(අජන්ත කුමාර අගලකඩ)
රජයේ පාසල්වල ඉගෙනුම ලබන අපොස උසස්පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අද(25) උදෑසන රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.
මෙම කැබිනට් සංදේශය ඉකුත් සතියේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර එය සාකච්ඡාවට ගැනීම සතියකින් කල් දමා තිබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති කැබිනට් රැස්වීමේදී එම යෝජනාවට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව රජයේ පාසල්වල අපොස උසස් පෙළ සිසුන් 189,000කට මෙම ටැබ් පරිගණක නොමිලේ ලබාදෙනු ඇත.
අ.පො.ස උසස්පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව ඉකුත් මහ මැතිවරණයේදී ලබාදුන් ප්‍රමුඛත ම ඡන්ද පොරොන්දුවක්ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දුක්ෂර පළාත්වල තාමත් ළමයි ඉගෙන ගන්නේ පොල් අතු මඩුවල. කටුමැටි පන්ති කාමර තුල. පාසලට යන්න ඇදුම්, බෑගයක්, සපත්තු නැතුව ඉන්නවා. කොළබට කිරි අපට කැකිරි තමා...
මේක ඡන්ද ගුන්ඩුවක්.
කීපදෙනෙක් කෝටිපතියෝ වෙයි ඉක්මණින්ම.
ඉස්සෙල්ලා කිවේ මේක නියමු ව්‍යාපෘතියක් කියලා.දැන් මුළු රටටම.ගිලෙන නැවෙන් මියෝ පනිනවා කියනවානේ.ඒ නිසා මේ අවසන් අවස්ථාවේ ගහන්න පුළුවන් ඔක්කොම ගැහිලි ගහලා හොඳට හම්බකරගන්නයි මේ අය උත්සහකරන්නේ.
දුරනොදකින ළඟ දකින අදූරදර්ශි තීරණයක්. දැන් ඔය ටැබ් රෙපෙයාර් කරන්න වෙනකොට අමතර වියදම් එනවා. අනික දැන් විදුලිය ප්‍රශ්න තියේ ගගා මේවා දුන්නහම මේවා චාර්ජ් කරද්දී අනවශ්‍ය විදුලියක් නෙවේද නැති වෙන්නේ. තව ඕන තරම් තියේ කියනවනම්. මේවාට වඩා කොච්චර දේවල් තියේද කරන්න.
අන්න ප්‍රංශේ ටැබ් එපා කියනවා.. මේගොල්ලෝ ළමයින්ගේ මොලෙන් හිතීම නැති කරලා තවත් එක විප්ලවයක් කරන්ඩ යන්නේ
සනාට මොකද රිදිලා තියෙන්නේ. සනා කියන්නකො බලන්න අල්ලස් නොගහා මේ රටේ කරපු එක ව්‍යාපෘතියක නමක්. යල් පැනගිය විෂය නිර්දේශයක් උගන්න උගන්න ඒක ඉගෙන ගත්ත අයගේ තරුණ විරැකියාව 20%ක් තියාගෙන තව ටැබ් දෙනවා. අවංකවම මේ රටේ අධ්‍යාපනය නංවන්න ඕන නම් ඔය යල්පැනපු විෂය නිර්දේශය යාවත්කාලීන කරලා ශ්‍රම වෙලදලේ ඉල්ලුමක් තියන විදියේ නිපුණතා අපේ ළමයින්ට ඇති කරන්න වැඩපිලිවෙලක් හදන්නකෝ නිකං බොරු සංදර්ශන කර කර සල්ලි කන්නේ නැතිව.