාරී  ඩබ්.එම්.පී.කේ.වීරසේකර අයට ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

පසුගිය කාලය පුරාම සිදුවූ සිද්ධීන් මෙලෙස ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය මත විමර්ශනයට ලක්ව ඇතැයිද ඌව පළාත් සභාවේ ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි.



අදහස් (1)

ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්

රවින් Thursday, 31 October 2019 12:23 PM

2015 සිට මේ දක්වා ඔය පළාතට ආණ්ඩුකාරවරු කීදෙනෙක් හිටියද? මහඇමති මොනවද කලේ? පිටරට සවාරි කීයක් ගියාද? ඒවායින් පළාතට වූ සේවය ඇගයීමක් කළාද? දූෂිතයන් කොපමණ මහජන මුදල් කොල්ල කාලාද? සවිස්තරව පළකලොත් තමයි පිස්සුවේ තරම හොයාගන්න පුළුවන්...

:       0       72

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

විදුලි බිල දැනෙන්න අඩු කරයි
2024 ජුලි මස 15 3371 11

මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය.


එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි
2024 ජුලි මස 15 4606 14

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ති


කොළඹ පාතාලය පෝස්ටර් යුද්දයක
2024 ජුලි මස 14 6969 11

ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩ


ට්‍රම්ප්ට වෙඩි තියලා
2024 ජුලි මස 14 5195 16

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය.


සරසවි වර්ජනයෙන් පාඩුව කෝටි 1200ක්
2024 ජුලි මස 13 822 10

දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇ


‘‘වැඩිය දඟලන්න එපා‘‘ බූස්ස ලොක්කාට ඩුබායිවලින් ඇමතුමක්
2024 ජුලි මස 12 6174 12

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයා එහි සේවය කරන අතරතුරදි ඔහුගේ කටුනායක ඔහුගේ නිවසට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු තර්ජනය කළේ යැය


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 96 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1820 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site